අලුත් ආණ්ඩුවක් යටතේ හම්බන්තොට වරාය නැවත ජනසතු කිරීමට බැසිල් රාජපක්ෂ සහ විජේදාස රාජපක්ෂ එක මතයකට එයි…

August 10, 2017 at 12:00 pm | lanka C news
අලුත් ආණ්ඩුවක් යටතේ හම්බන්තොට වරාය නැවත ජනසතු කිරීමට බැසිල් රාජපක්ෂ සහ විජේදාස රාජපක්ෂ එක මතයකට එයි…

පසුගිය දා සම්මුති ආණ්ඩුව විසින් චීනයට විකුණූ හම්බන්තොට වරාය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ නැවත පවරාගෙන එය ජනතාව සතු කරන බවටත්, ඒ මෙරටේ වටිනා සම්පතක් වන වරාය විදේශිකයන්ට පැවරීම මතු ඉපදෙන දරුවාට මෙන්ම මතු පරම්පරාවට කරන ජාතික අපරාධයක් බවත් එදා බණ්ඩාරනායක අගමැතිතුමා බ්‍රිතාන්‍යයන් සතුව තිබු වරාය ගුවන්තොටුපොල විදේශිකයන්ගෙන් පවරා ගෙන ජනතාව සතු කල ආකාරයෙන් මෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ රක්ෂණය ඇතුළු ආයතනයන් කිහිපයක්ම ජනතාව සතුකල බවත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

එමෙන්ම ඉරිදා ලංකාදීප සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් වත්මන් ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කර සිටින්නේ හම්බන්තොට වරාය මහජන දේපලක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාවට අතට පත්කර මිස ආපසු පස්ස නොබලන බවයි.

කොළඹ වරායට එන නැව් වලින් 89% ක්ම ප්‍රති අපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණුකල පසු සැතපුම් 400 ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් එමගින් චීනය පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතයි ද පැවසිය.

95 views