අලුත්ම ගීත වීඩියෝවට නවීන්-ඉරාජ් සැරටම හැප්පෙති..

April 8, 2019 at 12:02 am | lanka C news
අලුත්ම ගීත වීඩියෝවට නවීන්-ඉරාජ් සැරටම හැප්පෙති..

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී අන්තර්ජාලය වෙත නිකුත් කර තිබූ ගීත වීඩියෝව සම්බන්ධයෙන් ඇමැති නවීන් දිසානායක මහතා විවේචනාත්මක අදහස් පළ කර ඇත.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා සඳහන්කර ඇත්තේ ඉරාජ් නිකුත් කර ඇති නවතම වීඩියෝව ඉතා නිරලජ්ජිත වීඩියෝවක් බවත් මේවා සිදු කරන්නේ පහත් මානසික තත්ත්ව ඇති පුද්ගලයන් විසින් බවත් ය.

කෙසේ වෙතත් ඊට පැය කිහිපයකට පසු ඉරාජ් වීරරත්න තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයාට ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු සඳහන් කරන්නේ ඊළඟ ඡන්දයේදී සිදුවන බලාගත හැකි බවයි.

අදාල සටහන් දෙකම මෙහි දැක්වෙයි.

“මගේ දෙමවුපිය අභාෂයෙන්, නිතැතින්ම කලාකාමී නිර්මාණ වලට නිරන්තර අතහිත ලබා දෙන පුද්ගලයකු ලෙස මේ සටහන ලිවීමට මුලික පදනම වනුයේ ඉරාජ් නම් පුද්ගලයා විසින් මැතකදී නිකුත් කර ඇති නිර්ලජ්ජිත වීඩියෝවයි. අප ශ්‍රී ලංකික ජාතියක් විදිහට අනුකම්පාවෙන් අනෙකා දිහා බැලීමට හුරු වී ඇත්තෙමු, නමුත් සැම දෙයටම සීමාවක් තිබිය යුත්තේ මෙය ඔහුගේ පළමු අවස්ථාව නොවන බැවිනි. අනෙකුන්ගේ පුද්ලිකත්වය ඔහුන්ගේ අදායම් මාර්ගය කරගන්නා පුද්ගලයන් සමාජයක සලකන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් ලෙසය. තව නොබෝ දිනකින් අප පවත්වන්නට යෙදෙන සිංහල හින්දු අවුරුද්ද අබියස සිටිමින් මෙවන් වීඩියෝ වක් නිකුත් කිරීම තුලම ඔහුගේ යටි අරමුණු මනාවට පැහැදිලි වෙයි. දේශප්‍රේමය තම දේශපාලනය කරගත් දේශපාලන කණ්ඩායම් තුරුලේ සිටිමින් ඔබගේත් මගෙත් දරැවන්ගේ අනාගතය හීන කිරීමට සැරසෙන මෙවන් දුර්වලයන් හදුනා ගනිමු.

අප ශ්‍රී ලංකික ජාතිය අතීතයේදී නොයෙකුත් තාඩන පීඩන වලට ගොදුරු උවද තවමත් නොසැලී ඉන්ද්‍ර කිලයක් සේ නැගී සිටියි. මෙවන් පුද්ගලයන් කෙරෙහි තව දුරටත් අප නිහඩව සිටිය යුතු නැත. ඔබගේ දරුවාගේත් අපේ අනාගත පරපුරේත් මතු ආරක්ෂාව හා සුභ සිද්ධිය වෙනුවෙන් අප මේවන් දේ ප්‍රත්ක්ෂේප කරමු, අප අනාගත පරපුරට සුරක්ෂිත සමාජීය තත්වයක් ගොඩනගමු. අපි නැගී සිටිමු, ශක්තිමත් ජාතියක් ලෙස තම අනන්‍යතාව සුරකිමින් මතු පරපුරට සුරක්ෂිත හෙට දවසක් උරුම කරමින්.

– Navin Dissanayake FB

***************

Navin Dissanayake ඇමතිතුමා වෙත ලියමි…

මුලින්ම කියන්න ඕනේ ඔබගේ පියාට සහ ඔබතුමාට මම ගොඩක් ගෞරව කරන කෙනෙක්…

ඇමතිතුමනි ඔබතුමාට මගේ මේ පොඩි Music Video එක දැක්කා වගේ රටේ වෙන විනාශය පේන්නේ නැද්ද ?

විල්පත්තු විනාශයට මට මේ බනිනවා වගේ රිෂාද් බදුර්ඩීන්ට බනින්න බැරිද ? මම විල්පත්තුව ගැන Music Video එකක් Youtube එකට කරොත් ඔබ ඒ විනාශය ගැන දකීද ? කතා කරයිද ?

රණවිරැ දඩයම සහ රණවිරැවන්ට වෙන අසාධාරන ගැන මම Music Video එකක් කරා ඔබතුමා ඒක ගැන කතා කරාද ? රට බේරලා දුන්න අපේ කොල්ලන් වෙනුවෙන් වචනයක්වත් කතා කරාද ?

රටේ මිනිස්සුන්ට කන්න වතුර ලයිට් නෑ හැබැයි ඔබතුමාට මගේ මේ පොඩි Music Video එක ගැනනම් කතා කරන්න පුලුවන්.ඇමතිතුමනේ මීට වඩා රටේ විශාල කරදර ගනනාවක් තියනවා කතා කරන්න සහ පිලියම් සොයන්න.

ඔබතුමාලාවා අපේ පුංචි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැව්වේ රටට සේවයක් කරලා අපිව රැක ගන්න මිසක් Range Rover වාහන පැදගෙන රට රටවල් වලට ගිහිල්ලා Ranjan Ramanayake ඇමතිතුමා කියනවා වගේ කොකේන් ගහලා අපේ සල්ලි නාස්ති කරලා ආතල් ගන්න නොවේ !!!

තවත් දෙයක් ඔබතුමාලා අපේ සේවකයෝ …
සේවකයාගෙන් හරි වැඩක් නැත්නම් මොකද කරන්නේ ?
ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු

– IRAJ FB

79,741 Viewers

26 Comments to “අලුත්ම ගීත වීඩියෝවට නවීන්-ඉරාජ් සැරටම හැප්පෙති..”

  1. Love nature says:

    Good answer cap off

    • රටට හිතැති says:

      පොදු ජන පෙරමුන බලය ලබාගත් විට සංස්කෘතික හා බුද්ධ සාසන අමාත්‍යාන්ශය බාර දිය යුත්තේ ඉරාජ්ටය. ඔහුව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීඅ සිදු විය යුතුය. සමන්තබද්‍ර හිමියන් බුද්ධසාසන අමාත්‍යාන්සයේ උපදේශක විය යුතුය.

      • අංකූරා says:

        ඔන්න ඔන්න වාහනේ කැලේට කැපෙනවා !.

    • මේ ඉරාජ් කියන උම්මත්තකයට ආපහු නවීන් උත්තර දීල තියෙනව. කෝ ඒක?
      නවීන් කියල තියෙනව තමුන් මේ කමෙන්ට් කලේ ඇමති කෙනෙක් විදියට නෙවෙයි තරුණ දරු දෙදෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් හැටියට කියල.
      අනික රටේ යුද්ධය තිබුන කියල ඒක ගැන විතරද බලන්න ඕන? ඒ වගේ තමයි විල්පත්තු කතාවත්. ඒ ප්‍රශ්න තියෙන නිසා මේ කාලකණ්ණින්ට රටේ යන්තම් හරි ඉතරුවෙලා තියෙන සංස්කෘතියත් කාලා දාන්නයි උවමනා. අනික් අය විල්පත්තු කිය කියා මූ කරන කුපාඩිකං සේරම ඇස්කන් පියාගෙන බලාගෙන ඉන්න ඕන. සල්ලිවලට දෙමාපියො හරි විකුණන තිරිසනෙක් ඉරාජ් කියන්නෙ.

  2. najith says:

    well said Iraj. but your some Videos also not acceptable

  3. JANAKA HERAT says:

    muge piya patta horek – rata kantarayak kele mohuge piya

    • රට කාන්තාරයක් උනේ කවද්ද මහත්තයෝ? ගාමිනි මහත්තයා මහවැලිය නොකලනම් තමුන්නැහෙල සේරම තවත් විදුලිය නැතිව අඳුරෙ. මහවැලියෙන් පස්සෙ කිසිම රජයක් ජල පෝෂක සුරක්ෂිත කලේ නෑ.පහල ගිය භූගත ජල මට්ටම වෙනස්කරන්න පියවර ගත්තෙ නෑ. ඒව ගාමිනි මහත්තයාගෙ වැරදි නෙවෙයි.

  4. S.Dissanayake says:

    Irajge Thatha Preethiraj Patta Hora Magenuth Rs.50,000/= Gaththa England Yawanawa Kiyala.

  5. SL says:

    විල්පත්තුවිල්පත්තුව නෙවි කපන්නේ ,රක්ෂිතය ,අපි බෙදිලා ඉන්නේ අපි රිෂාඩ් ට බයයි එයාට චන්ද ගොඩයි ,

    වතුර නැත්තේ වහින්නේ නැති හින්ද.

    ලයිට් නැත්තේ වතුර නැති හින්ද.

    ඉතින් අපි මක්ක කොරන්නද !

    අපි වැඩ කරන්නේ නැත්තේ අපි කොමිස් ගහන හොරු හින්ද සහ අපි වැඩ දන්නේ නැති හින්ද උඹල මොකටද අපිවගේ කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දේ !!

  6. SL says:

    විල්පත්තුව නෙවි කපන්නේ ,රක්ෂිතය ,අපි බෙදිලා ඉන්නේ අපි රිෂාඩ් ට බයයි එයාට චන්ද ගොඩයි ,රිශාර්ඩ් අයියට බනින්න එපා එයාට දුක හිතිලා අපිට චන්දෙ දෙන්නේ නැතිවෙයි , ඔක්කොම කපපුවාවේ

    අපි කඳුකර වනාන්තර ඔක්කොම කපුවා ,දැන් ඒවගේ ගස් නැහැ තියෙන්නේ පයිනස් ,වල් එක නිසා පොලවට වතුර උරාගන්නේ නැහැ .වහින වතුර සේරම මුහුදට ගලාගෙන යනවා,ඒක නිසා .
    වැස්සේ නැතිනම් වතුර නැහැ ,

    වතුර නැත්තේ වහින්නේ නැති හින්ද.,

    ලයිට් නැත්තේ වතුර නැති හින්ද.

    ඉතින් අපි මක්ක කොරන්නද !

    අපි වැඩ කරන්නේ නැත්තේ අපි කොමිස් ගහන හොරු හින්ද සහ අපි වැඩ දන්නේ නැති හින්ද උඹල මොකටද අපිවගේ කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දේ !!

  7. Gayantha says:

    කුමන දේශපාලන මතයක් දැරුවත් මේ වගේ රටේ සන්කෘතිය නැති කරමින් සමලින්ගික කම ප්‍රවර්ධනය කරන පිස්සෙක්ගේ ක්‍රියාවට එරෙහිව පෙනීසිටීම ගැන සතුටු වෙනවා. මොහුට විරුද්ධව නීතිමය පියවරගන්න. මේවගේ මානසික පිස්සෝ මානසික රෝහලට දාන්න ඔන රට කනවට.

  8. Paul says:

    Lovely reply by Viraj

    • රයන් says:

      ඒ කියන්නෙ ඉරාජ් කරන කුණුහරප වීඩියෝ හොඳයිද? තමුන්ගෙ දු⁣වක් ඒ විදියට රඟපානවට කැමතියිද? මුලු ජීවිතේම කාලකණ්ණි දේශපාලන කණ්නාඩියෙන් බලන්න එපා.

  9. sampath says:

    Tks Iraj. Well done

  10. suradoothaya says:

    umba kiyana ewa etta, desapalakayan para ballo wela un sura sepa apita balu duka.
    namuth parayo seegirigeetha, kawsilumina kiyawapan, kotharam sundara lesin srungaraya idiripath karala thiyenawada? umba ammage unath eliyata dana paramapara kalakanni nehedunu ekek. mewa karannata pala singapore, phillipinewalata nohedunu demapiyanta ninda karana minihek thopata sapa wewa. mekata madu waligen gahapalla

  11. Sampath says:

    Ela Machan …..

  12. kim says:

    නවින් කියන එක ඇත්ත ඉරාජ් කියන්නෙ කුනුරස හා අනුන්ගෙ පෞද්ගලිකත්වය යූටුබ් එකේ විකුනා සල්ලි හොයන හාල්පාරුවෙක්

  13. sanath says:

    Well said its but video cannot acceptable.

  14. Kadiya says:

    වීඩියෝ එක මොකක් වුනත් මන්ත්‍රීවරු සහ ඇමතිවරු ජනතාවගේ සේවකයෝ බව කීම අගෙයි. ඒක පාර්ලිමේන්තු ගියාම මුන්ට අමතකවෙනවා.

  15. Niyama kathawak iraj.ela ohoma yamu

  16. Shasi says:

    Good answer

  17. manna says:

    Well said iraj, I personally dont adore his sons . but what he said was absolutely correct.
    hats off, these ministers are good for nothing .

  18. hinni says:

    Well said iraj, I personally dont adore his songs . but what he said was absolutely correct.
    hats off, these ministers are good for nothing .

  19. තිලක් says:

    නියම උත්තරක් නවින් ඇමති උන්නැහැට ලැබිල තියන හැඩයි?

  20. Sex shop ranjan says:

    ලඟදි ඉඳල ආන්ඩුවෙ ඇමතිලාට සංස්කෘතිය පේන්න පටන් අරන් , දැන් පරක්කු වැඩියි මහත්තයො , තව මාස හයයි.(game over )

  21. sisira says:

    me wage vedio walata virudhdha wema jathika wagakemak…iraj nemathi gayakaya semawa ikmawa yama hela dakimu.face book admin warunta danwa mehi warada penwa diyayutuyi…

Main News