අලුත් ව්‍යවස්ථාව ගේනවා.. හදන්නේ බලබලා ඉන්න නොවේ.. රාජිත ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ටත් උඩින් යයි

July 5, 2017 at 2:10 pm | lanka C news
අලුත් ව්‍යවස්ථාව ගේනවා.. හදන්නේ බලබලා ඉන්න නොවේ.. රාජිත ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ටත් උඩින් යයි

නව ව්‍යවස්ථාව සකස් කරමින් සිටින්නේ ගෙන එන්නට මිසක් බල බලා සිටින්නට නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ රජයට ලක්ෂ 62ක ජනතාවක් ලබාදුන් ජන වරමක් පවත්නා බවත්, රජය ක්‍රියා කරන්නේ එකී ජන වරම අනුව බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

අස්ගිරි මහා විහාරයේ රැස්වුණු මහනාහිමිවරුන් විසින් යෝජනා ස්ථීර කරගත් පරිදි අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට උන්වහන්සේලා විසින් ප්‍රකාශයක් කරනු ලැබූ බවත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.

ලක්ෂ 62ක ජනවරම තුළ භික්ෂුන් වහන්සේලාද, අන්‍ය ආගමික පූජකතුමන්ලාද නියෝජනය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන සභාවේ කටයුතු ඉදිරියට ගෙන යන බවත්, ඒ පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තුව විසින් ගනු ඇති බවත් අවධාරණය කළේය.

ජේ.ආර් ගේ ව්‍යවස්ථාව සම්මත කරගත් දිනයේ සිට එය අකුලා ගන්නා ලෙස බලකරමින් විරෝධතා පවත්වමින් එය පට්ට පතුරු ගැසූ අය දැන් දැන් එයම කර තියාගෙන යා යුතු බවට යෝජනා කරන්නේ මන්දැයි තමාට නොතේරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝකයේ පවත්නා සෑම ව්‍යවස්ථාවක්ම වෙනස්වන බවත්, ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමෙන් පසුව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක බලයකින් සම්මත කොට ජනමත විචාරණයක් පවත්වන බවත්, ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව එම කටයුත්ත ඉදිරියට යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

72 පළමු ජනරජය ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේදීත්, 78 ව්‍යවස්ථාව ජේ.ආර් විසින් සම්මත කර ගැනීමේදීත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වන සංශෝධනය සම්මත කර ගැනීමේදීත් මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයක් සිදුනොවුණු බවත්, ඒ සෑම අවස්ථාවක්ම පාලකයාගේ බලය ශක්තිමක් කර ගැනීමක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහෙත් ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරයා ස්ව කැමැත්තෙන් තම බලය ප්‍රජාතන්ත්‍රීය ලෙස ජනතාව සමග බෙදාගැනීමට පවත්නා ව්‍යවස්ථානුකූල හා නීතිමත තත්ත්වයන්ට ගරු කරමින් කටයුතු කරන අවස්ථාවක එයට විරුද්ධ වන්නේ මන්දැයි තමන්ට නොතේරෙන බව සේනාරත්න මහතා සඳහන් කළේය.

මෙතැන පවත්නේ තම තමන්ගේ දේශපාලන බල ලෝභිත්වය මිසක වෙන කිසිවක් නොවන බවත්, මේ රටේ ලක්ෂ ගණනකට ජීවිත අහිමි කළ යුද්ධයට පළමුව වගකිව යුත්තේ මෙවන් දේශපාලනඥයින් වන අතරම දෙවනුවට වග කිව යුත්තේ මාධ්‍යවේදීන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

– Adaderana

237 views

24 Comments to “අලුත් ව්‍යවස්ථාව ගේනවා.. හදන්නේ බලබලා ඉන්න නොවේ.. රාජිත ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ටත් උඩින් යයි”

  1. sinha le says:

    මේ රජයට ලක්ෂ 62ක ජනතාවක් ලබාදුන් ජන වරමක් දැන් නැහැ ඒ අය දැන් බලාගන ඉන්නේ මුන්ට රජකාලේ වද දෙන්න ලෑස්ති වෙලා හිටපල්ලා

    ඇදුම් නැතුව යන්න වෙන්නේ

    • Alapaluwa says:

      ඔබ තුමා මොනවද මේ කියවන්නේ අපි දන්නවා 62 ලක්ෂයක් ජනතාව චන්දෙදී ජනවරම ලබාදිපුඑක රටේ සුබසිද්දීයගැනසිතා යම්විදියකින් හෝ කලකිරීමක් තිබුනිසා පසුගිය රජය ගැන නමුත් දැන් ඒ 62කේ ලක්ෂය හොයාගන්නවත් බැ මොකද එවුන් දැන් දිපු එකේ මෝඩකම තෙරුම්ගියබැවින් අනෙක දැන් එකෙක්වත් සොයාගන්නවත් බැරිනිසා තිබෙන ලැජ්ජාවට. දීපු කවුරුත් දැන් දුක්වෙනවා කරගත් ගොං අමන මීහරක් වැඩේට තමුසෙලාවගේ අමුහරක් පත්කර පාර්ලිමේන්තුවට යවපු එවුන්ටත් දැන් පස්ස පැත්තයි හොම්බයි බිම ඇනිලා තිබෙන්නේ හොඳටම.අනෙක ඔබතුමා කවුරුකියලා සිතාගේනද ඉන්නේ? ඔබද රටේ විධායක ජනාධිපතිතුමා නිකම් කට තිබුණු පළියට වාචාල විදියට දොඩවන්න තමන්ගේ නොහැකියාව පෙන්නන්න එපා අපිට දැන්නම් හොඳට තේරෙනවා ගත්ත Dr.පට්ටමත් කොහොම අරගෙන තිබෙනවද කියා නැතිනම් මොලේ තිබෙන මෙලෝ යකෙක් කියාවිද රටක් දියුණුවෙනකොට ලෙඩරෝග වැඩිවෙනබව අනේඅම්මපා කවුද ඔහේට Dr.post එකදීපු ගොං අමන හරකා?

    • Amda says:

      Why do I feel that this is their last few months ????????

      • ගුරුළු says:

        Rajith Please resign and go home . You are a real Traitor …..Resign & go

  2. Manel says:

    He is the president. My 3 and Rnil has no say.

  3. john the baptice says:

    මු පිනට ආපු ඇමතිකෙනෙක් මේකා හිතන්නේ මු තමා ජනාදිපති කියලා ගමට චන්දය ඉල්ලන් එනවිට කොස්ස ගමු

  4. ජසයා says:

    දැන්වත්….. සංඝ ආඥාවක් නිකුත් කිරීමට තවත් ප්‍රමාද කරන්නේ ඇයිදැයි මටනම් අපැහැදිලියි. කරුණාකර, කාටහරි එය පැහැදිලිනම්, මට තේරුමිකර දෙන්න.

  5. siraa says:

    Jeppanta waasi ethi, eekayi sadda neththe… Kaalakanni okkoma

  6. lalith says:

    මුට ඕනේ රට පාවා දෙන්නමයි අපායේ දොර නුබ වෙනුවන් විවෘතව පවතී

  7. චතුර පුතා says:

    තාත්තට තාම බැරි උනානේ ඩෙංගු වසංගතය ව්‍යවස්ථානුකූල හා නීතිමත තත්ත්වයට පත්කරල දාන්න!

    මෙතැන පවත්නේ තාත්තගෙ දේශපාලන බල ලෝභිත්වය මිසක වෙන කිසිවක් නොවන බවත්, මේ රටේ දහස් ගණනකට ජීවිත අහිමි කළ ඩෙංගුවට පළමුව වගකිව යුත්තේ මෙවන් දේශපාලනඥයින් වන බව චතුර පුතා කීවේය!

  8. SARA says:

    Rajitha ,Sri Lanka is not your own property …Shut your mouth and get lost traitor
    This is Sinhalese peoples Motherland ….Don’t try to play with us

  9. Saradiel says:

    ව්‍යවස්ථා මරඋගුල එරෙහිව සිංහලයෙනි අවදි වේව් …මේ සිදුකරන්නේ සිංහල ජාතියේ මරණ වරෙන්තුවයි බලා සිටීමට කාලයක් නැත ….කොටින්ගේ දෙපා ලේව කමින් මුදල්වලට රට ජාතිය පාවාදීමට උත්සහ දරන රාජිත ,ඔබ අපේ රටටම සාපයක් පිළිලයක්
    මුළු රටේම දේශ ප්‍රේමි ජනතාව වත්මන් ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථා මරඋගුල එරෙහිව පාරට බසිව් .. සග, වෙද, ගුරු, ගොවි, කම්කරු බලය පෙන්වා මේ දේශද්‍රෝහී ආණ්ඩුවෙන් අපේ රට බේරාගැනිමට වහාම .සමගි වී එක්වෙයව් රට කලාප හයකට බෙදන්න වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ සූදානම් වෙනවා. මේ ව්‍යවස්‌ථා මර උගුල පරාජය කරන්න ජාති ආගම් කුල බේදයකින් තොරව සැවොම එකතුවිය යුතුයි.

  10. Sadasori says:

    Ethakota 3 Nikaya Janatahwatah /Janamathayatah Udinda ?
    Gobba Katha Epa Honde ….

Main News