අලුත් ආණ්ඩුව කෝටි ලක්‍ෂයක මුදල් අච්චු ගහලා.. භාණ්ඩාගාර බිල්පත් බිලියන 1115ක විකුණලා.. බඩු මිල විශාල ලෙස වැඩිවේවි…

July 12, 2021 at 3:25 am | lanka C news
අලුත් ආණ්ඩුව කෝටි ලක්‍ෂයක මුදල් අච්චු ගහලා.. භාණ්ඩාගාර බිල්පත් බිලියන 1115ක විකුණලා.. බඩු මිල විශාල ලෙස වැඩිවේවි…

ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ දක්වා රැපියල් කෝටි ලක්ෂයක මුදලක් මුද්‍රණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මෙම ආණ්ඩුව පත්වන විට භාණ්ඩාගාර බිල්පත් බිලියන 116 ක් නිකුත්කොට තිබූ බවත් එය අද වනවිට බිලියන 1115 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය.

සෞභාග්‍යයේ දැක්මක් සඳහා යන බව පවසමින් පැමිණි ආණ්ඩුව දැන් තමන්ගේ සෞභාග්‍යය පෙන්වන්නේ මෙලෙස මුදල් අච්චු ගැසීමෙන් බවත් මේ නිසා භාණ්ඩ මිල අධික ලෙස තව තවත් ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය.

24,438 views

8 Comments to “අලුත් ආණ්ඩුව කෝටි ලක්‍ෂයක මුදල් අච්චු ගහලා.. භාණ්ඩාගාර බිල්පත් බිලියන 1115ක විකුණලා.. බඩු මිල විශාල ලෙස වැඩිවේවි…”

  1. විමර්ශක says:

    ජේවීපී ගණන් හිලව් ගැන මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා . අනේ පලයන් හඳුන්නෙත්ති යන්න .

  2. Gamaraala says:

    We should not be worried about this. Our local expert Cabraal knows how to manage the problem.

  3. dev says:

    ow ethin umbalta wage nikan denne naa ne

  4. lakshitha says:

    මේ වෙද්දි උඹල බලේ හිටියා නම් මොකද්ද කරන්නේ කියපන්. උඹලටත් ඕක ඇරෙන්න වෙන විසඳුමක් නෑනෙ. මොකද තොපේ කියුබාවෙන් උදව් ගන්නද. හැම රෙද්දටම විරුද්ධ වෙවී ඉන්නෙ නැතුව රටේ දීයුණුවට මොකක් හරි කරපන්. නැත්තන් මකබෑවිලා පලයව්. කාලකන්නි.

  5. දුස්රා says:

    “දෙයියෝ පය ගහන්න බය තැන මෝඩයා පිනුම් ගහනවලු” – බැසිල් බඩ පිනුම් ගහනවා.
    සිස්ටම් ෆේල් සර් ෆේල්.. රටම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා.1953දී එවකට තිබූ කිසිදු දේශපාලන පක්ෂයක පෙර දැනුමක්,මෙහෙයවීමක්,උසිගැන්වීමක් නැතිව නියම පොදු ජනතා විරෝධයක් පැන නැගුනා-53 හර්තාලය.එහිදී පොදු ජනතා විරෝධයට බියෙන් ආණ්ඩුව මුහුද මැද නැවකට පැන්නා පණ බයේ.
    අද වත්මන් ජනතා විරෝධීන්ට1953දී වගේ නැවකට නැගලා බේරෙන්නත් බෑ..ඇයි? එකක් ධීවරයෝ මුහුදට ගිහින් නැව පිටින්ම කුදලාගෙන ඒවි..අනෙක බයිබල පුරාවෘතයේ Noahගේ නැවට නැග්ග පිරිසටත් වඩා පවුලේ,හෙන්චයියන්ගේ, දූෂිතයන්ගේ සමස්ත එකතුව වැඩියි !!

  6. කැලණියේ නයා says:

    ඉස්සරහට කොහොමත් පොල් සම්බෝලයක් එක්ක බත් වේලක් කාල ගෙදර ෆ්‍රිජ් එකෙන් කූල් වතුර ටිකක් බොනව කියන්නෙ ඌ හොදම සල්ලි කාරයෙක් තමා.බයිසිකලයක් පදිනව කියන්නෙ කෝටිපතියෙක් .වාහනයක් පදින එකා කෙලකෝටිපතියෙක්.වීල්බැරෝවක් සල්ලි පුරවන් පාන් ගෙඩියක් ගන්න වෙන ඒ යුගේට පිය මනින්න අපේ බයි මල්ලිලාගේ චන්දය දායක උනා.

  7. Truth says:

    Please continue printing money don’t stop. If you stop machine will have technical issues. Also if it’s excess cash printed burn.

  8. ගිජුලිහිණි සංදේශය says:

    රතු කොළ නීල පාටින් ඇති කන්නාඩි
    සිතු ලෙස දමා සිටියත් ගහගෙන වාඩි
    මිතුරනි මුදන් මොළ සිර කරනා මූඩි
    මෙතුවක් කල් කලේ මුන් උඹලව ජාඩි

Main News