අලුත් තානාපතිලා 22ක්.. කිසිවෙකු විදේශ සේවයේ නිලධාරීන් නොවේ…

June 17, 2017 at 12:40 pm | lanka C news
අලුත් තානාපතිලා 22ක්.. කිසිවෙකු විදේශ සේවයේ නිලධාරීන් නොවේ…

2017 වසර අවසන් වන්නට පෙර නිල කාලය අවසන් වන තානාපති, මහ කොමසාරිස් හා කොන්සල් ජනරාල්වරු 22 දෙනෙකු සදහා නව පත්වීම් කිරීමට විදේශ අමාත්‍යංශය සූදානම් කරමින් සිටී.

ඇතැම් රටවල තානාපතිවරුන්ගේ නිල කාලය අවසන්ව ඇතත් අලුත් පත්වීම් කරනතුරු ඔවුන් තවමත් සේවයේ යෙදෙති.

ඒ අනුව ඉදිරියේදී පත් කිරීමට නියමිත 22 දෙදෙනාම ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් වූවන් නොවන බවද ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම පත්වීම්වලින් බහුතරය දේශපාලන පත්වීම්ය. තවත් පත්වීම් විශ්‍රාමික විදේශ සේවා ප්‍රධානීන්ය.

දැනට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පත් කර ඇති තානාපතිවරැ, මහ කොමසාරිස්වරු, කොන්සල් ජනරාල්වරුන් 66 දෙනකුගෙන් 38 දෙනෙකුම විදේශ සේවයේ පුද්ගලයින් නොවන බවද විදේශ අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

61 views
Main News