අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..

April 22, 2022 at 10:22 pm | lanka C news
අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කරයි.

ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවේ රට ගොඩනැඟීමට එකම මාර්ගය අන්තර්වාර ආණ්ඩුවකට රට යොමුවීම් බවද හෙතෙම පැවසීය.

රට තුළ අවශ්‍ය කරන දේශපාලන ස්ථාවර භාවය ගොඩනැඟීමට නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කර ගත යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා ජනාධිපතිවරයා තීන්දුව ගැනීමට පහසු වීම පිණිස තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා භාර දුන් බවද ඔහු පැවසුවේය.

නමුත් ජනාධිපතිවරා එය පිළිනොගත් නිසා තව දුරටත් ඇමති ධුරය දරන්නට තමනට සිදුව ඇති බව ද හෙතෙම කියා සිටියේය.

මේ පිලිබදව ඔහු තම සමාජ ජාල ගිණුමේ මෙසේ සටහන් කර ඇත.

දයාබර හිතවතුනි,

2022 අප්‍රේල් 18 වන දින සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ජනාධිපතිතුමා විසින් මා හට ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ධූරය පිරිනමන ලදී.

විදුලි සංදේශ ඉංජිනේරුවෙකු, වරලත් ගණකාධිකාරිවරයෙකු, වරලත් අලෙවිකරුවකු, කලමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වශයෙන් ලබා ගත් න්‍යායාත්මක දැනුම ද, කළමනාකරණ වෘත්තීයවේදියෙකු වශයෙන් වසර 25කට අධික කාලයක් මා විසින් ලබා ගත් වෘත්තීය අත්දැකීම් ද තුළින්, අපේ මව් රට විශාල වශයෙන් සමාජ දේශපාලන ආර්ථික අර්බූදයකට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේ එකී අර්බුදය ජයග්‍රහණය කීරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට මම සූදානමින් සිටියෙමි.

කෙසේ වෙතත්, ආර්ථික පීඩනයෙන් දැඩි අසහනයට පත් ව සිටි ජනතාව අතර වේගයෙන් ගිලිහෙමින් තිබූ රජය පිළිබඳ විශ්වාසය කැබිනට් සංශෝධනයක් හරහා යළි ගොඩනැගීම සඳහා රජයට හිමිව තිබූ අවස්ථාව, ජනතාවට දරා ගත නොහැකි ලෙස ඉහල යන ජීවන වියදම සහ විශේෂයෙන්ම 2022.04.19 දින රඹුක්කන ප්‍රදේශයේ දී ඇති වූ අවසනාවන්ත සිදුවීම හේතුවෙන්, තව දුරටත් අහිමි වී ඇත. ජනතාවගේ විශ්වාසය විශාල වශයෙන් බිඳ වැටී, ඔවුන් ප්‍රචණ්ඩකාරී ප්‍රවේශයන් කරා යොමු වීම මගින් රට අරාජික වීම වළක්වා, වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීමට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් විසඳුමක් අත්‍යවශ්‍යව ඇත.

අපට මේ අර්බූධයෙන් මිදෙන්නට ඉතා වැදගත් වන සංචාරක ව්‍යාපාරය යලි ගොඩනැංවීමට, විදේශ ආයෝජන ආකර්ෂණයට මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල විශ්වාසය දිනා ගැනීම සඳහාද ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය වේ. එබැවින්, රට ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති මේ අවස්ථාවේ සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස් වී, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලින් සමන්විත ජනතා විශ්වාසය දිනා ගත හැකි කැබිනට් මන්ඩලයක් තෝරාගැනීම වඩාත් සුදුසු බව මගේ හැඟීම විය

මේ අත්‍යාවශ්‍ය වෙනස සිදු කිරීම සඳහා ජනාධිපතිතුමා අවස්ථාව සලසමින්, පූර්වාදර්ශයක් ලෙස මා විසින් දරනු ලබන කැබිනට් අමාත්‍ය ධූරයෙන් අස්වීමට සූදානම් බව පසුගිය 20දා ජනාධිපතිතුමාට ලිපියකින් දැනුම් දුන්නෙමි.

නමුත් ජනාධිපතිතුමා එම ඉල්ලා අස්වීම පිළිගත්තේ නැත. දීර්ඝ සාකච්චා වට දෙකකින් පසු අප එකඟ වූයේ ඉදිරියේදී වඩාත් සාධනීය වෙනස්කම් රජය තුල සිදුවීමට කාලය ලබාදෙමින් අප බාරගත් වගකීම ඉටුකල යුතුය යන්නය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 325,000 කට වඩා චන්දය ලබා දුන් ජනතාව මෙන්ම රටේ සියළුම ජනතාව වෙනුවෙන් සේවය කිරීම ද, මෙම අර්බුදකාරී තත්ත්වයෙන් අපගේ මාතෘ භූමිය ගොඩ ගැනීම සඳහා දායකත්වය ලබා දීම හැරුණ විට අමාත්‍ය ධු‍රයක් තුලින් විශේෂ වරප්‍රසාද ලබාගැනීමේ අවශ්‍යතාවයක් මට නැත. රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් සිටියදීද පවුලේ කිසි කෙනෙකු පෞද්ගලික කාර්ය මන්ඩලයලට බඳවා නොගත් මා අවම වශයෙන් ඇමතිවරයෙකු හිමි පොලිස් ආරක්ෂකයන්වත් ලබා ගත්තේ නැත. දේශපාලනය මට ජීවිකාවක් නොවේ. ඉන් අත්කරගන්නට වෙනත් අපේක්ෂාවන් හෝ අවශ්‍යතාවන් නැත. අප සියලු දෙනාටම මේ අවස්ථාවේ වැදගත් වන්නේ රට මේ අර්බූධයෙන් ගොඩගැනීමය. මගේ වගකීම හා ප්‍රමුඛත්වය ලෙස මා දකින්නේ ඒ සඳහා මගේ උපරිම දායකත්වය ලබා දීමය.

වසර 75කට ආසන්න කාලයක් ජරාජීර්ණ වූ සහ අසාර්ථකත්වයට පත් වූ රාජ්‍ය පාලන ක්‍රමයේ පැහැදිලි වෙනසක් සිදු විය යුතු බව මම දැඩිව විශ්වාස කරමි. ඒ සඳහා සාමකාමීව පෙනී සිටිනා අතර අප සියළු දෙනාම තීන්දු තීරණ ගත යුත්තේ රටේ සමාජ දේශපාලන ස්ථාවරත්වය බිඳවැටුන ආර්ථිකය යළි ගොඩගැනීමට අත්‍යාවශ්‍ය බව වටහාගෙන ගෙන බවය.

ස්තූතියි

193,823 views

19 Comments to “අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. Amaris says:

    මොන විජ්ජුම්බරය කලත් අන්තිමට මහින්ද අගමැති .දැන් අදම කැබිනට් එක විසුරුවා හැරිය යුතුයි .ඊටපෙර කිසිම සාකච්චාවක් අගමැති සමග නොපැවැත්විය යුතුයි .ඒ වගේම කැබිනට් එක පත්කිරීමේදී කිසිම උපදෙසක් අගමැතිගෙන් නොගතයුතු මෙන්ම කිසිම මහින්ද හිතවාදියෙක් කැබිනට් එකට පත් නොකල යුතුයි .මේ පත්කරන අන්තර් වාර රජයේ කිසිම ඇමතිවරයෙකුට අයතා මුදල් ඉපයීමට ඇති අවස්තා අවහිර කලයුතුයි .ඒ සදහා ටෙන්ඩර් වගේ දේ වලට ජනාධිපති යටතේ පාර්ලිමේන්තු නොවන ස්වාධීන කොමිටුවක් පත්කල යුතුයි .විදේශ සංචාර සදහා අත්‍යවස්‍ය කටයුතුවලට පමනක් විදේශ ඇමති පමනක් සහබාගි විය යුතුයි .ජනාධිපති හැර කිසිම පුද්ගලයෙකුට හෙලිකොප්ටර් බාවිතයට ඉඩ නොතැබිය යුතුයි .හිටපු ඇමතිවරුන්ගේ නිළවාහන නිළ නිවාස ඇතුලු බුක්ති විදි සියලු වරප්‍රසාද අත්හිටවිය යුතුයි .ජනතාව ප්‍රකෝප ගන්වන ආරක්ශක සේනා පිරිවරා මහජන නියෝජිතයින්ගේ ගමන් සීමා කල යුතුයි .මේවා කිරීමට විධායක බලය අත්‍යවස්‍යයි .ලංකාව වගේ රටකට විධායක ජනාධිපති ක්‍රමය අත්‍යවස්‍යයි .එසේ නොවුන හොත් සැමදා රට අස්තාවරයි .ගෝටට උනේ රට පාලනයයි සහෝදරකමුයි එකට පටලවා ගැනීම . ජේ ආර් ප්‍රේමදාස කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජනගත් නායකයෝ .අදුරු රට දියුණුවේ හිණිපෙත්තට ගෙනාවේ ඔහුන් දෙදෙනා .වාසනාවට ඔහුන් දෙදෙනාට සහෝධරයින් හිටියෙත් නෑ තක්කඩි පුත්තු හිටියෙත් නෑ .

  2. චන්ද දායක says:

    ජනාධිපති වම සතුටු කරහල්ලා. මතකනෙ ජනාධිපති සංවේදී වෙලා කියලා දැනිිලා සතුටු කරපු ඒවා දැන් වමාරන්න වෙලා තියෙන්නෙ .

    • NAK says:

      සතුටු කිරීමක් නෙවෙයි බං මේ වෙලාවෙ ෙවන කොරන්න දෙයක් නැති කම. ලංකාවෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කල දාට ලංකාව දෙකට කැඩිල ඊළම බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවේවි.

  3. Gamini Abaya says:

    If there are any original Sinhalese will understand what the current situation is. All people should understand who the behind of this protesting are. If you people really considering about sovereignty of our motherland and we must effort any difficult situation on our motherland.

  4. Crish hora says:

    100% kaputas man, he has doctorate for corruptions n deals, don’t forget how this man made money with Crish and wherever he goes, he is trying to get sympathy using his academic qualifications like Kabral,
    be careful citizens of Sri Lanka!

  5. RITIGALA says:

    janadhipathi yawala wadak na….simitha executive balayak sahitha agamathi kenekui,siyalu paksha walin haduna cabinet ekakui hadala rate dawena prashna wisadala adala chandha walata kalaya awama thama thamange paksha deshapalanaya kara ganna puluwan ne…nathnam thawa awuruddakwath galle face aragalaya nawathinne na.

Main News