අලුත් කතානායක මහින්ද යාපා.. චමල් බෑ කියා ඇමති ධුරයකට යයි..
August 10, 2020 at 6:48 pm | lanka C news
20 වැනිදා සිට ආරම්භ වන නව පාර්ලිමේන්තුවේ කතානායක වරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු මෙවර මාතර දිස්ත්රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටී.
ඒ අනුව ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ එකොළොස්වැනි කතා නායකයා බවට මහින්ද යාපා අබේවර්ධන මහතා පත් වනු ඇත.
මේ ගැන අදහස් පල කරමින් මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ තමන් කතානායක ධුරයට යෝජනා වුවහොත් එය බාර ගැනීමට සූදානම් බවයි.
මෙවර පාර්ලිමේන්තුවේ කථානායක ධුරය භාරගන්නා ලෙස චමල් රාජපක්ෂ මහතාට ඉල්ලීමක් කර ඇතත් ඔහු එම ඉල්ලීමට බැහැර කරමින් සඳහන් කර ඇත්තේ ජනතාවට වැඩ කළ හැකි ඇමති ධූරයකට තමන් කැමති බවයි.
Eka Thamai horakan nokarana manussayek Speaker position ekata daala thiyenne. horakan nokarana nisa emathi kamak dena eka aparaadayak.