අලුත් APP එකක් හදලා සංචාරකයන් ගෙන්වන්න සූදානම්….

October 20, 2020 at 4:40 pm | lanka C news
අලුත් APP එකක් හදලා සංචාරකයන් ගෙන්වන්න සූදානම්….

කොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) හදුන්වා දීමට යයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම පරිගණක යෙදවුම නිර්මාණය  කර තිබේ.

මෙම පරිගණක යෙදවුම නිර්මානය කිරීම සදහා සංචාරක සංවර්ධන අධිකාරියට ප්‍රතිපාදන ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනයි. එය නිර්මානය කර ඇත්තේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) විසිනි.

කොවිඩ් වසංගතය තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා විවෘත කිරීමේදී ඔවුන් මෙරටට ගොඩ බැසීමට පෙර සිටම ඔවුන් පිළිබද සියළු තොරතුරු ලබා ගැනීම මෙම නව පරිගණක යෙදවුම හදුන්වා දීමේ අරමුණ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මෙන්ම ඔවුන් සංචාරය කරනු ලබන ප්‍රදේශ, ලැගුම්ගන්නා ස්ථාන හා අදාල කාල වකවානු පිළිබද දත්ත ලබා ගැනීම මෙමගින් කටයුතු කෙරේ.

මෙරටට පැමිණෙන සංචාරකයෙකුට වීසා අනුමැතිය ලබා දෙන අවස්ථාවේදී මෙම පරිගණක යෙදවුමට ඔහු හෝ ඇය සම්බන්ධ කර ගැනෙනු ඇත. එම සංචාරකයන්ට මෙරටට පැමිණීමට අනුමැතිය ලබා දෙන විටම ඔවුන් පිළිබදව සියළු තොරතුරු මෙරට සියලුම දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය බළධාරීන් ඇතුළු අදාල අංශ වෙත ලබා දීමටද නියමිතයි.

මෙම පරිගණක යෙදවුමට මෙරට සංචාරක ස්ථාන පිළිබද තොරතුරු ද ඇතුලත් කිරීමට අපේක්ෂිතයි. දැනටමත් මෙරට සංචාරක ස්ථාන 4600ක් පුරාවිද්‍යා වටිනාකම් සහිත සිද්ධස්ථාන 175ක් පුරා තිබේ.  එම තොරතුරු මෙම යෙදවුමට ඇතුලත් කිරීමට නියමිතය. මීට අමතරව මෙරටට පැමිණෙන සංචාරකයන්ට හදිසි අවස්ථාවකදී ඔවුන් නතර වී සිටින ප්‍රදේශයේ සංචාරක පොලීසිය සෘජුවම සම්බන්ධ කර ගැනීමටද මෙමගින් හැකියාව ලැබේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ මෙම නව පරිගණක යෙදවුම ආගමන විගමන දෙපාර්තමේන්තුවත් සමග හවුලේ ක්‍රියාත්මක කරන බවයි. ඒ නිසා එය භාවිතය සදහා අවශ්‍ය අනුමැතිය සදහා ඇමති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කලේය.

30,291 views

11 Comments to “අලුත් APP එකක් හදලා සංචාරකයන් ගෙන්වන්න සූදානම්….”

  1. Tourist says:

    Moda Bayiyani, App. hauwaama Airport arinawada, Flight nawatha patan gannawada?
    Thawa koti gananakata kelinna hadanne plan ekak!

    • "සුද්ද දුන්න අලුත් APP එක "😡 says:

      අපිට ලංකාවට ගිහිල්ලා ආපු එංගලන්තයේ ඉන්න සුද්දෝ කියන්නේ මෙන්න මෙහෙමයි…
      ලංකාව කියන්නේ පුදුම රටක්… යන එක දෙසැරයක් හිතන්න ඕනි..
      කොලඹ හවසට පාරේ යන වාහන දැක්කාම කෝටිපති රටක් වගේ..! මාර්ග නීති කොහෙත්ම පිලිපදින්නේ නැති රටක්..! දුරාචාරය වැහිවැහලා… අවුරුදු 18-20 ගෑණුලමයි හරිම ලාබයි රුපියල් 5000 යි..! කාපිරි අයත් චීන්නුත් පුදුම විදියට රෑට කැසිනෝ ගහන්නේ..රෑට තායි කෙල්ලෝ පුදුම ඇඟ වෙලඳාමක..!
      නීතිය ‘සන්ග්ලාස් ‘දාගෙන රෑට වැඩ… ‘ටුක්-ටුක්’ (ත්‍රිවීල්) එකකට නැග්ගහම අහනවා සර් මසාජ් කරගන්න ඕනිනම් කියන්න මගෙ ලඟ ඒ අයගෙ නොම්මර තියෙනවා කියලා..
      පාරෙත් පොකුරු ගැහිලා සිගරට් බොන ගෑනු ලමයි වයින් වීදුරු අතේ තියාගෙනම… කඩ්ඩෙන්ම තමයි කතාව… නිරුවත පෙන්වන එක ඒ අයට පුරුදුයි..!

      • opps says:

        උබට වැරදිලා ඔය කියන සුද්දා ගිහින් තියෙන්නේ bangkok ඌ එහෙම කියන කම් උබ බලාගෙන හිටියද ..නයෝ

  2. Nima says:

    Not only details of the tourist, but also direct contact details (7/24 time) can be trace by developing a App similar to the app used in Qatar called “EHTERAZ”.

  3. කාන්තාර පළඟැටියා says:

    දැනට සංචාරකයන් යන එන තැන්වල කක්කුස්සි ටික පලමුව හදන්න . ඒ ප්‍රදේශ ආශ්‍රිතව ඉන්න සංචාරකයන් හූරන් කන මෙරට මංකොල්ලකරුවන් එම ස්ථානවලින් පලවා හරින්න. සංචාරකයන් යන එන කෝච්චිවල තියෙන වැසිකිලිවල ඇති ඇමෝනියා ගන්දස්සාරය නැති කරන්න. සංචාරකයන්ට හිරිහැර කරන , අතවර කරන අයට වැඩි වැඩියෙන් දඩුවම් දෙන්න. ඔය ඇප් බලලා නම් එන ප්‍රමාණය ඒ තරම් වැඩිවෙන්නෙ නෑ

    • ගස් ගෙම්බා says:

      එකෙන්ම.
      මේ පුත්තලම් බුරුවට රජයේ පඩි ගෙවන එක, පහසුකම් ලබා දෙන එකා නවත්තලා ඒ මුදල් යොදවල ලැට් එක ගානේ හැදුවොත් ලොකු සේවයක් වෙයි.

    • narada says:

      කාන්තාර පළඟැටියා කියන කතාව හරියටම හරි, මාතර නුවර දුම්රියේ දෙවන පන්තිය විදේශ සංචාරකයන් අතර ජනප්‍රිය සේවාවක්, නිකමට ගිහින් බලන්ට

  4. aniwa says:

    good move sir. we don’t need to prioritise so called our own Sri Lankan people who are stranded in middle east airports. its their own fault they they went abroad to find jobs. let them die from covid there.
    however we need tourist for the economy. app solution is an amazing idea. I am so proud to have such a intelligent minister. jaya wewa appachchi and gota sir !

  5. SL MAN says:

    What qualification Prassana has to hold Tourism ministry? can he at least speak 2nd language English to communicate with an international delegations? , has he proved himself as a capable minister in the past?

  6. I'm so sri lankan says:

    මුන්ට රජයෙන් වියදම් කරන දීමනා වලින් රටේ යටිතල පහසුකම් හැදුවනම් ලංකාවත් අද සංවර්ධිත රාජ්‍යක් තමයි!

  7. sunil says:

    ammage redda.sancharakayonta hamenenna kiyala rata inna ape manusayo tika genaganin ban

Main News