අලුත් ආණ්ඩුවකට සූදානම්.. සියළු ද්‍රෝහීන් පන්නනවා..- ජනාධිපති කියයි..
January 31, 2019 at 10:25 pm | lanka C news
රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට (31) එක්වෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ රට පුර නව දිස්ති‍්‍රක් කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාලය නො 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටුවා තිබේ.
නව කාර්යාල පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් නායක තිලංග සුමතිපාල මහතා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.
සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ සමරු සටහනක් ද තැබීය.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද අප කතා කළයුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරිම පිළිබඳව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවරැුදිව හදුනාගෙන ඒවා පරාජය කිරීම පිළිබඳව බවයි.
සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන අවංක පිරිසක් සේම තමන් ගැන පමණක් සිතන රටට ද්‍රෝහි පිරිසක් ද සිටින බව පැවසූ ජනාධිපතිතුමා පිරිසිදු ශක්තිමත් ජනතාවදී දේශපාලන ගමන්මගක් කරා යන ගමනේ දී ඊට සුදුසු නායකයන් සහ කි‍්‍රයාකාරින් හඳුනාගත යුතු බව ද කියා සිටියේය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මෙම 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලුත් ආණ්ඩුවක් හදන වසරක් බවයි. එම ගමන වෙනුවෙන් ජනතාවාදී දේශමාමක සහ දේශහිතෛෂි දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කිරීමේ වගකීම අවධාරණය කළ ජනාධිපතිතුමා එම වගකීම ඉටුකිරීමට කැපවන ලෙස ද සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී උත්සව සභාව ඇමතීය.
මහාසංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, ෆයිසර් මුස්තාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සරත් ඒකනායක යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළු සංවිධායකවරුන් ඇතුළු කි්රයාකාරිහු මීට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය ඒකකය
Then this man should leave before others
රටේ ඉන්න ලොකුම ද්‍රෝහියා කවුද කියල ඇහුවොත් මම නම් කියන්නේ ජෙපි නායක ලප කුමාරයා කියලා.
ඒ මොකද කියනවා නම්…… ධනවාදය හෝ සමාජවාදය හෝ මොන වාදය හෝ ක්‍රමයක් තෝරාගත්තා නම් එම ක්‍රමය ඔස්සේ ගොස් දිවුණු වෙන්න පුළුවන්. නමුත් ධනවාදී රටක් සමාජවාදය කරන්න හැදුවොත්, සමාජවාදී රටක් ධනවාදී කරන්න හැදුවොත් කරගෙන යන වැඩ පිළිවෙල නතර වෙනවා. හරියට කරත්තේ ගොන්නු දෙන්න දෙපැත්තට අදිනවා වගේ.
ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, නොර්වේ, ස්වීඩන් වැනි රටවල් එම ක්‍රමය තුලින් දිවුණු වෙලා දුප්පත් කම අපට වඩා දුරු කරලා තිබෙනවා. ඒ වගේම සමාජවාදය තුලින් දුප්පත් කම දුරු කල රටවල්ද තිබෙනවා. .
ඔය මොන ක්‍රමය තුලත් දිවුණු වීමට නම් දුෂණය නැති කල යුතුමයි.
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා බරපතල අභියෝගයක් පිළිබඳවයි ප්‍රකාශ කළේ. මා මේ අවස්ථාවේ කතා කරන්නේ මහින්ඳ රජාණෝ සහ උගේ නියෝජිත පකාපිරිස වංචා කටයුතු, දූෂණය, සොරකම, අපරාධ, පාතාල, මත්කුඩු අදාළව දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා, ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දැක්වූ මෙසේය. ඒ රාජ්‍ය සේවයේ පුංචි ම තැන ඉන්න කොටත් ඒ නීති විරෝධී සියලූ මැති ඇමැතිවරු, මම ලොකු හිසරදයක් වී තිබුණා..
මම පොලිසිය භාර අරගෙන දැන් මාස දෙක හමාරක් පමණ වෙනවා. මේ දිනවල නීති සැලසුම් සකස් කරනවා පොලිස් දෙපාර්තමේන්තුව යොමු කර විශේෂ ඒකකයක් පිහිටුවා, මේ නීති විරෝධී සියලූ මැති ඇමැතිවරු අත්අඩංගුවට ගන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු වෙනවා.
Issella Banku horawa alluwoth narakada mahinda beethikawa oluwe thiyagena policiye kiyala ohoma gon kathamkiyawana thamun pissek
Who are the real people love to the country like MR, Wimal, Prasanna, Pas Hora, Jhonston, Gompanallai, Thilanga, SB, Dilan etc etc etc?
මංත්‍රී ආසනයක් දිනන්න මනාප ගන්න බැරි එකෙක් දිස්ත්‍රික්ක නායකය කොරගෙන මොන ඉදිරි ගමනක්ද?
Please look at the custom department and settle the problem first, then only you can chase the real traitorous.
The people want worrying about NEXT government.
nagasinha kiyana me haraka puduma apathyek. yanney koheda malley pol. kewalu.
Katin bathala………..
Getting rid of traitors !!!!! Not unless all 225 leave parliament