අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන සිදුව ඇත්තේ කුණුහරුප හඬපට අහන්නයි.. ආහාර පනත උල්ලංඝනය කරලා..

January 22, 2020 at 8:02 am | lanka C news
අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන සිදුව ඇත්තේ කුණුහරුප හඬපට අහන්නයි.. ආහාර පනත උල්ලංඝනය කරලා..

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

ආහාර සුරක්ෂිතතාවය පිළිබද ගැටලුව අද අප රට මුහුණපා ඇති ප්‍රධාන ගැටලුව වුවත් මෙරට පාලකයින් එය තේරුම්ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. බෝනොවන රෝගවලට මෙරට ජනතාව සීග්‍රයෙන් ගොදුරුවෙමින් සිටී. මෙරට ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි  ප්‍රධාන වශයෙන් බලපාන කරුණු කිහිපයක් ඇති අතර ඉන් එක් කාරණයක් වන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබද ඇති නීති රීති හා පරිපාලනයයි.

1980 අංක 26 දරණ ආහාර පනත ක්‍රියාත්මක කිරීමේදී බලපාන ගැටලු සදහා  අමාත්‍යවරයාට උපදෙස් දීම සදහා අහාර උපදේශණ කමිටුවක් පත් කිරීමට වන බලතල 1980 අංක 26 දරණ ආහාර පනතෙන්ම නියම කර ඇත.

රටේ සියලුම ආකාරයේ ආහාර පිළිබදව සොයා බලන්නේ මෙම ආහාර උපදේශණ කමිටුවයි.

විවිධ ආයතන නියෝජනය වන ආකාරයට මෙම ආහාර උපදේශණ කමිටුව සදහා සාමාජිකයින් පත්කර ඇත. එහෙත් පසුගිය රජය කාලයේ මෙම ආහාර උපදේශණ කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කරන ලද්දේ අමාත්‍යවරයාට හිතැති බහුජාතික සමාගම්වල ඉත්තන්වන අතර රටේ ආහාර පිළිබද ගැටලුවට සෘජුවම වගකිව යුත්තේ මෙම ආහාර උපදේශණ කමිටුවයි. පනතේ 8(ක) වගන්තියට අනුව පාරිභෝගිකයින් නියෝජනය කිරීම සදහා සාමාජිකයින් දෙදෙනෙකු පත් කලයුතු වුවත් එම පත්කිරීම කර ඇත්තේ පාරිභෝගික සංවිධාන නියෝජනය වන ආකාරයට නොවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අහාර අංශය භාරව කටයුතු කරන හා ආහාර උපදේශණ කමිටුවේ සාමාජිකයෙක් වන පුද්ගලයෙකු බහුජාතික සමාගමක අනුග්‍රහයෙන් විදේශගත වී ඇති බව හෙළි කරන ලද්දේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ආනයනික කිරිපිටි පිළිබදව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද වාර්තාව මගින්ය. එහෙත් එම පුද්ගලයාට එරෙහිව කිසිදු

ක්‍රියාමාර්ගයක් තවම ගෙන නොමැත. අහාර උපදේශණ කමිටුව මෙහෙය වන්නේ ඔහුය. ෙම් පිළිබදව රජෙය් ෙෙවද්‍ය නිළධාරී සංගමය නිහඩ පිලිෙවතක් අාරක්ෂා කරමින් සිටී.

ජනතාව නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්තේ තම දරුවාට හා තමන්ට සුරක්ෂිත ආහාර වේලක් තමන්‌ගේ වියදමින් ලබා ගැනීමට අවස්ථාව සලසා ගැනීමට වුවද දැන් ජනතාවට සිදුව ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ කුණුහරුප හඩපට ඇසීමටය.

ජනාධිපතිතුමණි ජනතාවට සුරක්ෂිත ආහාර ලබා ගැනීම සදහා අවස්ථාව ලබා දෙන්න!

රංජිත් විතානගේ
සභාපති 
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

36,851 Viewers

14 Comments to “අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන සිදුව ඇත්තේ කුණුහරුප හඬපට අහන්නයි.. ආහාර පනත උල්ලංඝනය කරලා..”

  1. SL says:

    රංජිත් විතානගේ දවස් පුරා කුණුහරුප ඇහුවට , ගෝට තමන්ගේ වගකීම නිහඬව ඉටුකරමින් ඉන්නවා.

  2. Dilshan says:

    Ranjith withagay probably getting some benefits from Guenpi. President has nothing to do with wal tape. It’s the work of Guenpi politicians. President cannot disrupt media freedom. Even USA media will do the same if they got something like gonja tapes. Best example was Bill Clinton sex scandal and Donald Trumps comment on how to hold a woman

  3. praba says:

    රංජිත් විතානගේ තමුසෙ දවස පුරාම කුණුහරුප ඇහුවට වත්මන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිඳුන් එතුමගේ කාර්යය හරියටම ඉටුකරනවා . මට පෙනෙන්නේ ඔහේ රංජගේ නෑදෑයෙක් නැත්නම් හිතවතෙක් වගෙයි. නිකං කහින්නේ නැතුව හිටපං බං. පසුගිය ආණ්ඩුවට කඩේගිය බව තමයි පෙනෙන්නෙ. මෝඩයා

    • Notre Dame says:

      රටම ගඳ ගස්සවන රෙන සිල්වට ගෝටත් බයයි වගේ
      රෙන සිල්වා කාටවත් කොන්ට්‍රෝල් නෑ…රට පුරාම රෙනවෝ
      කුඩු TV, කොටි TV, ගන්ජා TV තුන් බෑ ජටිලයෝ තමා අද රටේ ජනවිඥානය හසුරවන්නේ.

  4. Boo says:

    දැන් එතකොට මේ උපදේශක මණ්ඩලය පහුගිය ආණ්ඩුවෙන් පත්කළේ ඇමතියාගේ හිතවතුන්ගෙන් නං , ඒ කාලෙම ඔය කෙඳිරිගාන පැමිණිල්ල නොකළේ ඒ කාලේ ඔය රංජිත් විතානගේ කියන බහුබුතයා නිදාගෙන සිටි නිසාද? එහෙම නැත්තන් අද තියෙන ආණ්ඩුවට හැකි ඉක්මනින් නරක නාමයක් ලැබෙන පරිදි මඩ සොය සොයා ගැසීම සඳහා බටහිර රටකින් මේ ලඟදි කුට්ටියක් ලැබුණු නිසාද? ඔන්න ඔය රහස දැනගැනීමත් අපේ පාරිභෝගික අයිතියක් බව දැනගත යුතුය.

    දැන් එතකොට පහුගිය ආණ්ඩුවේ මහජන මුදලින් නඩත්තු කල අමනයෙක් රෙකෝඩ් කල කුණුහරුපත් අද ඉන්න ජනාධිපතිගේ වගකීමක්ද, නැත්තන් ඒ අමනයාව පාර්ලිමේන්තුවට තෝරා යැවු ගොන් හරකුන්ගේ වගකීමක්ද?

  5. කබලෙන් ලිපට says:

    රට කබලෙන් ලිපට
    ඇද වැටිච්ච රටක් තව වැටිච්ච තැනක්

  6. Siripina says:

    ගෝටාබය කිව්වද උඹට කුනුහරුප අහ අහ ඉන්න කියලා .

  7. VJ says:

    As far as I know, there are no food safety and quality professionals, on relevant chairs.
    They are BS. Simply get information from developed countries like Canada, USA.
    You don’t need to get consultant, just visit websites.
    You will find what are the rules and regulations.

  8. Gini says:

    President can’t get involved in controlling everything. Department should change the system, they have to do that by themselves. May be there not use it. If you see any thing wrong stop.

Main News