අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න…
April 14, 2022 at 8:02 am | lanka C news
අදට යෙදී ඇති සිහල අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් මෙසේය.
~ පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වැනිදා බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට, ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි.
~ අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.
~ පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.17ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 තත්පර 17 සිට අපර භාග 03.05 තත්පර 17 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකැත් චාරිත්‍ර ඉටු කිරීම ද මැනවි.
~ ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.05ට රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.
~ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.17ට රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
~ හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17 වැනිදා ඉරිදා උදේ 07.04ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.
~ රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18 වන සඳුදා උදේ 06.51ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
රාජපක්ෂ පුටුවෙන් බිමට බහින නැකත කීයටද? තියෙන්නේ
රාජපක්ෂ බැස්සට JVP ට දෙන්නේ නැ බං
උඹ දුක් නොවී ඉදපන්. අපි ඒක ගන්නම්. මහ හොර පවුලට ගුටි නොකා යන්න කියපන්
රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව, ලෙඩට බෙහෙත් වත් නැතිව පෝලිම් වල දුක් විඳිනවා. තොපිට මෙතන අවුරුදු! අනේ උකේ! තොපේ ඔය රෙද්දේ නැකැත් සීට්ටුව රෝල් කරලා ගහගනිපියව් පුපේ!
gas naha. Beheth naha. Leddu akalaye marenawa. Mona avrududa ?