අලුගෝසුවන් වැලිකඩ රහස් කාමරයක කොටු කරති.. බන්ධනාගාරයෙන් පිටවීම තහනම්..

July 7, 2019 at 10:00 am | lanka C news
අලුගෝසුවන් වැලිකඩ රහස් කාමරයක කොටු කරති.. බන්ධනාගාරයෙන් පිටවීම තහනම්..

මරණ දඬවම ක‍්‍රියාත්මක කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බදවා ගන්නා ලද අලුගෝසුවන් දෙදෙනා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රහස් කාමරයක රදවා සිටී.

අලුගෝසුවන් කවුරුන්දඅයි කිසිවෙකුට නොහැගෙන ලෙස මොවුන් සෙසු නිලධාරීන්ගෙන් වෙන්කර ඇති අතර ඔවුනගේ අනන්‍යතාවයද හෙලි නොකිරීමට තීරණය කර ඇති අතර ඔවුනට බන්ධනාගාරයෙන් පිටවීමද තහනම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරීස් ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම අලුගෝසුවන් දෙදෙනා පසුවෙයි.

මේ අතර මරණ දඬුවමට ලක් කරන අය වෙනුවෙන් අවශ්‍ය ඇඳුම් පැලදුම් හා කඹය ඇතුළු උපකරණද ආරක්‍ෂිත කාමරයක තැන්පත් කර තිබේ.

කෙසේ වෙතත් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම ඔක්තෝම්බර් මස 29 වන දින තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

32,584 Viewers

7 Comments to “අලුගෝසුවන් වැලිකඩ රහස් කාමරයක කොටු කරති.. බන්ධනාගාරයෙන් පිටවීම තහනම්..”

  1. Harshie says:

    අලුගෝසු නිලධාරීන්ටත් job එක එපා කරවන ලකුණු!!!!

  2. බතලහිලපල්ලා says:

    ආණ්ඩුවේ ගොන් පාට් නිසා අළුගෝසුවන් දෙදෙනා තුන් මසක හිර බත් කෑමෙන් පසුව මරණ දඬුවම් නාටකය නිමාවට පත්විය. කිසිවක් නොවූ අයුරින් මරණ දඬුවම් ලද කුඩු බොසාල ඇතුලේ සිටම බිස්නස් කළාහුය.

  3. sw says:

    අන්තිමට හිටන් උන් දෙන්නවවත් එල්ලයිද ?

  4. Ariyathilaka says:

    2016 අංක 12දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත අනුව අලුගෝසු තනතුරේ රාජකාරි කරන පුද්ගයන් කවුද යන්න දැනගත හැක.තොරතුරු වලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරිම යටතේ එකී පනතේ 5 වන වගන්තිය මේ සදහා බධා නොවේ.

  5. Vincent says:

    මහාධිකරණයේ තීන්දුව එහිම අභියෝගයට ලක්වීම හාස්‍යජනක නේද ?

  6. Saradiel says:

    සගවා තැබීමත් අපරාදයක්

  7. Tngo says:

    Aparada kara yannata ape deshpaluwo kotaram karunawak dakwanawada kiyalla meken oapu wenawa Samara aya baya athi mnie mararum walata tamanuth me kata ma mattu wei kiyala, are kalaniya patthe inna dutu gamunu hema

Main News