අලි සබ්රි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දෙයි…

November 6, 2021 at 10:41 am | lanka C news
අලි සබ්රි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දෙයි…

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම දැනුම් දෙමින් එම ලිපි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ භාරදී තිබේ.

නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙම තීරණය ගෙන තිබිණි.

රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවන් කාර්ය සාධක බලකා හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටලු ඇති කරන්නක් බව සබ්රි මහතා පෙන්වා දී ඇති අතර එම පත්කිරීම පිළිබඳව තමන්ගේ පැහැදීමක් නැති බවද පවසා තිබේ.

නමුත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබා ගැනීමට මිස රටේ නීති සෑදිමට නොවන බවයි.

එමෙන්ම නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ ඇමතිගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

129,789 views

36 Comments to “අලි සබ්රි ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දෙයි…”

  1. Sumith says:

    හයියෝ .. සුළු දෙයක්නෙ. රටේ තව කොච්චර නීතිඥවරු ඉන්නවද

  2. Nariya says:

    Gonaata issella aliya wata panala

  3. Pabodha Katuwandeniya says:

    අපි හරි ආසයි මේ වගේ නාට්ටි බලන්න.. දවස ගානේ අළුත් අළුත් දේවල් අනේ. මේ ස්ක්‍රිප්ට් ලියන්නේ මොළ හතාණෝ ද., අප්පුච්චාණෝද, බූරු පුතාණෝද, ස’ණෝ ද කියලා අපිට පොඩ්ඩක් කියන්න බැරිද

  4. Yaaluwa says:

    Well done! In this matter I agree with you.

  5. Vesamuni says:

    Mission accomplished. Back to base. Old Badiuddin with Sirimavo B., Hameed with JR, Ashroff with Chandrika, Hakeem with MR and Ranil, Ali Sabry with GR……..and so on. How Islamists have flourished with our idiotic leaders.

  6. ගැටුම් ඇති කරන ඇමති says:

    2/3 පොහොට්ටු ආණ්ඩුව ජනතාවගෙන් ඈත් කරවන ඇමති.

  7. calista says:

    අලි සබ්රි අස්වුනා කියා මීහරක් පට්ටියට පාඩුනෑ
    ඕනතරම් මී හරකුන් ඇත අලිසබ්රි උබට ඔහොම නෙවී වෙන්න ඕනේ තොපිකල මීහරක් වැඩ නිසාම අද මුලුරටම මහා අගාදයට පෙරලුනා තොපිට මේව මිහිපිටම පන්සන් දීපියව් රටේ මහා සගවරුන්ටත් ඒකම තමයි තොපි කල
    මේ මහා විනාශයට ජාති ජාතීත් ගෙවාපියව් හොරුන්ට මිනීමරුවන්ට පාතාලයින්ට රට අරගෙන දීල දැන් කිඹුල් කදුලු තොට සාපවේවා