අලුත් අවුරුද්දේ කැබිනට් මාරුවකින් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්.. ෆියිසර්ට ඉවතට.. දයාසිරිට පලාත් පාලනය දී මැකො හා ජවිපෙ සතුටු කරයි..

April 14, 2017 at 12:21 am | lanka C news
අලුත් අවුරුද්දේ කැබිනට් මාරුවකින් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්.. ෆියිසර්ට ඉවතට.. දයාසිරිට පලාත් පාලනය දී මැකො හා ජවිපෙ සතුටු කරයි..

පලාත් පාලන මැතිවරණය කල් යෑමේ ප්‍රධාන හේතුව ලෙස වර්තමාන පලාත් පාලන අමාත්‍යවරයා වන ෆයිසර් මුස්තාප මහතා බව ඒත්තු ගැන්වීමටත්, දැනටම යහපාලන ආණ්ඩුවට මැතිවරණ කල් දැමීම සම්බන්ධ තිබෙන චෝදනාවෙන් ගැලවිමටත්, වහාම පලාත් පාලන අමාත්‍යාංශය දයාසිරි ජයසේකර මහතාට භාරදිමට සහ ඒ සඳහා ඔහුව එකග කරවා ගැනීමට ජනාධිපතිවරාගේ කිටටුම අමාත්‍යවරයෙකු මේ දිනවල කටයුතු කරමින් පවති.

දැනට වසර දෙකකින් පමණ ප්‍රමාද වි ඇති පලාත් පාලක මැතිවරණය හේතුවෙන් යහපාලන රජයට විශාල වශයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද දෝෂාරෝපණය එල්ලවෙමින් පවති.

එමෙන්ම මේ රජය යටතේ 19 ව්‍යාවස්ථා සංශෝධනය මගින් ගෙනා කොමිෂන් සභා සම්බන්ධ ජනතාවගේ විශ්වාසය පලුදුවෙමින් ඇත්තේ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදය දරුණු අභියෝග තිබුණ 88/89 කාලවලදි පවා නියමිත පරිදි අවශ්‍ය දිනයට හෝ ඊට ප්‍රථම මැතිවරණය පවත්වා රටේ ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකර ජනතාවට කැමති පාලනයක් තොරා ගැනිමට අවස්ථාව සලසා තිබීමය.

වර්තමාන පලාත් පාලන අමාත්‍යවරයා මේ වනවිටත් ප්‍රසිද්ධියේ චෝදනාවට ලක් කොට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවා පැවත්වුයේ එදා ආණ්ඩුව විසින් පත්කල මැතිවරණය සීමා නිර්න කොමිටියේ සභාපති අශෝක පිරිස් මහතා ය. ඔහු හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම දැනට ජවිපෙට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරයකි.

0 views

2 Comments to “අලුත් අවුරුද්දේ කැබිනට් මාරුවකින් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්.. ෆියිසර්ට ඉවතට.. දයාසිරිට පලාත් පාලනය දී මැකො හා ජවිපෙ සතුටු කරයි..”

  1. NARAYANA says:

    DOGS ARE EATING SOLIED WASTE EITH TEST. NOW DAYS NUBERED FOR YAHAPALANA BUNCH

  2. Niru says:

    These are all 2 legged donkeys. Will not make much of a difference.

Main News