අලුත් අවුරුද්දට ලයිට් කපන්නේ නෑ.. එතෙක් කපනවා..- රවිගෙන් අවුරුදු දීමනා

March 30, 2019 at 4:40 pm | lanka C news
අලුත් අවුරුද්දට ලයිට් කපන්නේ නෑ.. එතෙක් කපනවා..- රවිගෙන් අවුරුදු දීමනා

දැනට සිදුකරන විදුලි කප්පාදුව සිදු කරන්නේ තවත් දින දහයක පමණ කාලයකට පමණක් බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්දට කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට තමන් පොරොන්දු වන බවද ඒ මහතා සඳහන් කළේ බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වැසි ඉල්ලා ජය ශ්‍රී මහා බෝධියට බාර වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

තමන් විසින් කරන ලද ඉල්ලීම අනුව ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කිරීම නිසා මේ දිනවල විදුලි ඉල්ලුම යම් දුරකට පහත වැටී ඇති බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තවත් අවශ්‍ය වී තිබෙන මෙගාවොට් 500 ක පමණ විදුලිය ඉතා ඉක්මනින් අඩු පිරිවැයකින් ජාතික පද්ධතියට එකතු කරන බවත් අලුත් අවුරුද්දෙන් පසුව මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳන බවත් ඇමතිවරයා තවදුරටත් කීවේය.

147 views