අලි සබ්රි බුදු දහමට විරුද්ද බරපතල සැලසුමක..- නාහිමිවරුන් විශාල පිරිසක් ජනපතිට පැමිණිලි කරති..

February 21, 2021 at 10:26 pm | lanka C news
අලි සබ්රි බුදු දහමට විරුද්ද බරපතල සැලසුමක..- නාහිමිවරුන් විශාල පිරිසක් ජනපතිට පැමිණිලි කරති..

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මහ සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙතද යොමු කරමින් මහ සඟරුවන ඉල්ලා ඇත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසය.

ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

බෞද්ධ විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පෙබරවාරි මස 12 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි පවසන මහ සඟරුවන වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, නීති විද්‍යාලයේ සිසුන්ට නිර්දේශීත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම්.කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක් යන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට පුද්ගල නීතිය යන්නට ඇතුළත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතීය සහ මුස්ලිම් නීතීය පමණක් බවය.

ඉන් උඩරට නීතිය සහ තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති වශයෙන් සැලකෙන බැවින් වචනයේ අර්ථයෙන්ම පුද්ගල නීතියක් ලෙස හැඳින්විය හැක්කේ මුස්ලිම් නීතිය පමණක් බව එහි පැහැදිලිව ඇතැයිද පෙන්වා දෙන උන්වහන්සේ බෞද්ධ විහාර හා දේවාලගම් පනත ඒවායේ මූල්‍ය පරිපාලනය පිළිබඳ පනවන ලද නීති බව සිහිපත් කර සිටී.

බෞද්ධ විහාර හා දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට අනුබද්ධව පවතින නීතියක් බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය බුද්ධ ශාසනයට එරෙහිව කරන ලද බරපතළ ප්‍රකාශයක් ලෙස මහ සංඝරත්නය පෙන්වාදෙයි.

එසේ හෙයින් අධිකරණ අමාත්‍යවරයා 2021 පෙබරවාරි මස 12 වැනි දින පාර්ලිමේන්තුවේ සිදු කර තිබෙන එම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් මහ සංඝරත්නය විසින් යවන ලද ලිපියේ සඳහන් වේ.

– ada derana

57,406 views

36 Comments to “අලි සබ්රි බුදු දහමට විරුද්ද බරපතල සැලසුමක..- නාහිමිවරුන් විශාල පිරිසක් ජනපතිට පැමිණිලි කරති..”

  1. Fernando says:

    කිසිම ආගමක කිසිම පූජකයෙකුට ඉඩකඩම්,මුදල් යාන වාහන නොදිය යුතුයි .ඒවා රජයට පවරාගෙන දුප්පතුන්ට දෙන්න .

    • Buwa says:

      Ane Fernadowo.. uba danna pujaka or priest, yaka buddagae Priest la nana….

      uba pujaka , pujya kiyana eka balapan…..Hituwada Logu dagena 200 bike eke nagala gihin pujakeyek wenawa wageda ban niyama bikkuswak wenna..

      Niyama biksuwak wenna mara amarui… e nisa outa dunna dewala gana uba duk wenna epa Fernandao jaepo

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    අනේ පව් ගොන් බයියෝ

  3. අල්ලා says:

    මහ එකාල රොත්තම ඉන්න තැන ප්‍රසිද්ධියේ කියන ⁣බයිලා ගැන ආය ජනතාව වෙනම උන්ට ලව් ලෙටර් ලියල පැමිණිලි කරන්න ඕනද.? ඕකාව අඩිකරන ඇමටි කරපු එවුන් ඉන්නේ එතන ⁣පොලිසියේද..?

  4. කේලමා says:

    ඇයි හැන්සාඩ් එකෙන් විතරක් , දැන් නම් කැබිනෙට් එකෙනුත් අයින් කොලාට කමක් නෑ වගේ .

  5. බයියා says:

    සිංහලයා මෝඩයා කියන්නෙ මෙන්න මේ වගේ කොටන පිරිසක් අපි අතරෙ ඉන්න නිසා. අපට යාළුවො සහකරුවො තේරුම් ගන්නත් අවුරුදු ගණනාවක් යන එකේ අවුරුදු 5ටත් අඩුවෙන් වියත්මහට ආපු වියත්තුන්ගෙ බුද්ධියට උගත්කමට යටින් හංගං ඉන්න අන්තවාදී අදහස් එලියට ගන්නෙ කොහොමද? ඒව එලියට එන්නෙ අර ‘ඉබ්බා දියේ දැම්මා වාගේ’ කරලියට දැම්මම තමයි. ඉතින් ඕකට දැන් පරල වෙලා ගොඨාට පළු යන්න බනින මෝඩ සිංහලයන්ට කියන්න තියෙන්නෙ දැන්වත් බුද්ධිමත්ව සියලු කරුණු සොයා බලා තීරණ ගන්න කියල. අලි සබ් රි පාර්ලිමේන්තු ගියායින් පස්සෙ මෙහෙම හැසිරෙනවනම් අපි කරන්න ඕනෙ එයාට වඩා හොඳ විකල්පයක් හොයාගන්න ගෝථාට උදව්කරන එක. උඩ බලාගෙන කෙළ ගහන එක නෙවේ. මොකෝ ගෝඨා දැන් අධිකරණ ඇමතිකෙනෙක් වදන්නද?

    • ashesh says:

      Anee baiiyo nandasenata puluwan ne onema welawaka oya ali sabri kiyana kaalakanniyawa ayin karanna mokada uoo ape chanden aapu ekek da ????
      ANIKA ONEE THARAM WENA EWUN NADDA ADHIKARANA AMATHI KAMATA ……? nahane ehema wenne naththe nandasena ge DEAL thiyenne ali sabri ekka ,

      okawa othanata daana kotama hamuduruwaru wirudhdha unaaa ….eth gobba gotabaya uoota onaa ekaawa damma …? DAN NANDASENA GE HORA SABRIYAA KIYAYI KIYALA BAYATA UOOWA THIYAN INNAWAA

    • අලි සබ්‍රි වැදුවෙත් ගෝඨද? 2/3, 20 සංශෝධනය ඔක්කොම දුන්නෙ වදන්න නෙමෙයි හදන්න..

  6. 'මරාගේ හීං කෙදිරිය..! says:

    අලිසබ්රි වාඩිඋනේ ගෝථාභය ඡනාධිපතිතුමාගේ ඇටදෙක උඩනේ බැසිල්ගෙ නඩු, පව්ලෙ නඩු ඔක්කොම නිදහස් ..,

    අලිසබ්රි රටට, සංගරත්නයට අරින්න ට්‍රයි වගේම..
    ‘මරාගේ හීං කෙදිරිය..’ ලොකුපුකවල් ද මට්ටු කරන සේයා…!

  7. මෝ says:

    නන්දසේන මූට විරුද්දව මොකුත් කරන්නෙ නෑ.මූ තමයි එයාගෙනඩුවලසේරම විස්තර දන්නෙ.හාමුදුරුවනේ ජැටිය බේරගන්න කලා වගේ පාරට,වඩින්න වෙනවා.

  8. Rohan weli eta 2 Mayinage Media Secratary says:

    නන්දසේන මූට විරුද්දව මොකුත් කරන්නෙ නෑ.මූ තමයි එයාගෙනඩුවලසේරම විස්තර දන්නෙ.හාමුදුරුවනේ ජැටිය බේරගන්න කලා වගේ පාරට,වඩින්න වෙනවා….
    අලිසබ්රි වාඩිඋනේ ගෝථාභය ඡනාධිපතිතුමාගේ ඇටදෙක උඩනේ බැසිල්ගෙ නඩු, පව්ලෙ නඩු ඔක්කොම නිදහස් ..,

    අලිසබ්රි රටට, සංගරත්නයට අරින්න ට්‍රයි වගේම..
    ‘මරාගේ හීං කෙදිරිය..’ ලොකුපුකවල් ද මට්ටු කරන සේයා…!
    Rohan weli eta deka Mayinage Media Secratary

Leave a Comment

Main News