අලුත් ආණ්ඩුකාරයාට විරුද්දව නැගෙනහිර හර්තාල්.. පොලිස් බලඇණි සූදානමින්..
January 12, 2019 at 12:40 pm | lanka C news
නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට විරෝදය පළ කරමින් ඊයේ දිනයේ මඩකලපුව දිස්ත්‍රික්කය පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වින.
මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හි ප්‍රවාහන සේවා ගමනා ගමන කටයුතු අඩපණ වී තිබින.
මෙම ව්‍යාපාරය සංවිධානය කර තිබුනේ ‘නැගෙනහිර දෙමළ එකමුතුව’ නම් වූ සංවිධානයක් විසිනි.
එම සංවිධානය විසින් බෙදා හරින ලද පත්‍රිකාවක සඳහන් ව තිබුණේ හිස්බුල්ලා මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමෙන් නැගෙනහිර පළාතේ ඉඩම් බෙදීමේදී දෙමළ ජනතාවට අසාධාරණයක් වන බවයි.
මෙම විරෝධතාවය දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයන්හි පැවැත්වුනද මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශ වල ක්‍රියාත්මක වූයේ නැත.
තත්ත්වයට මුහුණ දීම සඳහා පොලිස් බලඇණි සූදානම් කර තිබුණද කලහකාරී කිසිදු සිදුවීමක් වාර්තා නොවීය.
මෛත්‍රීපාල ආණ්ඩුකාරකමිවලට පත්කොළ හැම එකාටම පරිප්පු නේද?
කීර්ති තෙන්නකෝන් ඌවෙන් පැන්නුවා.
අසාද් සාලිට ලඟදීම විශ්වාසභංගයක්.
හිස්බුල්ලාට නැගෙනහිරින් තොප්පි.
මෙි ආණ්ඩුකාරයින්ට පලාත්වල හතරමායිමි බලාගන්නවත් කාලයක් නෑ.
ලබන ජනවාරි අළුත් ජනාධිපති පත්උනාම ඔක්කොටම පෝරියල් තමයි.
ආණ්ඩුකාරධූරයේ නමිබුවත් ඉවරයි මෙියක්කු නිසා.
ඇතැම් දෙමළ ජනයා (බොහෝ නායකයින් සහ පාලකයින් වන සුළුතරය ) කෙතරම් ජාතිවාදී ආත්මාර්තකාමි පිරිසක්ද බව ඔප්පු වෙනවා.. අසාධාරණයක් වනවා නම් ඒ අසාධාරණය ඒ වෙලාවට පෙන්නන පුළුවන් රටේ අනෙකුත් ජාතීඉන් වගේ.. කොළඹ කොටහේන එහෙම අසාධාරණ වෙන්නෙ නැහැ.
Yako par demallu thopi kamathi nathnam me ratate inne palayan thamil nadu welata.me rata hadanna try karanne epa.
පර සුද්දන්ගේ ආණ්ඩුකාරක්රමය තහනම් කල යුතුය
සැම පළාතක්ම පාලනය කල යුත්තේ සිංහලේ සිංහලයන් පමණයි පෙරත් එසේමයි ඉදිරියටත් එසේමයි
අනේ හරි සෝක්
ලංකාව පාලනය කළ අපේ සිංහල රජවරු පාලන පහසුව පිණිස මුල සිටම රට කොටස් වශයෙන් බෙදා පාලනය කරන ලදී. මෙහි මුල්ම බෙදීම වශයෙන් රට කොටස් තුනකට බෙදා තිබුණේ ඈත අතීතයේ සිටය. එම බෙදීම රුහුණු, මායා, පිහිටි යනුවෙන් කොටස් තුනකට අයත්විය. එය කෙටියෙන් හඳුන්වන ලද්දේ ත්‍රිසිංහලය කියායි. මෙය නැවත ගෙන ආ යුතුය
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙණ රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි
අහස සිඹින ගිරි කඳුරු
අහස සිඹින ගිරි කඳුරු
පොළව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු
මවු බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේ වලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ
සමනොළ ගිරි වළලු බිමේ
බුදු සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ
සමනොළ ගිරි වළලු බිමේ
මුනි සිරිපා පිපෙන හිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
ජාති වාදී දෙමළ අතලොස්සක් හරි ඉන්නවනම් මේවත් අහපල්ලා…
මේ සිංහල අපගේ රටයි