අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..

April 8, 2020 at 8:02 am | lanka C news
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට භාර දීමේ නොහැකිවූ නොහැකි බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

ඉකුත් දෙවෙනිදා මෙම නැකැත් සීට්ටුව භාරදීමට නියමිතව තිබුණද පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් එම කාර්යය අත්හැර දැමීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර උද්ගතවී තිබෙන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව වෙසක් උත්සවය සම්බන්ධ ආමිස හා ප්‍රතිපත්ති පූජා නිවාස ආශ්‍රිතව පමණක් සිදුකරන ලෙස මෙරට සියලුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලේකම්වරයා සඳහන් කළේ ය.

එමෙන්ම තම නිවසේ පැවැත්වෙන ආගමික කටයුතුවලට නිවසේ පුද්ගලයන් හැර පිටස්තර කිසිවකු සම්බන්ධ කර නොගන්නා ලෙසද මහජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියේය.

361 views

8 Comments to “අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..”

  1. Muditha says:

    😥😥😥😥😥

  2. Sithumi says:

    ඇදිරි නීති නිරෝදායන නීති බල්ලට දමා ” හිරු” දිගටම පොඩි ලමයි තරුනයන් දාගෙන ශූටින් දිගටම. කෝරෝන අස්සෙ මෝඩ තක්කඩි මූසල වැඩ. කොරෝනා වියාප්තියට උඩගෙඩි. අවුදු කුමරි, ඩාන්ස් කසිකබල් ටෙලි නාට්ටි තරගෙට ශූටින්.
    Dear Sirs pls pay your attention

  3. Dimuthu says:

    Athigaru janadipathi thuma athulu siysluma siyalu arak shaka, sawukya , paripalana , siwil niladarintarh mahajanathawa wana apitath jathi agam bedayakin thorawa subama subs aluth awuruddak wewa

  4. ලොලිපොප් මොංගල් says:

    දැන් ඔන්න ඉතිං රදා සජියගේ පස්ස ලෙව කන බූරු රැල ගෝටා ඇවිල්ලා අවුරුද්දත් නෑ, වෙසක් එකත් නෑ කියාවි. සංස්කෘතිය කන්නද කියන ජෙප්පෝ රට වටේම පෝස්ටර් ගහවි අවුරුදු උත්සව තිව්වේ නැත්තන් අපි පාරට බහිනවා කියලා.

  5. Api says:

    Good decision. This is the correct and responsible thing to do right now. If only all other religions would use their common sense like this.

  6. සුදු මහත්තයා says:

    සියවස් ගණනාවක් පුරා පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු උත්සවය පළමුවරට පැවැත්වීමට නොහැකි වී ඇත්තේ දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේදීය. ජපන්නු ලංකාවට බෝම්බ දැම්මේ අප්‍රේල් මාසයේදීය. 1942 අප්‍රේල් 5 දින ජපන්නු කොළඹට බෝම්බ දැමුවේ පාස්කු ඉරිදාවේය. ඉන් දින කිහිපයකට පසු ජපන්නු ත්‍රිකුණාමලයටද බෝම්බ දැම්මේය. මේ හේතුව නිසා රට්ටු සිංහල අවුරුද්දේ එළියට බැසීමට බිය වූවෝය. ගෙවල් ඇතුළේ සිට අවුරුදු චාරිත්‍ර පුළු පුළුවන් හැටියට ඉටු කළෝය. ඉන් අවුරුදු 29කට පසුව 1971දීත් සිංහලයාට සිංහල අවුරුද්ද සමරන්නට නොහැකි විය. ඒ 1971 අප්‍රේල් කැරැල්ල නිසාය. දැන් ඊට හරියටම අවුරුදු හතළිස් නවයකට පසු යළිත් වතාවක් සිංහල අවුරුද්ද ගෙදරට වද්දා ගැනිමට නෝහැකි විය.

  7. සුදු මහත්තයා says:

    1971 වසරේ ශ්‍රී ලංකාවේ ජනතාවට සිංහල අලුත් අවුරුද්ද පමණක් නොව වෙසක් උත්සවයද අහිමිවිය. මේ සිද්ධිය වී දැනට අවුරුදු හතළිස් නවයකි. හැත්තෑ එකේ කැරැල්ලේදී විසිදහසක් පමණ තරුණ තරුණියන් පිරිසක් මියගිය බව සඳහන්ය.

    රටේ කැරැල්ලක් නැති මුත් මේ අප්‍රේල් ද අප සිටින්නේ 71 අප්‍රේල් මාසයේ රටේ තිබුණ තත්ත්වයට සමාන පරිසරයකය. රට පුරා ඇඳිරි නීතියය. අවුරුද්දට ඇඳුමක් ගන්නටවත් මිනිස්සු එළියට බහින්නේ නැත. එදා රට්ටු තුවක්කුවට බිය වූවෝය. අද කොරෝනාවට බිය වීලාය. වෙනසකට ඇත්තේ එදා මෙන් විසිදහසක් මිය නොයෑම පමණි. එය එසේම වේවා! යැයි අලුත් අවුරුද්දේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම බවට සැකයක් නැත.🎇

  8. The CITIZENS says:

    Thanks for the understanding and the
    patience of the Sinhala Buddhist people and Tamil Hindu people.

Main News