අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…

May 5, 2021 at 2:07 am | lanka C news

පැතිර යන කෝවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අලුත්ගම , ධර්ගා නගරය , සහ බේරුවල යන නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට කළ නි නියෝගය දෙ දිනකින් පසු ඉවත්කර යළි 4 දින සිට එම නගර තුනේ වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දීමට කටයුතු කළ බව අලුත්ගම සහ බේරුවල පොලිස් ස්ථාන සඳහන් කළහ .

මෙම නගර තුනේ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල්පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මැයි මස 2,3 දෙදින වසා තැබූ අතර වෙළෙඳ ප්‍රජාව, බේරුවල නගරාධිපතිවරයා , පොලිස් නිලධාරින් හා රාජ්‍ය නිලධාරීන් එක්ව බේරුවල නගර සභා පරිශ්‍රයේදී කළ සාකච්ඡාවකින් පසුව ගත් තීරණයක් අනුව යළි මෙම වෙළඳ සැල් විවෘත කිරීමට කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා අවසර දුන් බව බේරුවල නගර සභාවේ නගරාධිපති මසාහිම් මොහොමඩ් මහතා සඳහන් කළහ .

ඒ අනුව දෙදිනක් වසා දමා තිබූ අලුත්ගම , බේරුවල, සහ දර්ගා නගරයේ වෙළඳසල් සියල්ල සහ අලුත්ගම නගරයේ වසා දමා තිබූ රජයේ බලපත් හිමි රටබීම වෙළඳසැල් 4 දින සිට යළි විවෘත කිරීමට අවසර ලබාදී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළහ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

23,734 views

5 Comments to “අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…”

  1. saman says:

    යහපාලනයෙ වැරැද්දක් වෙන්න ඇති. මේ ආණ්ඩුවනම් කවදාවත් එහෙම කරන්නේ නෑ

  2. Legends says:

    සුරාවේ අදීනව උපරිමයෙන් ලබාගන්න වගෙ යන්නෙ…

    • sunimal says:

      නගරාධිපති මසාහිම් කොරෝනා වැඩි කිරීමටද මත්පැන් හල් අරින්නේ ? මුස්ලිම් ජාතිකයින් මත්පැන් නොබොන නිසාද රටේ අන් ජනතාවට මත් පැන් දී කොරෝනා වෛරස් වැඩි කිරීමටද මේ උත්සාහ කරන්නේ ? රටේ පාලකයින් නිදිද ?

  3. Susantha says:

    Raththaran arakku(kasippu kalawam karapu) jayatama bedaaharinne oya paththe wenda athi

  4. Love nature says:

    කොරෝනා මර්දනය ක‍රන්න නම් අනිවාරයෙන් මත් පැන් සාලා වසා දැමිය යුතුය.

Main News