අලුත් පක්ෂය හැදෙනවාමයි.. වෙන මුකුත් හින්දා නොවේ මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි වැඩපිළිවෙළ නිසා..

September 24, 2016 at 3:50 pm | lanka C news
අලුත් පක්ෂය හැදෙනවාමයි.. වෙන මුකුත් හින්දා නොවේ මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි වැඩපිළිවෙළ නිසා..

පොදු ජනතාගේ අවස්ථාවය නිසාම අලුත් පක්ෂයක් ගොඩ නැගෙනවා නම්, ආණ්ඩුව ජනතා දෝහි වැඩ කිරීම නතර කොට ජනතාවගේ අභිලාෂයන් තෙරුම්ගෙන ජනතාවට හිතකර වැඩපිළිවෙළකට අනුගත විය යුතුයි, එවිට අලුත් පක්ෂ බලවේග බිහි නොවනු ඇත, එමෙන්ම රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කිරීමට අවශ්‍ය මතය දරන සියලු ජනතා බලවේග සoවිධාන මෙන්ම ඊටත් එහාගොස් දේශපාලන නොවන පිරිස්වලද එකතුවිය හැකි පුලුල් ජාතික මහා බලවේගයක් ගොඩනැඟීමට අවශ්‍ය වාතාවරණයක් දැන් රටතුල නිර්මාණය වී ඇති බව හිටපු අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සoවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

ඒත් වර්තමානයේ රටේ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළුව තවත් පක්ෂ රාශියක් එකතු කොට පාර්ලිමේන්තුව තුලින්ම ජාතික රජය ගොඩ නගා ජනතා දෝහි වැඩපිළිවෙළක් දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම නිසා පොදු ජනතාවගේ ප්‍රශ්න උග්‍ර වී ඇති අවස්ථාවක එයට විරුද්ධව හඩ නියෝජනය කිරිමට අවශ්‍ය නව බලවේගයක් නැගිටීම වැලැක්වීමට නොහැකි බව, හෙට ඉරිදා පිටවන ජාතික පුවත්පතක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදි ඔහු මෙසේ සදහන් කර ඇත.

විශේෂයෙන්ම 51දි බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ගෙන් ආරම්භ වෙච්ච ශ්‍රීලංකා නිදහස් පක්ෂයතුල එදා ගොනු වෙච්චි සහ එදා යූඑන්පීය තුල ගොනු නොවෙච්ච නොසලකා හැරපු පoච විධි බලවේග වගේම ස්වදේශික ජනකොටසවලට නායකත්වය දුන් පක්ෂය හා ජාත්‍යන්තර වශයෙන් නොබැඳි පිලිවෙතක් අනුගමනය කරන රටේ ස්වෛරීභාවය ඉහළම ප්‍රමුඛත්වයට ගැනෙන, ඒ වගේම රටේ ජනතාව පදනම් කරගත් ආර්ථිකයක් කරා යනවා වගේම ආර්ථික මර්මස්ථාන එනම් ලoගම වාරය ජනතාවට හිමි විය යුතුය යන්න, මේ කාරණා පදනම් කර ගත් දැවැන්ත දේශපාලන බලවේගයක් මෙන්ම පක්ෂයක් ගොඩ නැගිය යුතුය යන්න මේ සඳහා ක්‍රියාකරන ඩලස් අලහප්පෙරුම මහතා සහ තමාද ඇතුලත දස දෙනෙකුන්ගෙන්විත් කමිටුවට යෝජනා වී ඇති බවත් එතුලින් මේ ජනතා විරෝධී රජය පරාජය කොට බිහි කරන නව ප්‍රගතිශීලි රජයක් තුළින් ඉදිරියට කරනු ලබන ජාතික වැඩපිළිවෙළද මෙයට ඇතුලත් කොට ඇති බවයි.

87-89 භීෂණ යුගයේ මේ රටේ හැට දහසක් පමණ තරුණ තරුණියන් ඝාතනය කොට ටයර් සෑය වල් වල මරල පුච්චපු එක්සත් ජාතික පක්ෂයට යලිත් මේ රටේ බලයට එන්න දෙන් නැහ කියලා කිව්වත් නැවත ඔවුන් බලයට පත්වූ බවත්, සමහරුන් කියන කතා සම්බන්ධයෙන් අපි ඒ දේවල් එතරම්ම ගණන් ගත යුතු නැති බවත් , ඒ අවස්ථාව දෙන්නේ ජනතාව බවත්, ජනතාව උත්තරිතර මෙන්ම ඔහුගේ තීන්දුව අවසන් තීන්දුව බවත්, යම් කිසි පුද්ගලයෙක් සoවිධානයක් , පක්ෂයක් හෝ බලවේගයක් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරනවානම් ජනතා අභිලාෂයන් නියෝජනය කරනවා නම් ජනතාව රොද බැද ගෙන බලය දෙන බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

හුඟක් කට්ටියට පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ පරාජය කරනවා හැර ඊට පස්සේ රට වෙනුවෙන් කුමක්ද කරන්නේ කියලා කිසිම සැලසුමක් තිබී නැති බව, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මේ රටේ පොලී අනුපාතය 6.35 තිබූ එක අද 12.22 දක්වා ඉහළ යෑමෙන් සෑම දෙයකටම රජයේ ණය භාණ්ඩාගාර බිල්පත්වල ගෙවන පොලි අනුපාතිකය ඉහළ යෑම නිසා වියාපරකියන්ගේ ජනතාවගේ ණය සඳහා පොලිය 92% වැඩියෙන් ගෙවන්න සිදු වෙනවා මේ තත්ත්වය සමස්ථ ජනතාවටම බලපානවා, එමෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ යුද සමය වසරවල වාර්ෂික ආර්ථික වර්ධන වේගය 6 % ව පැවති අතර 2009 සිට 2014 දක්වා එම වේගය 6.8% වැනි ඉහළ අගයක පවත්වාගෙන යෑමට හැකි වූ අතර මේ වසර වන විට එම වේගය 3.1 දක්වා අඩුවිය හැකි නිසාම පැහැදිලි වේ.

පක්ෂය බිහිවන දිනය සහ වේලාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු පවසා සිටියේ නායකයින්ට අවශ්‍ය නිසා හෝ නායකයින්ට ඕන ව්ධියට මේ පක්ෂය ගොඩ නගන්නේ නැති බවත්, එහෙම පක්ෂ හදන්න බැරි බවත්, ගම් මට්ටමේන් ගොඩ නැගෙන සoවිධාන හරහා ගොඩ නැගෙන බලවේග අවසානයේදි තමයි නිල වශයෙන් පක්ෂයක් ලෙස එලියට එන්නේ, එහෙම නැතිව පසුගිය ජනාධිපතිවරණයේ මෙන් පක්ෂයතුල සිට එහි ඔක්කෝම සoවිධාන කටයුතු කමිටුවවල සභාපතිත්වය ගෙන කටයුතු කොට අවසන් දින කරඩුවට අත ගසමින් ‘යන් නැහ’ කියමින් දවස එනකම් හැoගි ඉද කුමන්ත්‍රණය කරමින් බිහිවන පක්ෂ නොවන බවත්, නව පක්ෂය ජනතාව තුළින් බිහිවන පක්ෂය නිසා මේ හදන පක්ෂය බිහිවන දවස සහ වෙලාව නිශ්චිතවම කිව නොහැකි බවයි.

71 views

32 Comments to “අලුත් පක්ෂය හැදෙනවාමයි.. වෙන මුකුත් හින්දා නොවේ මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි වැඩපිළිවෙළ නිසා..”

  1. Sundaralingam says:

    පිටකොටුව තොග වෙළෙන්දෝ හාන්සියි. මහින්ද මහත්තයා විගහට එන්ඩ අප්පා ,

Main News