අලුත් අවුරුද්දට පෙර අලුත් ආණ්ඩුවක්..?

December 26, 2018 at 3:00 pm | lanka C news
අලුත් අවුරුද්දට පෙර අලුත් ආණ්ඩුවක්..?

කළු මාධ්‍යකාරයෝ කියමින් මාධ්‍ය මර්දනය කරන්න, බය කරන්න හදන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක අගමැතිවරයකුට සුදුසු නෑ. මෙය ඉතාම නින්දිත කටයුත්තක් යැයි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පැවැසීය.

අනුරාධපුර සිය නිවෙසේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසූ එස්.එම්. චන්ද්‍රසේන මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට මෙසේද පැවැසීය.

අපට මතකයි 2015දී ඒගොල්ලො ජයග්‍රහණය කරන විට පළමුව කීවේ මාධ්‍ය නිදහස ලබාදෙනවා කියා. අපේ ආණ්ඩුව සමයේ මාධ්‍ය මර්දනය කළා, මාධ්‍යවේදීන්ට හිරිහැර කළා කියලා ජනතාව රවට්ටල ඡන්දය අරන් අද වෙන කොට ඒ ගොල්ලන්ගේ වැරැදි පෙන්වා දෙනකොට මාධ්‍ය මර්දනය කරන්න හදනවා. මාධ්‍ය යුතුකම තමයි පවතින ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීම. අපේ ආණ්ඩු තියෙද්දී මාධ්‍ය අඩුපාඩු පෙන්වා දුන්නා. විවේචනය කළා. නමුත් මේ ආණ්ඩුව කරපු දෙයකුත් නෑ. මේ ආණ්ඩුව දෙනවයි කියූ මාධ්‍ය නිදහස ලබා දුන්නෙත් නෑ. අපේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් අපේ ආණ්ඩු කාලයේ ඇමැතිවරයෙක් කිසි කෙනෙක් මෙහෙම කටයුතු කළේ නැහැ. පාර්ලිමේන්තුවේ ගැලරිවල සිටින මාධ්‍යවේදීන්ට ඇඟිල්ල දික් කරලා කළු මාධ්‍යකාරයෝ, අපි බලා ගන්නවා කියලා ඇඟිල්ල දික්කරලා බය කරන්න හදන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක අගමැතිවරයකුට සුදුසු නෑ. මෙය ඉතාම නින්දිත කටයුත්තක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සමහර අය ගියේ ඇමැතිකම් ගන්න. දැන් ඇමැතිකම් හම්බ වෙන්නේ නෑ. කැබිනට් ඇමැතිකම් තිහයි දෙන්න පුළුවන්. එහෙම නම් ඉන්න අය ඉවත් වෙලා දෙන්න ඕනෑ. මා හිතන්නෙ නෑ එක්සත් ජාතික පක්ෂයේ කිසි කෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි කෙනකුට ඇමැතිකමක් දෙයි කියලා. එහෙම පරිත්‍යාගශීලීන් නෑ කියා අප පැහැදිලිව දන්නවා. දැන් තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය අය හිත හදා ගෙන නැවත මේ පැත්තට ඇවිල්ලා තවත් දහතුන් දෙනෙක් ඒ පැත්තෙන් අරන් අපට ආණ්ඩු හදන්න උදවු කළොත් අපේ පැත්තෙන් නම් ඇමැතිකමක් ලබාගත හැකියි. නැතිනම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන්නම් ඇමැතිකමක් ගන්න ආයේ නම් හම්බ වෙන්නේ නෑ.

අපේ දවස් පනහේ ආණ්ඩුව තුන් වරක් තෙල් මිල අඩු කළා. අපි තෙල් මිල අඩු කරපු නිසයි මංගල සමරවීර තෙල් මිල අඩු කළේ. නැත්නම් තව වැඩි කරන්න එයාගේ සූත්‍රයේ හැටියට තිබෙන්නේ. ඒ වගේම කෘෂිකාර්මික අංශයේ සියලුම සහන ලබා දුන්නා. තවත් අපි සහන ලබා දෙමින් හිටියේ .ජනතාවත් ඉතා සතුටින් බලා සිටියේ අලුත් ආණ්ඩුවකින් අවශ්‍ය සහන ලැබෙයි කියලා. ඒ අතර තමයි මේ අය උසාවි ගිහිල්ලා තහනම් නියෝග අරන් ටී.එන්.ඒ. සංවිධානය ආණ්ඩුවට හේත්තු කර ගෙන මේ ආණ්ඩුව අටව ගත්තේ. මේ අටව ගත්ත ආණ්ඩුවට වැඩිකල් යන්නට හැකි වන්නේ නෑ. දැනටත් මන්ත්‍රිවරුන්ගේ කසු කුසුව තදින් තිබෙනවා. ඒ නිසා වැඩිකල් යන්න කලින් සිංහල අවුරුද්දට පෙර අපේ ආණ්ඩුවක් හදා ගන්නවා.

හිදෝගම – අමිල ප්‍රභාත්
– mawbima

117 views

7 Comments to “අලුත් අවුරුද්දට පෙර අලුත් ආණ්ඩුවක්..?”

  1. Ajith says:

    මුං හැම එකාගෙම ප්‍රධාන ආහාරය අපේ රට ..මෙතන ඉන්න හැම එකාම රට කාලා හම්බකරගත්ත එවුන්.

  2. Rathgama MC says:

    මම හිතුවේ නැහැ එස්.එම් . චන්ද්‍රසේන මන්ත්රිතුමත් වාසු දේව මන්ත්‍රීතුමා වගේ පිස්සෙක් කියල.ඔබතුමාලා නම් තවමත් මට්ටු වෙව්ලා නැහැ,බහුතරයක් නැතිව මහින්ද මහත්තය අගමැති කරල එතුමා විනාශ කරලා ආයෙත් හදන්නේ කරඬුව එතුමාගේ ඔලුව උද තියල එතුමගේ සරම කඩා දාන්නද?පිස්සු විකාර වැඩ නවත්වල 2019 නොවැම්බර් 09 සහ දෙසැම්බර් 09 ඇතුලත පැවැත්විය යුතු ජනාධිපතිවරණය දිනන්න දැන්ම සුදානම් වෙන්න.නැත්නම් ඒකත් කෙලව ගන්න එක නම් සහතිකයි.

    • citizen says:

      Okanam mahinda polpithak dammath dinanna puluwan mathiwaranayak janadi pathi mathiwaranaya. Unp karayo 22% Chandra thiyagenai janthipathi mathiwaranaya karannaya

  3. kamal says:

    සතර වරම් දෙවියන්ගෙන් මම පිහිට පතනවා
    මොකද මම ජනාධිපති වි පහුවෙනිදාම අලුත් පක්සයක් හදනවා. ඒ කල්ලා අලුත් ඡන්ද ක්‍රමයක් හදනවා පලාතකට එකම බලය යෙදෙන විදියට. පලාත් නමයට පලාත් 5ක කැමත්ත තියෙන්න ඔනේ එවිට මහා මැතිවරණයෙන් ජය ගන්නවා නමුත් පලාත් සභා අහෝසි කාරට පසුව තව ක්‍රමයක් පටන් ගන්නවා 2025 එය කරන්නෙ පංචන ජයසිංහ මිට කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හා කමල්

  4. Pambaya says:

    Sitha nivana katha

  5. Saradiel says:

    ඉදිරියේ ඡන්දෙට
    වටිනා කමක් ඇත කතිරෙට
    ඡන්දෙ දී මහින්දට
    රට ගෙනයමු ඉදිරියට

  6. Kadiya says:

    චන්ද්‍රසේන මන්ත්‍රීතුමා, UNP යෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලපොරෝරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු බලපොරෝත්තුවීම වීම හා සමානයි. ඩඩ්ලි සේනානායක මැතිතුමාගෙන් පසු UNP බලය ගත් සියලුම නායකයෝ ඉඩි අමින් පන්නයේ අය. ඔවුන් බලය නැතිවිට ප්‍රජාතන්ත්‍රවාදී නමුත් බලය ඇතිවිට මැතිවරණ තියන්න අකමැතියි. මතක්කරගන්න ලාම්පු කලගෙඩි සෙල්ලම. 2018 පළාත්පාලන චන්දෙ මොන අමරුවකින්ද තිබ්බේ. ප්‍රේමදාස ජනාධිපති වුනේ තමුන්ම මවපු භීෂණයෙන් SLFP එකට චන්ද දමන්න ඉඩනොදී. චන්ද නැහැ, පත්තර, ගුවන්විදුලිය යටකරගෙන තමයි ප්‍රජාතන්ත්‍රවාදය අපට දෙන්නේ.

Main News