අලුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙන්න සූදානම්..- සජිත් කියයි..

December 22, 2019 at 3:00 pm | lanka C news
අලුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙන්න සූදානම්..- සජිත් කියයි..

නව ආණ්ඩුවට අයවැය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර ගත යුතු නැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටුකරමින් නව අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කරන්නේ නම් එය සම්මත කරගැනීම සඳහා සහාය දීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

ආණ්ඩුවට අවශ්‍ය සරල බහුතර පමණක් නොව 5/6 ක බලයක් වුවද ද ලබාදීමට සූදානම් බවද පේ‍්‍රමදාස මහතා කීය.

කෙසේ නමුත් එම අයවැය යෝජනාවලිය මැතිවරණයෙන් පසුව ද ක්‍රියාත්මක විය යුතු බව ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

72 views

9 Comments to “අලුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙන්න සූදානම්..- සජිත් කියයි..”

  1. බන්ඩා says:

    බොරැ කරන්නෙ නැතිව පාර්ලිමේන්තුව විසුරැවා වහාම මැතිවරණයක් තියන්න සහයෝගය දෙනවද? ජනතා අපේක්ෂාව එයය්.

    • හෙලයා says:

      ඇත්ත. යූඑන්පීයත් එක්ක හවුලෙ කැඳත් එපා.

    • Amda says:

      නැතුවට කාරි නෑ මුන්ගෙ බහුතරය….අපේ බහුතරය අපි හදාගමු

      හිතාගෙන ඇති සිරාව නැටෙව්ව වගේ නටවන්න පුලුවන් බඩුවක් කියල..මේ පාර තමයි මුන් කෙහෙල් ගහට කොටන්නෙ

  2. Kadiya says:

    ජනතා අපේක්ෂාව මේ කෙටිකාලයකට අයවැයක් නොවේ. ඉක්මන් මැතිවරණයකි. දැන් UNP ය කරන්නේ අපි පාසල් යන කාලයේ කරපු සෙල්ලම්. ශිෂ්‍යාවෝ කවුරු හෝ සපත්තුවක් ගලවල තිබුනම දඟකාර කොල්ලෝ ඒ සපත්තුව හිමින් ඩෙස්ක් එකක් ඇතුලේ සඟවා තබා ඇයට විවේක කාලයේ පන්තියෙන් පිටවීමට නොහැකි කරති. UNP ය කරන්නෙත් එකම තමයි, ළමයින්ගේ නොමේරූ වැඩ. මේ අය තමයි රට පාලනය කරන්න ඉල්ලන්නේ

  3. නිරීක්ෂකයා says:

    UNP දේශපාලන පක්ෂය තරම් සිංහල ජාතියට, මේ රටට විනාශයක් කළ දේශපාලන පක්ෂයක් නොමැති තරම්. JVP- UNP එක්ව සිංහල තරුණයන් 60,000ක් 88-89 රාජ්‍ය භීෂණ කාළය තුල ඝාතනය කළ අතර UNP විසින් කොටි සංවිධානය සන්නද්ධ කිරීම නිසා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් වැසියන් තවත් 60,000ක් පමණ ඝාතනය කරන ලදී.

    ඉන්දු ලංකා ගිවිසුම, දෙමළ මුස්ලිම් බෙදුම්වාදී ත්‍රස්තවාදයට ආධාර හා අනුබල දීම ඒවායේ ප්‍රධානීන් ආරක්ෂා කිරීම වගේ බරපතල අපරාධ වල UNP පක්ශය හා එහි නායකයින් යෙදී ඇත. එමෙන්ම මිලේනියම් සිටි සිද්දිය ලෙස ප්‍රසිද්ධ බුද්ධි අංශ වල විශේෂ හමුදා සහ නිලධාරීන් ඝාතනය කිරීම වගේ යුධ අපරාධ පවා UNP නායකයින් මෙරට යුධ හමුදාවට එරෙහිව සිදු කර ඇත. නමුත් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එයින් නීතිය බලාත්මක කිරීම හා එහි ආදිපත්‍ය බිදවැටී ඇත.

  4. සිංහල බන්ඩා says:

    අං තට්ටුව දා ගත්තද? අර ලපයට කියල පට ගාලා විස්වාස බංගයක් කතානායට දීල උසාවි ගිහින් අගමැති වෙන්න අදහසක් නැද්ද?

  5. නෑ… වහාම යෝජනාවක් ගේන්න පැර්ලිමේන්තුව විසුරුවාහරින්න කියලා… නැත්නම් කියන්න ඒ යෝජනාවට අපි 5/6 දෙනවා කියලා. එතකොට සජියට ඕන මන්ත්‍රිවරු ටිකකුත් පත් කරගන්න පුලුවන්. රනිල්ගේ එවුන් එළවලා.

  6. Saradiel says:

    පැරදුන අය ගැන මොන කතාද? දැන් මෙයා අවලංගු කාසියක්

  7. හිටන්ගෙදර අප්පුහාමි says:

    මුන් අයවැය පරද්දන්න බයයි, මොකද දන්නවා අයවැය පැරදුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා.

Main News