අලුත් අගමැති මහා යාගයකට සැරසේ.. අවසන් පූජාවට පෙර කිලි නොවැදී පිරිසිදු වේ..

May 29, 2017 at 10:52 pm | lanka C news
අලුත් අගමැති මහා යාගයකට සැරසේ.. අවසන් පූජාවට පෙර කිලි නොවැදී පිරිසිදු වේ..

මේ වසර නිම වන්නට පෙර අගමැති ධුරයට පත් වන්නේ යයි ප‍්‍රකට ජ්‍යෙතිෂවේදියෙකු විසින් කියන ලද අනාවැකියක් නිසා මේ දිනවල ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් ඒ සදහා තවත් විශේෂ පූජාවකට සැරසෙමින් සිටී.

මේ සදහා ඉදිරි දින කිහිපයේදී නම් කරන ලද දිනයන්හිදී මස් මාංශ ආහාරයට නොගැනීම, කාන්තාවන් ඇසුරු නොකිරීම් ආදී කටයුතුවල නිරත වීමට නියමිතය.

කිලිවලට අසු නොවී ගත කරන එම කාලයෙන් පසු අදාල ප‍්‍රබල ඇමතිවරයා මෙරට ඇති බලවත්ම යයි සැලකෙන දේවාලයකදී අවසන් මහා යාගය සිදු කිරීමට නියමිත අතර ඒ සදහා දින වෙන් කිරීමක්ද සිදුව ඇතැයි වාර්තා වෙයි.

182 views
Main News