අලි සබ්රි බුදු දහමට විරුද්ද බරපතල සැලසුමක..- නාහිමිවරුන් විශාල පිරිසක් ජනපතිට පැමිණිලි කරති..

February 21, 2021 at 10:26 pm | lanka C news
අලි සබ්රි බුදු දහමට විරුද්ද බරපතල සැලසුමක..- නාහිමිවරුන් විශාල පිරිසක් ජනපතිට පැමිණිලි කරති..

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහ සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙතද යොමු කරමින් මහ සඟරුවන ඉල්ලා ඇත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසය.

ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

බෞද්ධ විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පෙබරවාරි මස 12 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි පවසන මහ සඟරුවන වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, නීති විද්‍යාලයේ සිසුන්ට නිර්දේශීත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම්.කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක් යන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට පුද්ගල නීතිය යන්නට ඇතුළත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතීය සහ මුස්ලිම් නීතීය පමණක් බවය.

ඉන් උඩරට නීතිය සහ තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති වශයෙන් සැලකෙන බැවින් වචනයේ අර්ථයෙන්ම පුද්ගල නීතියක් ලෙස හැඳින්විය හැක්කේ මුස්ලිම් නීතිය පමණක් බව එහි පැහැදිලිව ඇතැයිද පෙන්වා දෙන උන්වහන්සේ බෞද්ධ විහාර හා දේවාලගම් පනත ඒවායේ මූල්‍ය පරිපාලනය පිළිබඳ පනවන ලද නීති බව සිහිපත් කර සිටී.

බෞද්ධ විහාර හා දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට අනුබද්ධව පවතින නීතියක් බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය බුද්ධ ශාසනයට එරෙහිව කරන ලද බරපතළ ප්‍රකාශයක් ලෙස මහ සංඝරත්නය පෙන්වාදෙයි.

එසේ හෙයින් අධිකරණ අමාත්‍යවරයා 2021 පෙබරවාරි මස 12 වැනි දින පාර්ලිමේන්තුවේ සිදු කර තිබෙන එම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් මහ සංඝරත්නය විසින් යවන ලද ලිපියේ සඳහන් වේ.

– ada derana

52,706 views

36 Comments to “අලි සබ්රි බුදු දහමට විරුද්ද බරපතල සැලසුමක..- නාහිමිවරුන් විශාල පිරිසක් ජනපතිට පැමිණිලි කරති..”

  1. Theeraka says:

    A man with a name Mohammed should not have been made miniser of justice. Gotabaya didn’t realize this and still not realizing.

  2. Rasika says:

    ඇත්තටම නම් උඩරට සහ තේසවලාමෙයි නිතිත් අවශ්‍ය නැහැ. උඩරට නිතියෙන් කාන්තාවන්ට අසාධාරනයක් වෙනවා.
    හාමුදුරුවො පන්සල් වලට නඩු කියන විදියට පන්සල් වලට වෙනම නිතියක් තිබුනට කමක් නැහැ.

  3. Lolla says:

    රාජපක්සලට කෙලවෙන්නේ මූ ගෙන් තමයි

    • අජිත් says:

      රාජපක්ෂලාට දැනටම කෙලවෙලා තියෙන්නේ. ජන්දයක් තිබ්බොත් බලාගන්න තිබුනා.

    • Tik Tok says:

      බුදු දහම කොහේ හරි මේ ලෝකයේ රැකිලා තියේවි..නැත්නම් ඊලඟට පහලවන බුදුුුුන් හරි එය දේශනා කරාවි..උඹලා බුදුදහම මාර්කට් කරන එක නවත්තහල්ලා.බුදු දහම ඇත්තටම රැකගන්න නම් කල යුත්තේ හොරට සිවුරැ පොරවාග‌ෙන දේශපාලනයේ නිරත ව‌ෙලා ඉන්න, හකු පිම්බුන ත‌ෙල් බේර‌ෙන,V8වල යන කහකඩයන් සාසනය‌ෙන් පලවා හැරීමයි.
      අන‌ෙක් දේනම් නියම බුද්ධපුත්‍රය‌ෙක් නම් කිසිවක කම්පා නොවන අටලෝ දහම අවබෝකරගත් අය‌ෙකි.අරක නැතිව‌ෙනවා..මේක නැතිව‌ෙනවා කියමින් කම්පා නොවන,ව‌ෛරී සිත් ඇති නොවන අය‌ෙකි.අද දේශපාලනය ලගට හොඳම රස්සාව කඩේයන,මීඩියා සංදර්ශන රඟන කහකඩයකු වීමය.
      Keep them at bay.

      • SL MAN says:

        I agree with 75% of the above statement.

      • Ratawasiya says:

        තම්‍බි බෝම්‍බ ගහලා මිනිස්සු මරනකන් කහසිවුර ඇන්ද අයට කටවහගෙන ඉන්නද කියන්නේ.හාමුදුරුවරු තමයි මේ ජඩ දේසපාලුවන්ට විරුද්දව එලියට බහින්න ඕනෙ මහජනතාවත් එක්කම.ලංකාව බේරලන්න පුලුවන් එතුමන්ලට විතරයි.

  4. Rh says:

    Shame on you. Secret extremist. Abuser of Gotabhaya friendship. You be expelled.

  5. Lolla says:

    බයි ලොක්කන්ගේ අවසානය

  6. Nirshan says:

    ගෝඨාට වැඩ කරන්න දෙන්න නෑ කියල දැන් මහින්දට බනින උන්ට අමතකද අලි සබ්‍රි යනු වියත්මගෙන් ඉදිරිපත් කරපු බුද්ධිමතෙක්. ගෝඨාගේ නීතීඥයා. අලි සබ්‍රිව අධිකරණ ඇමති කළේත් ගෝඨා විසින්.

  7. Kakiyana lea says:

    Gotaabaya Mahatthayage nadu walata nikan kathakarana bila mulu ratatama henayak.Janapathi vitarak nemei pivithuru ayai tawa bohoo denek meyaage seewaya nikan labaagena rata paawaadenawa.”Kaalakanni”.

  8. Pinguththaraya says:

    Where are the so called Maha Nayakas? According to the things are happening in the country, these Hon.
    Reverons will be answerable at a commission.

  9. පබිලිස් says:

    බෞද්ධ අපි පව් නේ

  10. New Allah says:

    Old Allah went to the moon on a winged horse after his death according the KOOran. Paw. His 13 wives, specially the 9 year old wife he married last. Besides, there is NO ALLAH any where, its just a coined up story.
    Ali Sabry once said that an Angel called Gabiriel Appu, met Mohamed several times and reveled the Gods messages and he wrote all that as the KOOran. The Angle had wings and what the heck are wings for in space where there is no wind. If you flap wings and fly it will take thousands of years to go to heaven and come back, so every day for the Angel Gabiriel appu to fly back and fro will take thousands of years, but Mohamed lived only to 90 years. All Balls Islam.

Leave a Comment

Main News