අලුත් අවුරුද්දට බලපත්ර නොමැතිව අලෙවි කිරිමට තිබු මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට…
April 13, 2019 at 2:03 am | lanka C news
බලපත්රයක් නොමැතිව එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි මිලට අලෙවි කිරිම සදහා සුදානම් කර තිබු මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නොර්වුඩ් පොලිස් වසමට අයත් සෙන්ජොන් ටිලරි වතුයායේ වතු නිවාසයක කාමරයක් තුල රජයේ අනුමත මත්පැන් බෝතල් 50 ක් සැකකරු සගවා සිටි බව වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේය.
උත්සව සමයේ සැකකරු වැඩි මිලට වතුකරයේ මත්පැන් අලෙවි කිරිමට සුදානම්ව මත්පැන් බෝතල් 50 ක් මිල දිගෙන නිවසේ සගවා තිබෙන බවට ලද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය සහ සැකකරු හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
– හැටන් රංජිත් රාජපක්ෂ
great work police!!!