අලුත් කැබිනට්ටුවක් පත් කරනවා.. ඇමති ධුර දෙන්නේ සුදුස්සන්ට පමණයි..- ජනපති හෙලි කරයි..

April 24, 2018 at 11:20 am | lanka C news
අලුත් කැබිනට්ටුවක් පත් කරනවා.. ඇමති ධුර දෙන්නේ සුදුස්සන්ට පමණයි..- ජනපති හෙලි කරයි..

කැබිනට් අමාත්‍ය පදවිවලට පුද්ගලයන් පත් කිරීමේදී රට තුළ පවතින තත්වය පිළිබඳ පමණක් නොව එම පදවිවලට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීමත් සැලකිල්ලට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස ලන්ඩන් නුවරට පැමිණි අතරවාරයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

විශේෂයෙන්ම නීතිය හා සාමය වැනි අමාත්‍යාංශවලට පත් කළ යුත්තේ කවුරුන් දැයි රට තුළ පසුගියදා විවිධ මතවාද පැවති බව බීබීසී සිංහල සේවය පෙන්වා දුන් අවස්ථාවේ එයට ප්‍රතිචාරය දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන්ට එහිදී ජාත්‍යන්තර වාතාවරණය ද සැලකිල්ලට ගැනීමට සිදු වූ බවය.

“ඕනෑම අමාත්‍යාංශයක් පිළිබඳව, ඒ ඒ විෂය පථය පිළිබඳව, ඒ වගකීම් දරන කෙනෙක් සම්බන්ධයෙන් රටෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් පිළිගැනීමක් තියෙන්න ඕන,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් පහළොස්දෙනෙකු සහ නියෝජ්‍ය කතානායකවරයා සිය පදවිවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව කැබිනට් සංශෝධනයක් සිදුකරන බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.

එය “කැබිනට් සංශෝධනයකට” වඩා සම්පූර්ණයෙන්ම “අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමක්” ලෙස සලකන බව පවසන ජනාධිපතිවරයා, සිය ලන්ඩන් සංචාරයෙන් අනතුරුව මුලින්ම දැනට පවතින කැබිනට් මණ්ඩලය මුණ ගැසෙන බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසයි.

එම “අලුත් කැබිනට් මණ්ඩලයට” කෙතරම් පිරිසක් ඇතුළත් වන්නේදැයි විමසූ අවස්ථාවේ එයට සිනහවකින් ප්‍රතිචාරය දැක්වූ ජනාධිපතිවරයා “ඒකට තව සතියක් තියෙනවනේ” යනුවෙන් සඳහන් කළේය.

නිවේදනය කිරීමට යෝජිත අලුත් කැබිනට් මණ්ඩලය “පැහැදිලිවම විද්‍යාත්මක පදනමක් අනුව විෂයයන් බෙදපු අමාත්‍යංශ” සහිත කැබිනට් මණ්ඩලයක් වන බව අවධාරණය කරමින්, චෝදනා ලැබ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරුණු පුද්ගලයන් යළිත් පත්කරන්නේ ද?නැද්ද? යන්න තීරණය කිරීම “දේශපාලන පක්ෂවල වගකීමක්” බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

“මම ගාවට එන යෝජනාවලදී මම සොයල බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද? නුසුදුසුද? කියන එක. ඒක මගේ වගකීමක්.”

එබැවින් “ජනතාවට විශ්වාස කළ හැකි” කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සිය වගකීම බව ඔහු සඳහන් කළේය.

– BBC

192 views

23 Comments to “අලුත් කැබිනට්ටුවක් පත් කරනවා.. ඇමති ධුර දෙන්නේ සුදුස්සන්ට පමණයි..- ජනපති හෙලි කරයි..”

  1. Lapaya says:

    Maara sudusukam thiyana porak thanathuru denna sudusukam thiyana ata pas porawal tikak hoyanawa. Onna lankawa palanaya karana unge hati.

  2. කැබිනට්ටුවක් මොකටද සිලා මාමේ says:

    කැබිනට්ටුවක් මොකටද සිලා මාමේ….ඔය තියෙන අඩුම කුඩුම ටික දාන්න කැබිනට්ටුවක් මොකටද සිලා මාමේ. දාපන්කෝ ඉතිරි උන් ටික දුම් මැස්සට. නැතිනම් පුස් කාවි. ඉතිරි වල්ලම.

  3. කොහොම කොලත් එකම පනු හැලියේ ඉන්න කඳ පනුවෝ ටිකම නේ එහාට මෙහාට මාරුවෙන්නේ සක්සුදක් සේ එකක් නම් පැහැදිලියි ඉදිරියේදී ඔය පක්‍ෂ දෙකටම ඇපැත් නැතුව තමයි ගෙදර යන්නේ??

  4. දිසපතිලාට බෑ....ග්‍රාම සේවකලාට විතරයි. says:

    දිසපතිලාට බෑ….ග්‍රාම සේවකලාට විතරයි. ආප්ප කාලා පස්සේ ඇරීම ලොකුම සුදුසුකමයි.

  5. පලමුව මම සුදුස්සෙකද කටුස්සෙක්ද කියලා හිතල බලමුද​??

  6. HUNA says:

    Muta awurudu 3-k gihilath hari cabinetuwa hadaganna bariuna.

  7. Hutan says:

    Thaman Inna Putuwennma Patan Gathoth Neda Honda Hitan ?

Main News