අලුත් ඇමති මණ්ඩලය ඒ විෂයන් පිළිබඳව විශාල දැනුමක් තියෙන අයයි පත් කරල තියෙන්නේ…

May 21, 2022 at 8:02 am | lanka C news
අලුත් ඇමති මණ්ඩලය ඒ විෂයන් පිළිබඳව විශාල දැනුමක් තියෙන අයයි පත් කරල තියෙන්නේ…

අවධානම් තැනක තිබෙන අපේ රටේ ආර්ථිකය ගොඩගැනීමට කැපකිරීම් කරමින් සියලු දෙනා එකතු විය යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ (20) කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“අපි සියලු දෙනා එකතු වෙලා රට කරන්න ඕන කියන මතය තමා සියලු දෙනාගේ තියෙන්නේ. රටේ ජනතාවත් ඉල්ලනවා සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න. ඉතාමත් අමාරු තත්ත්වයක ආර්ථිකය තියෙන්නේ. විශාල අවධානම් තැනක තියෙන්නේ. අවධානම් තැනක තියෙන ආර්ථිකය ගොඩගැනීමට නම් අපි සියලු දෙනා කැපකරන්න ඕන. අපි සියලු දෙනා එකතු වෙන්න ඕන.

ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් අද පත්කරපු ඇමති මණ්ඩලය ඒ විෂයන් පිළිබඳව විශාල දැනුමක් තියෙන අය පත් කරල තියෙන්නේ. මේ අභියෝගාත්මක අවස්ථාව, අමාරු අවස්ථාව ජයග්‍රහණය කරන්න නම් මෙවැනි පත් කිරීම් කරන්න ඕන.

ඒ වගේම මෙම පත්කිරීම් තුළ සියලු පක්ෂ නියෝජනය කරමින්, සියලු ස්වාධීන කණ්ඩායම්, සියලු පාර්ශවයන් නියෝජනය කරමින් පත් කරලා තියෙනවා. ඒ නිසා මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තූතිවන්ත වෙනවා ඉතා හොඳ ඇමති මණ්ඩලයක් පත් කිරීම පිළිබඳව.

අපි සියලු දෙනා පිළිගත යුතු කාරණයක් තියෙනවා. මේ රටේ ආර්ථිකය ඉතාමත් අමාරුයි. අපි සියලු දෙනා එකතු වෙන්න ඕන. අපට ඩොලර් නෑ. සංචාරකයෝ එන්න අවස්ථාවක් ජනතාව ලබාදෙන්න ඕන අරගල කරන්නේ නැතුව. අරගල සාමකාමීව කරන්න ඕන. අරගල ප්‍රචණ්ඩත්වයෙන් කරන්න ඕන නෑ. ආයෝජකයෝ එන්න නම් රටේ සාමකාමී පරිසරයක් තියෙන්න ඕන. ඒ සඳහා අවස්ථාව සලසා දෙන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රට ගොඩගන්න මම සියලු දෙනා එක්ක එකතු වෙලා මේ කරන සියලු දේට කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා. සජිත් මහත්තයා භාර ගත්තේ නෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා භාර අරගෙන තියෙනවා. රටේ ලොකු බලාපොරොත්තුවත් තියෙනවා එතුමා පිළිබඳව. ලෝක ප්‍රජාව තුළත් එතුමා පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා අපි අගමැතිතුමා සහ ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා ඒ කටයුතු තනතුරු ගන්නේ නැතුව කරන්න බලාපොරොත්තු වෙනවා.

හරීන් ප්‍රනාන්දු දක්ෂ මන්ත්‍රීවරයෙක්. සංචාරක අමාත්‍යාංශය එතුමට ගැලපෙනවා. සංචාරක අමාත්‍යාංශය මේ රටට අද අත්‍යවශ්‍ය මොහොතක ඒ අභියෝගය භාර අරන් තියෙනවා. අපට නැත්තෙම විදේශ විනිමය. විදේශ විනිමය කෙටිකාලීනව, ඉක්මනින් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරය තමයි සංචාරක ව්‍යාපාරය. මේ රට ගොඩගන්න, ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසදන්න, තෙල් පෝලිම් නැති කරන්න, ගෑස් පෝලිම් නැති කරන්න පුළුවන් ප්‍රධානම අංශය තමා සංචාරක ව්‍යාපාරය. ඒ නිසා සංචාරක ව්‍යාපාරය ඉහළට ඔසවන්න නම් තනියම එතුමට කරන්න බැහැ. ඒ සඳහා ජනතාවත් සාමකාමීව මේ රට පවත්වාගෙන යන්න ඕනේ. එතකොට එතුමට ඒ ඉලක්කයට යන්න පුළුවන්.”

– Media unit

41,595 views

16 Comments to “අලුත් ඇමති මණ්ඩලය ඒ විෂයන් පිළිබඳව විශාල දැනුමක් තියෙන අයයි පත් කරල තියෙන්නේ…”

  1. Nalin says:

    එතකොට අර සෞඛ්‍ය ඇමතියා කෙහෙළිය? ඌ මොනවද සෞඛ්‍යය ගැන දන්නේ? ඌ අඩුම ගානේ ඉස්පිරිතාලෙක ඇටෙන්ඩන් වැඩක් වත් කරපු එකෙක්ද? දොස්තරලා 6 දෙනෙක්ම පාර්ලිමේන්තුවේ ඉන්දෙදි ඌව ඔතනට දැම්මේ මොන පදනමක් ඇතිවද?

    • Sam says:

      දැන් හරින් කරන්නේ සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කරන්ඩ කියල තිබෙන විදේශවිනිමයත් කාබාසිනා කරමින් ගෑණුත් සමග ලෝකෙ පුරා සැරිසරනව .මේ මිනිහ යහපාලන කාලෙත් කලේ වැඩිපුර සිටියේ රට .කිසිම ඇමතියෙකුට විදෙශ් සංචාර අවස්‍ය නෑ .අද තාක්ශණය ඉතාම දියුණුයි .සියලුම දේවල් මේරටේ සිට කරගත හැකියි .හරින්ට සංචාරක ව්‍යපාරය ගැන අබමල් රේනුවක දැනීමක් නෑ .මේයගෙ ඕ ලෙවල් රිසල්ට්ස් මෙයාගෙ සමකාලීන ජොෂපියන්ස්ල දන්නව .මේව රෙකමන්ඩ් කරන්නේ හරින් වගේම මහා උගතෙක් ලන්සා .අඩුම වසයෙන් මේ තනතුර සදහ උපාධිදාරියෙක් පත්කිරීමට තිබුන .

    • බූරුවෙක් says:

      ගෙලිඔය නේද ගෙවල්? යූ ඇන් පී නේද? රාජකාරි කරන්නේ කඩුවෙල නේද?

  2. Manuka says:

    Ow akanam saharhika aeththa ape aemtithuma. Wadikomis ganna puluwan programmes gena 225! & 1 ta hoda awabodhayak thiyenawa. A nisai mulu ratama kiyanne 225 & 1 ta yanna kiyala

  3. gihan perera says:

    Harako. Keheliya danna saukkiya mokakda Dinesh mokekda. Harin danne pukada. Itiriwa balapan

  4. Modaya says:

    These monkeys are scratching each others backs again. There are none who have been appointed as per the speciality required for the portfolio. Such members are presently not available in the parliament.

  5. Sumith says:

    A disgraceful donkey. Are you naked while talking. Wijayadasa Rajapakshe is the only qualified man. What about Tiran Alles who is a big time rogue

  6. Sam Fernando says:

    දැන් හරින් කරන්නේ සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කරන්ඩ කියල තිබෙන විදේශවිනිමයත් කාබාසිනා කරමින් ගෑණුත් සමග ලෝකෙ පුරා සැරිසරනව .මේ මිනිහ යහපාලන කාලෙත් කලේ වැඩිපුර සිටියේ රට .කිසිම ඇමතියෙකුට විදෙශ් සංචාර අවස්‍ය නෑ .අද තාක්ශණය ඉතාම දියුණුයි .සියලුම දේවල් මේරටේ සිට කරගත හැකියි .හරින්ට සංචාරක ව්‍යපාරය ගැන අබමල් රේනුවක දැනීමක් නෑ .මේයගෙ ඕ ලෙවල් රිසල්ට්ස් මෙයාගෙ සමකාලීන ජොෂපියන්ස්ල දන්නව .මේව රෙකමන්ඩ් කරන්නේ හරින් වගේම මහා උගතෙක් ලන්සා .අඩුම වසයෙන් මේ තනතුර සදහ උපාධිදාරියෙක් පත්කිරීමට තිබුන .

  7. Sunil says:

    Sathosa hora welanda amathi

  8. පොහොට්ටු වට කැස්ස මොඩ බයියා says:

    රත්තරන් මොලේ ලන්සො එතකොට උඹට ධිවර අමාත්‍යංශය හා භාරදුන්නම හරි
    උඹේ සීයා මාලු කාරයා හින්දා.
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අලි මෝඩයෝසංචාරක අමාත්‍යංශය භාර ගන්න හරීන්ට ඇති අධ්‍යාපන සුදුසුකම මොකක්ද ?මොකක්ද උඹලා එකෙක්ටවත් tourism කියන එක මේ රටේ තව අවුරුදු දහයකට ගොඩදාන්න බෑ රටේ ච්චර වැටිලා ඉවරයි. පස්සේ අරගන්ඩ ලංකාවට එන්න විදේශිකයන්ට ලංකාවට එන්න අවශ්‍යතාවයක් නැහැ. මහින්ද හිටියනං තව srilankan එකට ෆ්ලයිට් තිහක් අරගෙන මල්ල කරේ හොරු ටික ගේ. හොඳ වෙලාවට කාලකන්නියා මකබෑවිලා ගියා.

  9. ඊර්ෂ්‍යාව නවත්වා සුදුස්සන් අවශ්‍යයි says:

    අපිට ඕ ලෙවල් පාස් හෝ අට පාස් උන් එපා. අපට අවශ්‍යය කීර්තිමත් රැකියා ඉතිහාසයක් ඇති තමා ඉන්න ක්ෂෙත්‍රයෙ උගත් විශේෂඥයන්. අරගල කරුවන්ගේ විරෝධතා නිසා මාර්ගවල ජනතාවට තියෙන්නේ හරිම හිරිහැරයක් තමා. ඒත් කියන සිංහල තේරෙන්නෙ නැති පන්තිවල ඉතා දුර්වල ශිෂ්‍ය ප්‍රගති වාර්තා පෙන්වූ ඇමති උන් උගතුන්ගේ සහ දක්ෂයන්ගේ අඩුවක් නැති ලංකාවට කීයටවත් එපා කියන පණිවිඩය මීටත් වඩා වේදනාකාරිව අරගල කරුවන්ට දෙන්න වෙන එක රටේ අවාසනාව. ඇත්තටම වෛද්‍යවරයෙක් හෝ සෞඛ්‍යයට අදාල කෙනෙක් සෞඛ්‍ය ඇමති නොකර මැර දේශපාලකයන්ට තැන දෙන්න ප්‍රධාන නායකයො කැමති වෙන්නේ ඇයි? ඒකට හේතුව නායකයාට හොර වැඩ කිරීමට පුළුවන් හොර මැර වැඩවලට නිර්භීතව මුහුණ දෙන ඇමතිලා නිසයි. අනෙක නම් පැහැදිලි ඊර්ෂ්‍යාව. යහපාලන කාලේ හර්ෂ සහ එරාන් ලංකරගන්නෙ නැතිව රවි කරුණානායකව ලංකරගන්න රනිල් උනන්දු වුනේ ඇයි කියල අපි දන්නවා. මේක අපේ රටේ හුගක් තැන්වල දකින්න ලැබෙනවා. ඒත් දැන් අපිට ඔය කෝළං කාරයෝ බලන්න වෙලාවක් නෑ.

  10. Gamarala says:

    වසර 74ක් කිවේ මෙදේම තමා

Main News