අලුත් නීතියෙන් භාණ්ඩ මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. දුරතකන, රූපවාහිනී ඇතුළු විදුලි උකරණන මිල 50%කින් ඉහලට..

September 30, 2018 at 12:00 pm | lanka C news
අලුත් නීතියෙන් භාණ්ඩ මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. දුරතකන, රූපවාහිනී ඇතුළු විදුලි උකරණන මිල 50%කින් ඉහලට..

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය අනුව  ශ්‍රී ලංකාවට වසරක කාලයක් යනතුරු රූපවාහිනී, ශීතකරණ, ජංගම දුරකතන ආදී විදුලි උපකරණ ආනයනය කිරීමේ දැඩි ලෙස සීමා කර තිබේ.

එම විදුලි භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙවන්නේ නම් ඒ සඳහා 100%ක වටිනාකම ගෙවා ගෙන්වා ගැනීමක් කළ හැකිය.

එනම් එම විදුලි උපකරණ මිලදී ගන්නේ නම් එසැනින් එය මිලට ගැනීමට නොහැකි වන අතර එහි වටිනාකම ගෙවා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

වෙළඳ පොළ නියෝජිතයන් සඳහන් කරන්නේ මේ නිසා විදුලි උපකරණවල මෙරට තුළ මිල නියමිත වටිනාකමට වඩා 50%කින් පමණ ඉහළ යනු ඇති බවයි.

රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ රුපියල දිගින් දිගටම බාල්දු වීම නිසා ඩොලර් සංචිත රැක ගැනීම සදහායි.

නව මුල්‍ය රෙගුලාසි නිසා වෙළෙඳපොළේ භාණ්ඩ සීඝ්‍රයෙන් මිල ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකතනය කරති. කාර්මික නිෂ්පාදනවලට මින් වැඩි බලපෑමක් වනු ඇතැයිද ඔවුන් කියා සිටිති.

15,662 Viewers

12 Comments to “අලුත් නීතියෙන් භාණ්ඩ මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. දුරතකන, රූපවාහිනී ඇතුළු විදුලි උකරණන මිල 50%කින් ඉහලට..”

  1. අසෝක says:

    මෙන්න පුතාලා මම කිව්ව දේවල් සත්‍ය වීගෙන එනවා මෙන්න මේක මම මේ විදියටම කිව්වා රුපවාහිනි හා අනෙකුත් බාන්ඩ ගෙන්වීම නවත්තන බව .මීළඟට එන්නේ බේත් හේත් සිමා කිරීම ඊලඟට එන්නේ අපේ බැංකු ගිණුම් කොල්ල කෑම සදහා එම ගිණුම් වලින් මුදල් ගැනීම සිමා කිරීම ඊලඟට ටීලර් මැෂින් වලින් සල්ලි ගැනීම නැවත්වීම .
    අනාගතය රටේ බොහොම අඳුරුයි හෙට අනිද්දාම රට තවත් ග්‍රිසියක් බවට පත්වනවා

    • sithmal says:

      මොහොතක් සිතන්න. රටක් විදියට අපේ රටේ නිපදවන්නෙ මොනවද? අපනයනය කරන්නෙ මොනවද? වෙන රටවල් හා සසදද්දි ඉතා සුලු ප්‍රමාණයක්. මිනිරන් නිදි තියෙන රටේ පැOසලත් ගේන්නෙ චීනෙන්.. ඉතින් ආර්තිකය කඩා වැටෙන එක අරුමයක් ද? ණය ගන්නව. ඒවයෙන් කනව. ඕකනේ මෙතෙක් කල් උනේ..

  2. Love nature says:

    එසේ නම් අගමැති ජනාදිපති ඇමතිවරු පිටරට යෑම නැවත් විය යුතුය

    • ratawesiya says:

      not only that all politicians should minimize their personal staff, use micro vehicles. sell present luxury vehicles, and stop all allowances get only the salaries
      no NOMILE petrol, stationeries, mobiles meals, medicines etc
      If you do this you can see wonderful results
      225 politicians are enjoying and ruining the country

  3. චමින්ද මල්ලි says:

    Ekath honda wadak. Mamanam inne dubaiwala vacation enakota phone dekak withara genath gaanak thiyagena wikunanna puluwanne.

  4. Rohan Wijesooriya says:

    ඉදිරියේදී පිටරට අධ්යාපනයද තහනම් කරනු ඇත .

  5. මලක් u n p says:

    රටකට ඕනෑ අපමණ අගයක්…
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්…

  6. Jagath says:

    62 lashee abhimanee ! Ko mee kalakaruwo !?

  7. Gayantha says:

    මේවට ඉතින් මෝඩ පලකයො වගේම නිලධාරීන් ටිකත් වග කියන්න ඔන.රටේ නිශ්පාදය අදයිරමත් කරන්නේ නිලධාරීන්. රටේ මේවා නිපදවන්න පුලුවන් දක්ශයෝ ඉන්නවා. ඒත් නිලධාරීන් කෙලින් රට ගැන හිතුවනම් පලකයෝ වුනත් අවශය විදියට හදාගන්න තිවුනා. මොකද මැති ඇමති වරු කලෙන් කලෙට වෙනස් වුනාට මුන් එතනම නේ.

    • කණිය says:

      උඹ කවුද ?ඇමති කෙනෙක් ගේ කාර්ය මණ්ඩලයේද වැඩ කරන්නේ ඇමතියෝ සුද්ද කරන්න ?
      මෝඩයෝ නිලධාරි ඉන්නේ තමුන්ට ඉහල නිලධාරින් යටතේ එකේ අන්තිම ඉහලම ඉන්න එකා තමයි අමාත්‍යංශ ලේකම් ඌ කාගේ හරි දේශපාලන හෙන්ච්යියෙක් ඌ වැඩ කරන්නේ ඇමතියට ඕනා විදියට .නිලධාරීන්ට ඕනා විදියට ප්‍රතිපත්ති තීරණ ගන්න බෑ ඇමතියට ගානක් එන්නේ නැතිනම් මොන අදහස් ගෙනාවත් අන්තිමෙ ක්‍රියාත්මක වෙන්නේ අර දේශපාලකයාගේ තීරණය .නිලධාරීන්ගේ අදහස් විමසලා ක්‍රියාත්මක වෙන ඇමතිලා මේ ආණ්ඩුවේ නම් නෑ බලන්න අපිට ඉන්න ස්ටාර් ඇමතිලා කොන්දොස්තර,දත් දොස්තර , සබිතගේ ඇමති ,අප්පච්චි මලා ,අර අනුරාධපුරේ මෝඩයා ,පොලිසියේ රාලහාමි ,ටෝමියා ,ගෑනු ඇදුම් , etc etc මේ එකෙක් නිලධාරි කියන ඒවා කරන එවුන්ද ?

  8. Shaaa says:

    මුදල සීග්‍රයෙන් කඩා වැටෙනවා ට වග කියන්න ඕනේ මුදල් ඇමැතිවරයා ඔහුගේ පරිපාලනය අසමත් කමින් දවසගානේ පෙට්රල් මිල බඩුමිල හැමදේම ඉහළ යනවා මෙවට වග කියන්න ඕනේ මහජනතාවද

    • කණිය says:

      මේ වගකීමට තනිකරම මුදල් ඇමති වගකිවයුතුයි .මුදල් ඇමති වහාම ඉල්ලා අස්වනු

Main News