අලුත් නමක් අගමැතිකමට කැරකෙයි.. මහින්ද එලවන්න විශ්වාස භංගයක්..

April 29, 2022 at 9:20 am | lanka C news
අලුත් නමක් අගමැතිකමට කැරකෙයි.. මහින්ද එලවන්න විශ්වාස භංගයක්..

නව අග්‍රාමාත්‍යවරයා ලෙස අලුත් නමක් මේ දිනවල කරකැවෙමින් ඇති බව අපේ ජන බල පක්‍ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයාද නව අගමැතිවරයකු පත් කිරීම සඳහා සූදානම් බව තම පක්ෂ වලට එවන ලද ලිපියේ සදහන් කර ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඒ කටයුත්ත කිරීමට සිදුවන බවත් පැවසූ උන්වහන්සේ ධුරයෙන් ඉවත් නොවී රට අර්බුදකාරී තත්ත්වයට පත් කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි නොසිතන බවද පැවසූහ.

අග‍්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් ජන අරගලය සමඟ එක් වී කටයුතු කිරීමට ද සිදු වන බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

119,393 views

21 Comments to “අලුත් නමක් අගමැතිකමට කැරකෙයි.. මහින්ද එලවන්න විශ්වාස භංගයක්..”

  1. හෙළයා says:

    රමේෂ් පතිරණ

  2. prasantha says:

    kiya siti seka .

  3. Bandu says:

    Apoo oya Rathane dena lanu nam kanna EPA,pohora neethiya gennath mul Una ekkenek oya ,awasanaye manthree kamath balen gaththa.athgareem wenuwata badaganeem.minisune hithanne mohothak.

  4. dev says:

    2015 yahapalana winaseta waga kiyanna ona hamuduruwo neda.

    ow wiswasa bange aran enna. janatawata pawa denna dakinna ona elipita. mokada apahu chandeyak enawa ne awruddakin.

  5. P.d goonawardena says:

    තෝත් ඇතුලු 225 ම හොරැ,, වංචාකාරයෝ….

  6. දේශය වෙනුවෙන් says:

    බස් රථ වල බුදුසරණයි කියා ලිවීම තහනම් කරපු ඩලස් එපා.අපේ තේරීම දිනේෂ් හෝ වඩා වයසින් අඩු රටේ සාමාජීය හා ආර්ථික ප්‍රශ්න බිම් මට්ටමේ සිට හඳුනාගත් විමල් .

    • Araliya says:

      Ane ban eka vitharamada Dalasge weraddak hoyaganna puluwan une, e kiyanne DALAS thamai sudussa

    • Lalla says:

      පොහොට්ටුවට ගෑවුන 20ට අත ඉස්සුව
      එක පර බල්ලෙක්වත් ආවොත් නොනවතින අරගලය ෂුවර්….

    • Gune says:

      බුදුසරණයි කියා ලිවීම තහනම් කරේ හීනෙන්ද? මිනිහ එපා කිව්වෙ ප්‍රවාහන ඇමති කාලෙ මිනිහගෙ පින්තූරෙ බස් වල ගහන එක.

  7. Bawddaya says:

    අනික්කසාවෝ කාසාවං – යෝ වත්ථං පරිදහෙස්සති
    අපේතෝ දමසව්චේන – න සෝ කාසාවමරහති mu amu gonek paharayek jathidrohi awalamek

  8. Susantha says:

    වෛද්‍ය ෂාෆි ද හාමුදුරුවනේ

  9. කොන්දේසි says:

    පත්වන අගමැති කවුරු වුනත් තියෙන ප්‍රධාන වගකීම් තමයි ;
    1. IMF සමඟ සාකච්චා කර අපට සාධාරණ කොන්දේසි ලබා ගැනීම
    2. ජාත්‍යන්තරය සමඟ සාකච්චාකර දිගු සහන කාල සහිතව අඩු පොලි ණය ලබා ගැනීම
    3. සංචාරක ව්‍යාපාරය ඉහල නැග්වීමට බටහිර සමඟ කටයුතු කිරීම (චීනය රුසියාව ආදී රටවල බරපතල ප්‍රශ්න තිබෙන බැවින් බටහිර සංචාරකයින් පැමිණීම වැදගත් වේ.
    5. ඉන්දියව හා කලාපයේ රටවල් සමඟ සම්බන්ධතා කළමනාකරණ කිරීම
    4. බටහිර සමඟ නව වෙළඳ ගනුදෙනු ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොල නිර්මානය් කිරීම
    5. සියලු ජාතින් අතර සහජීවනය සහ එකමුතු බව රැකගන ශ්‍රී ලාංකික ජාතියක් ඇතිකිරීම
    6. වසරක් ඇතුලත නැවත ඩොලරයේ අගය රුපියල් 220 – 230 සීමාවට රැගෙන එම.
    7. බොරු බිල්ලන් මවා නැති කරගත්MCC ආධාර ගිවිසුම වඩාත් විනිවිධ භාවයන් ක්‍රියාත්මක කිරීම
    8. ජපාන ආධාර යටතේ ආරම්භ කල කොළඹ තාදාසන්න සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හැකි ඉක්මණින් ආරම්භ කිරීම
    9. නව දේශපාලන සංස්කෘතියක් රට තුල ඇති කිරීම (ගරු, අතිගරු, දේශපාලන නම් පොදු ස්ථාන පාලකයිනේගේ නම් දැමීම, දේශපාලකයින් සහ පක්ෂ විගනකාධිපතිගේ විගණනයට ලක් කිරීම)

  10. dssds says:

    මාස 6 න් දෙන්නම් කියල ගත්ත පාර්ලිමේන්තු ආසනය ආපහු නොදී හොරකම් කරපු උන්නාන්සේ දැන් අනිත් අයගේ වැරදි හොයනවා

Main News