අලුගෝසුවන් දෙදෙනාට බුද්ධි අංශ ආරක්‍ෂාව යොදවයි..

July 21, 2019 at 12:40 pm | lanka C news
අලුගෝසුවන් දෙදෙනාට බුද්ධි අංශ ආරක්‍ෂාව යොදවයි..

එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට බඳවා ගන්නා ලද අළුගෝසුවන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වෙයි.

ඔවුන් එහි රඳවා සිටින්නේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය.

අලුගෝසුවන් දෙදෙනාගේ ජීවිතාරක්ෂාව සඳහා බුද්ධි අංශ රැකවරණ යොදා ඇති අතර බන්ධනාගාර පරිශ‍්‍රයේ නේවාසික විසීමට ද ස්ථානයක් වෙන් කර ඇත.

මෙම අලුගෝසුවන් තිදෙනාගෙන් එක් අයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයෙකි.

ඔවුන් දෙදෙනා ගාල්ල සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

ඔවුන්ට නිවෙස් කරා යාමට අවසර ඇතත් ඔවුන් පිටතට යාමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැතැයිද වාර්තා වෙයි.

15,806 Viewers

2 Comments to “අලුගෝසුවන් දෙදෙනාට බුද්ධි අංශ ආරක්‍ෂාව යොදවයි..”

  1. test says:

    පදින්චි ගම් පලාත් ටිකයි කලින් කරපු රස්සාවල විස්තරයි දාලා නතර කරෙ ඇයි.. අපරාදෙ නේ… නමයි ගමයි පොටෝ එකයි අයිඩෙන්ටිටි නොම්බර ටිකත් දැම්මනම් තමයි පන්කාදු..
    නොදකින් මීඩියා ගොන් හැතිකරේ

  2. UD says:

    මනුෂ්‍ය ඝාතනය කවර අයුරකින් සිදු කළත් මහා දරුණු පාප කර්මයකි…
    බොහෝ කල් සසරේ දුක් විඳීමට එය හේතුවනු ඇත….

Main News