අලුත් අවුරුදු චාරිත‍්‍ර නැකැත් මෙන්න..

April 14, 2021 at 2:05 am | lanka C news
අලුත් අවුරුදු චාරිත‍්‍ර නැකැත් මෙන්න..

අද දිනට යෙදී ඇති සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර මෙසේය.

අලූත් අවුරුදු උදාව:-

අපේ‍්‍රල් මස 14 වන බදාදා පූර්වභාග 02.33 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය:-

අපේ‍්‍රල් මස 13 වන අඟහරුවාදා අපරභාග 08 පසුවී විනාඩි 09 සිට පසු දින එනම් 14 බදාදා පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පුණ්‍යකාලය බැවින් අපේ‍්‍රල් මස

13 වන අඟහරුවාදා අපරභාග 08.09 ට පළමුව ආහාරපාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍යකාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් මස 14 වන බදාදා පූර්වභාග 02 පසුවී විනාඩි 33 සිට එදිනම පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත‍්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම:-

අපේ‍්‍රල් මස 14 වැනි බදාදා පූර්ව භාග 06.17 ට

ලා කොල පැහැති (පළාවන්) වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා එළකිරි මිශ‍්‍ර කිරිබතක් ද මුං ඇට මිශ‍්‍ර කැවිලිවර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය:-

අපේ‍්‍රල් මස 14 වැනි බදාදා පූර්ව භාග 07.41 ට ලා කොළ පැහැති (පලාවන්) වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැෙඟනහිර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

25,548 views

5 Comments to “අලුත් අවුරුදු චාරිත‍්‍ර නැකැත් මෙන්න..”

  1. සුභ නව වසරක් වේවා..! says:

    සුභ නව වසරක් වේවා..!

  2. Me says:

    උදාවන අලුත් අවුරුද්ද……

    තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්…
    ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
    ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
    ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
    දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්…..

    දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
    නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.

    සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්…..

    …..දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම

    නිදුක් වෙවා… නීරෝගි වේවා… සුවපත් වේවා…

    කායික සුවයෙන් සුවපත් වේවා… මානසික සුවයෙන් සුවපත් වේවා…

    ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්… වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්…වැඩෙම්වා…

    ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා…

    අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා…

    ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා…
    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා…

    යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා…

    ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා…
    අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා…

    ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත සුභ නව වසරක් වේවා…

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා…..

    තෙරුවන් සරණයි…!!!

  3. Saradiel says:

    සුභ නව වසරක් වේවා.

  4. Love nature says:

    සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන…කරන කියන හැමදේම අතිසාර්ථක වෙන….නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන….සුභම සුභ නව වසරක් වේවා….!!!

  5. Love nature says:

    නැවුම් පැතුම් මල් හදවත උපදින
    ඔබෙ නෙතු අද්දර විකසිත වන්නයි
    මුවින් මුවට හසරැලි නිති පැතිරෙන
    සතුට සපිරි වත නිබඳ දකින්නයි

    උතුරායන කිරි පැණියෙන් සුභ වී
    දිවිය ඔබේ සිරි අසිරි මැවෙන්නයි
    රබන් සුරල් හඩ මැදින් එකලු වී
    සාමය සමඟිය ලොව රජයන්නයි

    හිත බිදි නොසතුට මකා දමා නිති
    මිතුදම් හැඩවී සිත සැරසෙන්නයි
    නව වසරක් මේ උදාවෙලා ඇති
    වාසනාව සැම අත පැතිරෙන්නයි

    කරන කියන සැම ජය ගෙන දෙන්නයි
    යනෙන තැනක රැකවරණ ලැබෙන්නයි
    නව වසරේ මේ කවි පද ගෙතුනයි
    හෙළයන්ට පැතුමන් ගෙන එන්නයි.

Main News