අලුත් ආණ්ඩුවේ පළමු විදෙස් ආයෝජනය එයි.. ඩොලර් මිලියන 250යි.. මහල් 30ක කුළුණක් කොලඹට..

December 30, 2019 at 8:40 am | lanka C news
අලුත් ආණ්ඩුවේ පළමු විදෙස් ආයෝජනය එයි.. ඩොලර් මිලියන 250යි.. මහල් 30ක කුළුණක් කොලඹට..

නව ආණ්ඩුවේ පළමු විදේශ ආයෝජනය ලෙස ඩොලර් මිලියන 250 ක් වැය කරමින් මහල් 30 කින් යුතු කුළුණක් ඉදි කිරීමට සැලසුම් කරමින් ඇත.

මෙම ඉදිකිරීම කොළඹ බාලදක්ෂ මාවතේ පිහිටි අක්කර තුනක විශාල භූමියක සිදුකිරීමට නියමිතව තිබේ.

නිවාස 700ක්ද ඉදිකිරීමට යෝජිත මෙම විදේශ ආයෝජන සිදු කරන්නේ පර්නියල් රියල් ස්ටේට් හෝල්ඩින් සමාගම විසිනි.

මෙම ගොඩනැගිල්ල තුප වෙළද ආයතන සදහාද ඉඩ පහසුකම් සැපයේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවකින් එම ආයෝජනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

බේරේ වැව හා ෂැංගිලා හෝටලය අතර ඇති අදාළ භූමිය ලබාදීමට නියමිතව ඇත්තේ බදු පදනම මත වන අතර බදු මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 43ක් ශ‍්‍රී ලංකාවට හිමි වේ.

45,588 Viewers

13 Comments to “අලුත් ආණ්ඩුවේ පළමු විදෙස් ආයෝජනය එයි.. ඩොලර් මිලියන 250යි.. මහල් 30ක කුළුණක් කොලඹට..”

  1. Nalaka Fernando says:

    malik genawe……… ekata okkoma horu rata vikunanawa kiyala kagahuwa………. dan hoday………. ko tendar…………. ape viruwage redde gu………

  2. Gemunu says:

    ආණ්ඩුව ඇවිල්ල මාස දෙකක්වත් නෑ. මේ ආයෝජකය තෝරගත්තෙ කොහොමද කියල රටට කිව්වොත් හොඳයි නේද. අර සජින්ද වාස් ගුනවර්ධනගෙ දිවරුම් ප්‍රකාශන කතාවටත් උත්තර දුන්නොත් හොඳයි.

  3. Kavindu says:

    Owa විකුණන ඒවා නෙමෙයි ….බදු නේද ???එනකොට කිව්වේ කොහොමද ?? දැන් බදු කිය කිය ඔක්කොම විකුණාගෙන කනවා

  4. somapala says:

    අනේ අපේ රටට රත්නත්‍රයේ ආනුභාවෙන් පවතින රජය චිරාත් කාලයක් පවතීවා. විපක්‍ෂය නැති භංඝස්තාන වේවා. දැනට සිටින කොටි හිතවාදී ද‍්‍රවිඩ හා අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් දුරුවේවා

  5. බදු man says:

    හම්බන්තොට වරාය – චීන සමාගම හා වරාය අධිකාරියට අයත් සමාගමකට වසර 99 කට බදු දීලා. චීන සමාගම හා වරාය අධිකාරිය අතර කොටස් හිමි කාරිත්වය, පළමු වසර 30 චීන සමගම 90% වරාය අධිකාරිය 10%, ඊළඟ වසර 30 චීන සමගම 50% වරාය අධිකාරිය 50%, ඊළඟ වසර 31 චීන සමගම 10% වරාය අධිකාරිය 90%

  6. Brian Tambi says:

    මම සහ මගේ සමගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය විස්සක කාමර 300ක (හෝටල් සහ අප්පර්ට්මෙන්ට්) විශාල ආයෝජනයක් ලංකාවට ගෙනෙන්න හැදුව BOI එක හරහා….නමුත් මිස්ට 20% එකට අකුල් හෙලලා….මට හොරෙන් මගේ සමාගමත් එක්ක හොර ගිවිසුම් ගහන්න ගිහිල්ල වැඩේ අල කරගෙන මගේ සමාගමේ අද්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ලංකාවත් එක්ක කිසිම ආයෝජනයක් නොකළ යුථුඉ කියල….අපි ඒ ආයෝජනය සිංගපූරුවට ගෙනිච්චා ….මුන් ආයෝජකයෝ දිරි ගන්නනවා කියල දේශපාලන වේදිකාවල බයලා කියල යෝජකොය්න්ගෙන් කොමිස් කඩ ගන්න හදනවා….නෙද්දකින්

  7. සිමෙන්තියාස් බදාමියාස් says:

    මේ වගේ නිවාස සංකීර්ණවල ගෙවල් ගන්න පුළුවන් ඉතාම ධනවතුන්ට පමණයි. විදෙස් රටවල ඉන්නා කෝටිපතියන් බොහෝ විට මෙවැනි නිවාස කුලියට ගන්නවා. මෙවැනි ව්‍යාපෘති තුලින් ධනවතුන් කොළඹ රැඳෙන එක වැඩිවෙනවා. එය වක්‍රාකාරයෙන් හෝ මෙරට මනුස්සයෙක්ට කීයක් හරි වැඩිපුර හම්බ වෙන්න හේතු වෙනවා.
    දැනට වැලිකඩ හිරගෙදර තියෙන භූමිය වානිජ්‍ය වශයෙන් ඉතාම වටිනා භූමියක් , සෑහෙන විශාල ඉඩමක්. නගරයක් මැද්දෙ කාලකණ්නි පුරවන් ඉන්නවට වඩා හොඳයි මෙවැනි , නිවාස , කාර්යාල ව්‍යාපෘති වෙනුවෙන් එවැනි භූමි වලින් ප්‍රයෝජන අරගන්න එක..

  8. කඩුවෙල සිල්වා says:

    විදෙස් ආයෝජන නැතිව අපට ගොඩ එන්න බැහැ. ආයෝජකයාටත් තම ආයෝජනයට සුරක්ෂිත භාවයක් අව්ශ්‍යයි. එහෙත් රජයේ ඉඩම් විදෙස් ආයෝජයින්ට ලබාදීමේදි බදු පදන ම යටතේ ලබාදිම තමා සුදුසු. ෂැන්ග්‍රිල්ලා හෝටලයට විකිනු ඉඩම් ගැන ආන්ඩුව සැහෙන්නෙ බැනුම් ඇහැව්වානෙ. මෙම ඉඩමත් විකුනුවා කියලා තමයි පේස් බුක් (FB) එකේ යන්නෙ. රජය පිලිතුරක් දිය යුතුයි.

  9. George says:

    Who can live in this kind of accommodation.
    There are better things to do before. Many poor people in Srilanka.

  10. kiki says:

    චීන්නු ලක්‍ෂයක් ලංකාවේ. චීන ජාතිකයන් ලක්‍ෂයක් පමණ පිරිසක් මෙරට සේවකයන් ලෙස කටයුතු කරයි. So housing project is for them. This is the project approved on 2/08/2019.

  11. Abran says:

    Ara Comis Kulunath Naikan Welenawa Neda ?
    Oyta Honda Balumak Udayawala Light Daala pennana eka ….