අලුත් ආණ්ඩුවක් සූදානම්… එජාපයෙන් රහස් මෙහෙයුම්.. විමල්ගේ පක්ෂයටත් ආරාධනා..
May 20, 2017 at 9:20 am | lanka C news
යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය “නව යහපාලන” ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් හුවමාරු කරගනිමින් මේ සැලසුම නිර්මාණය කෙරෙමින් පවතින බව ‘සිරිකොත’ ආරංචි මාර්ග සඳහන් කරයි.
පිහිටුවනු ලබන නව ආණ්ඩුවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා එජාපයේ ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු මන්ත්‍රිවරුන්ගේ නිවෙස් කරා යමින් මේ දිනවල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.
නව යහපාලන ආණ්ඩුවට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද එම ආරංචි කියයි.
පවතින යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩිවෙමින් පවතින නිසා ජනතාවගේ විශ්වාසය තව තවත් පලුදු වීමට ඉඩ නොතබා, නව යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවද පැවැසේ.
අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ඇති කිරීමට යන නව ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් දැනටමත් සහයෝගය දැක්වීමට එකඟත්වය පළකර ඇති බවද දැනගන්නට ඇත.
එසේ සහයෝගය දක්වන පිරිස අතර ශ්‍රී ලනි පක්ෂයට සම්බන්ධ මන්ත්‍රිවරුන් පිරිසක්ද සිටින බව වාර්තා වෙයි.
නව ආණ්ඩුවට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුරයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවුව හොත් එ.ජා. පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ සිටින මන්ත්‍රිවරයකු අස්වී ඒ සඳහා අවස්ථාව සැලසීමට පවා සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.
නව ආණ්ඩුව බිහිවීමත් සමඟ විපක්ෂ නායක තනතුරේ පවා වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
– මව්බිම
මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්ෂයට ද්‍රෝහි වූ බව ඇත්ත. ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඇත්ත. එහෙත් ඔහු රනිල් වෙනුවට වෙනත් අයකු අගමැති පදවියට පත් කරන්නේ නම් ඔහුට සහාය දිය යුතුයි. ඔහු වෙනත් අයකු අගමැති පදවියට පත් කරන්නේ නම් ටික කලකට වුවත් ඒ ආණ්ඩුව රැකීමට ඒකාබද්ධ විපක්ෂයට කටයුතු කළ හැකියි. අද අවශ්‍ය වන්නේ රනිල් නොමැති අන්තර්කාලීන ආණ්ඩුවක්.
100% correct and our support too.
රනිල්-මෛත්‍රි අද කරන්නේ චන්ද්‍රිකා-ප්‍රේමදාස එදා කරපු දේමයි
රට ණය උගුලක හිර කෙරුවේ මේ පාලකයෝ. තීන්දු තීරණ ගත්තේ ඔවුන්. ජනතාවට කියනවා පටි තද කරගන්න කියලා.
මොන පිස්සුද…?
මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කෙරීමේ සිට මේතාක් මේ රජය නියැලී සිටින්නේ ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේය. ඒ සඳහා විදෙස් බලවේග වල අනුමැතිය සහ අනුග්‍රහය වත්මන් රජයට ලැබෙන බවට සාධාරනය සැකයක් ඇත. අද වන විට මේ ව්‍යාපෘතියේ අවසාන අදියරට පැමිණ ඇත. මේසා විශාල මෙහෙයුමක් කරගෙන ආ සංවිධානාත්මක බලවේගයක් විසින් සටන මේ මොහොතේ අත් හරී යැයි සිතිය නොහැකිය. නමුත් ඔවුන්ට බාධක ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔවුන්ට නැත. ජනමත විචාරණයකදීද ව්‍යවස්ථා ව්‍යාපෘතිය බොහෝවිට ජනතාව අතින් පරාජයට පත් වෙනු ඇත. මේ මොහොතේ රජය සහ රජය පවත්වාගෙන යන බලවේග සොයන්නේ වෙනත් උපක්‍රමයකින් සිංහල විරෝධී ව්‍යවස්ථාව රටේ නීතිය කරගැනීමටය. එය කුමක්දැයි අපි නොදනිමු. නමුත් ඒ සඳහා ඉඩක් රජයට ලබා නොදිය යුතුය.
යම් හෙයකින් රටේ කලබලකාරී තත්වයක් පැන නැගියහොත් එසේත් නැත්නම් ජනතාව සිවිල් නීතිය කඩ කරන තැනට පත්වුවහොත් ජනතාව සහ ජන මාධ්‍ය දැඩි ලෙස මර්ධනය කිරීමට රජය එය අස්වැසිල්ලක් කර ගනු නිසැකය. එපමණක් නොවේ රජයට සහය දෙන අදිසි බලවේග විසින් අරාජික තත්වය තවත් උත්සන්න කිරීමට කටයුතු කරනු ඇත. එතැන් සිට රජය කරන කියන දෑ පිළිබඳව ජනතාවට වග නොවෙනු ඇත. අසූවේ දශකයේ ජවිපෙ සහ රජය භීශණය පතුරවන අතරතුරේ ජනාධිපති ප්‍රේමදාස මහතා හිතේ හැටියට කොටි සමඟ ගිවිසුම් ගැසුවේය. ඒ පිළිබඳව විරෝධය දැක්වීමට සිංහලයින්ට අවකාශයක් නොලැබිනි. පසු කලෙක ප්‍රේමදාස මහතාගේ දේශපාලන පාවාදීම් (ඝාතනයවුනු හයසියයක් පමණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත නොවේ) ආපසු හැරවීමට හැකිවුවද වත්මන් රජය විසින් රටේ නීතිය වෙනස් කර බලය බෙදුවොත් එය ආපසු හරවුනු නොහැකිය. එබැවින් ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් එහි අවධානය වෙනතක තබා ගැනීමට අවස්ථාවක් රජයට ලබා නොදීම සාමාන්‍ය ජනතාවගේත් ආණ්ඩු විරෝධී දේශපාලන ක්රියාකාරීන්ගේත් වගකීමවේ. ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය පරදවමු.
Thopi ekek vath apita epaa. We do not need anyone who is currently in Parliament. Go. Drop Dead. Nobody cares.
රනිල් වැඩියෙන් කැමති දෙහි බොන්න අපිට කැමති වෙන්න වෙලා තියෙන්නේ වහ බොන්න
Sri Lanka, the whole country is in a mess and destabilised no knowing what will happen tomorrow. This is what USA expected from the change they made on 08th January 20105.
Ooon passe aandu hadanda