අලුත්ගම දර්ගා නගරයේ ගැටුමේ පිටුපස කථාව හෙළි කිරිමට මහා සංඝරත්නය සුදානම්…

February 9, 2018 at 6:22 am | lanka C news
අලුත්ගම දර්ගා නගරයේ ගැටුමේ පිටුපස කථාව හෙළි කිරිමට මහා සංඝරත්නය සුදානම්…

පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් බේරුවල නගර සභාවට සහ බේරුවල ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ අවසන් ජන රැළිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “බේරුවල නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට මාව පෙන්නන්න බැහැ. ඔවුන් දේශපාලනය සිදු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට අනුවයි. ලංකාවේ ඉන්න මුස්ලිම්වරුන්ගෙන් මාව පෙන්නන්න බැරි මුස්ලිම් පිරිස එම කණ්ඩායමයි. බේරුවලට මම විශාල සේවාවක් සිදු කර තිබෙනවා. ඔය මැතිවරණයට ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායම මොනවද සිදු කළේ.

පසුගිය කාලයේ දී බොදුබල සේනා සංවිධානය හිටපු ආරක්ෂක ලේකම්වරයාට අවශ්‍ය පරිදි කටයුතු කළා. ඒ බව බේරුවල නගර සභාවට ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් සියලු දෙනා රාජපක්ෂලා විවේචනය කරමින් සිටි අයයි. ඒ දර්ගා නගරයේ ගැටුමත් සමගයි. මට ජාතිවාදය නිසා රාජපක්ෂලා ඒපා වුනා. මම සිංහලයෙක් වෙලත් මුස්ලිම්වරුන්ට අවශ්‍ය සේවාවන් රැසක් ඉටු කර තිබෙනවා. ඊට මහා සංඝරත්නය පවා විරෝධය පළ කලා. නමුත් ජාතික ප්‍රශ්ණය පිළිබදව මම එදත්, අදත් කිවුවේ එකම දෙයයි. ගෝඨාභය රාජපක්ෂ මහතා බේරුවල ඇතැම් මුස්ලිම්වරුන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද ලබාදුන්නා. එයා තමයි බේරුවල දර්ගා නගරයේ මුස්ලිම්වරුන්ට පහරදීමට මුල් වුනේ. මිනිසුන්ගේ දුක සැප නොබලපු අය අද ඡන්දය ඉල්ලනවා. මේ අය ජනවාරි 08 විප්ලවයේ දී වැඩ කළේ රාජපක්ෂවරුන්ටයි.

මම බේරුවල ආසනයට මෙන්ම ශ්‍රී ලංකාවටම කළ සේවාව ලෝකය දන්නවා. ඒ පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පැසසුමට ලක් කර තිබෙනවා. ජනාධිපතිවරයා අයවැය විවාදයට පැමිණ ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා කළ සේවාව අගය කළ යුතු බවයි. ඉදිරි අනාගතය දරුවන්ට හොද රටක් නිර්මාණය කිරිමට අපි කටයුතු කරනවා. මුස්ලිම්වරුන්ගේ ද අයිතිය එක හා සමානයි. මහාජාතිය සුලු ජාතිය කියා ජාතියක් නැහැ. සියලුම අයිතිවාසිකම් ඔබ සැමටත් තිබිය යුතුයි. දුවිඩ ජනතාවටත් තිබිය යුතුයි. ජාතීන් තුනම ඒකාබද්ධව ශ්‍රී ලංකීය අභිමානය ගොඩනැංවිය යුතුයි.

වත්මන් රජයේ විවිධ ගැටලු තිබුනත් හිටපු ජනාධිපතිවරයාට යළි බලයට ඒමට ඉඩ දෙන්නේ නැහැ. ජනවාරි 08 ජනවරම ඉදිරියටම ගෙනයාමට අවශ්‍ය ජන බලය පෙබරවාරි මස 10 දා ජනතාව අපට ලබාදෙනවා.

අලුත්ගම දර්ගා නගරයේ ගැටුමට සම්බන්ධ ස්වාමීන් වහන්සේලා ඒ පිළිබද හෙළි කිරීමට සුදානම්. රාජපක්ෂලාගේ වුවමනාව මත තමයි එම ගැටුම ඇති වුයේ. ඊට උපදෙස් ලබාදුන්නේ කවුද කියලා හෙළි කිරීමට එම ස්වාමීන් වහන්සේලා සුදානමින් සිටිනවා. මම ජාතිවාදීන්ට යටත් වන්නේ නැහැ. සිංහල බෞද්ධ බලවේග වලටත් යටත් වුයේ නැහැ. අපචාර සිදු කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ. පොහොට්ටුවට ඡන්දය ලබා දී මිනී මරන යුගයක් යළි නිර්මාණය කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

122 views

11 Comments to “අලුත්ගම දර්ගා නගරයේ ගැටුමේ පිටුපස කථාව හෙළි කිරිමට මහා සංඝරත්නය සුදානම්…”

  1. අති උතුම් හම්බයා says:

    මේ ගොබ්බයෝ මෙතන මොනතරම් කොට කොට පච කෙලියත් වැරදි වහ ගන්න, අන්තිමට කර්මයෙන් දුන්න ගේමම ඇති. අන්න නියම ධර්මය!

    • Bberuwala suwadina api says:

      Puluwannam beruwala UNP Dinanan Api suwadina beruwala dinanawa

    • Ane mage kata says:

      Jaathivadaya avussamin kunu katakin avalam katha kiyana me vage Chandaalayan ilapathak gena desapaalana bhuumiyen athugaa damiya yuthuva etha.

  2. Kunu datha. says:

    Mama kona kapa gaththa thiyenne thoppiya daganna witharayi. 10 wenidayin passe apita thoppiya nikamma watenawa.

  3. Bberuwala suwadina api says:

    Puluwannam suwadina kandayama beruwelan paraddanna

  4. බන්ඩා says:

    1988/89/90 දී ජවිපෙ එක්ක තරඟෙට මිනී මරා ගත්ත ප්‍රා කල්ලියේ නයකය කවුද? ඒ මිනී මරුව රාජිත කියල පස්සෙ ඉපදිච්ච කට්ටියට අපි මතක් කරල දෙන්න කැමතිය්.

  5. beruwala suwadina api says:

    Api UNP paraddanawa beruwalen suwadina kandayama dinanawa suwadina apita jayaniyathai

  6. බබා උක්කුන් says:

    ඕකට කියන්නේ ගෝඨා – භය
    මතක් වෙනකොට මේ කුණු දතාට ඇදුමේ මල පහ වෙනවා
    slum dog dentist

  7. Mora Kata says:

    කට …කට……10 න් පස්සෙ පොහොට්ටුව උඩට බල්ටිය ගහනකොට කියන්න දේකුත් ඉතුරු කරගන්න මතිතුමෝ

  8. පරාජිත says:

    සිංහලයාගේ පරාජිත

  9. Rohitha says:

    para balla daen katawahagan. tho beruwalath paradai.

Main News