අලුත් චක්‍රලේඛයක්.. බලය අමාත්‍යංශ ලේකම්ට.. කැබිනට් හෝ ඇමති අනුමැතියකින් තොරව ව්‍යාපෘති කල හැකියි..
March 14, 2021 at 10:29 pm | lanka C news
කැබිනට් මණ්ඩලයේ හෝ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව මුදල් අමාත්‍යංශ ලේකම් හා අදාල අමාත්‍යංශ ලේකම් අතර සාකච්චාවකින් පමණක් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කල හැකි වන බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය.
මෙමගින් අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව කැබිනට් මණ්ඩලයේ සිටින සියලූ ඇමතිවරුන් පඹයන් බවට පත් කර ඇති බව ද ඔහු චෝදනා කළේය.
මෙමගින් සිදු කරන්නේ සංවර්ධන ක්‍රියාදාමය ශක්තිමත් කිරීම හෝ ඉක්මන් කිරීමක් නොවන බව ද ඔහු කියා සිටියේය.
විපක්ෂ නායකවරයා එල්ල කරන මෙම චෝදනාව සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් ද වාර්තා කර තිබේ.
Secretaries shouldn’t be appointed with political influence. Is so situation would be serious.
Very good decision – if the secretory has the power to show the middle finger to the relevant line Minister then the chance of Minister earning commissions would be very less, provided Secretory is a honest guy
කොහොමත් පඹයොනෙ ඕකෙ ඉන්නෙ. මුන් නිසා තමා රටම පඹයො වුණෙ.
Why maintain the cabinet ? Please dissolve the cabinet and appoint only BR as the Minister. Well played…. 😝😝