අලුත් පක්ෂ හදන අයට හොද පාඩමක් උගන්වනවා.. චන්ද්‍රිකාත් පක්ෂ හදලා අනාථ වෙලා ආවා.. රනිල්ගේ ආණ්ඩුවේ අැමති සුසිල්
December 4, 2016 at 3:50 pm | lanka C news
රනිල්-මෛත්‍රී සම්මුති ආණ්ඩුවේ තාක්ෂණ අධ්‍යපන හා රැකියා ප්‍රවර්ධන අමාත්‍ය සුසිල් ප්රෙම්ජන්ත ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් දෙවිනුවර පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ලට පමණක් සිමා වි නොමැති බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් නව පක්ෂයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් එහි නායකයින්ට තදින් දෝෂාරෝපණය කරමින් කතා කල සම්මුති ආණ්ඩුවේ ඇමතිවරයා තමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් ඡන්දය අරන් එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඇමතිවරයකු ලෙස රාජකාරි කරන බව සඳහන් නොකිරීමට වග බලා ගත්තේය.
එදා සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා වන එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වචනයකුද සඳහන් නොකළ ඇමති සුසිල් ප්රෙම්ජන්ත දිගට හරහට නව පක්ෂයත් එහි නායකයින් මෙන්ම එහි ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කලේය.
ඤාණසාර හිමි අමතන අනගාරික කමල්
හිමියනි ඔබ ජාති මාමකයි නමුත් සිංහලයා බෙලහින වෙලා ඔවුන් ඇත නැත කියන දෘෂ්ටි වලට බෙදිලා
පක්ෂ වලට වන්දිපට්ටකම් කරනවා. ඔබ වහන්සෙලා ඇතුලු සියලු දෙනා උත්සහා කරා මහින්දට මග කියන්න ඒත් මහින්ද රැවටුනා. ඔබතුමා සඝරජු කියා අමතන්න මම කැමති නැ මම කියන්නෙ ඔබ වහන්සෙට දියසෙන් කුමාරයා කියා නැතිනම් සිංහලේරජු කියා හෙට උපදින දරුවා වෙනුවෙන් සැබැ සිංහල බලවෙගය ඔබ වහන්සෙ සමගයි.මිට ලොව වසගයට ගැනිම අතහල සෝවාන් හෙවත් ලොව සියලු දේ අනිත්යබය කියා දකින සිංහලෙ කතොලික අධ්යා්පනයෙන් බෙලහින නොවු තවදුරටත් භෞතික දෙවල් නොකරන ඔබව සඝ රජු නෙවෙයි ජනාධිපති කරන්න කැපවෙන සංඝයා වහන්සෙ නමක්
අනගාරික කමල් ඔබේ අදහස් අනුමත කරනවා .
. අපේ කාලේ රට ජාතිය ආගම ආරක්ෂා කිරීමට ජාතියේ පිනට පහලවූ වටිනා සංඝ රත්නයක් ගෞරවනීය ඤාණසාර හිමියන් …
.ගෞරවනීය ඤාණසාර හිමියන්ට අපේ ස්තුතිය ..නමස්කාරය …අපේ මව් බිම රැකීමට ධෙෙර්ය ශක්තිය දළදා සමිදු පිහිටෙන් ලැබේවා
අම්පිටියේ සුමනරතන හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් -Ampitiye Sumanarathana Thero – 2016 දෙසැ 3
https://www.youtube.com/watch?v=Z2o45qOckhk
Ghanasara Thero ඥාණසාර ස්වාමීන්වහන්සේ රැකගන්නවාද යන්න දෙනවාද සිහලුනේ හිතන්න
https://www.youtube.com/watch?v=NI62ghgvzic
2015 අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශ්ව වර්ණපාලයි, ෆයිසර් මුස්තාපා..වැලිඅමුණ..සුමන්තිරන් සහ සේතුංග එක්ක ගේම් ගහල පැරදුන උන්ව ජාතික ලැයිස්තවෙන් මන්ත්‍රීවරැ කරපු හැටි අපි දන්නව හොදේ…
තෙල් හොරා රානිලයා දකිනකොට කකුල් වෙව්ලනවලු,ෆයිල් ටික රා නිලයා ලඟලු.
Mama obathumata chande dun kenek, obathuma karapu wanchawata nawath jivithe thiyenakan obage paksayata chande thiya wachayakin wath sahayogayak natha. Puluwan nam mama dunna chande apasu denanna. Hetuwa mama pawadennakuta hasuweema gana hamadama pasuthawenawa.
එහෙම කොහොමද කියන්නේ? ප්රජාතන්ත්රවාදී රටක ඕනෑම කෙනෙකුට පක්ෂයක් හදන්න අයිතියක් තියෙනවා. තමන් මෙච්චර කල් සාමාජිකත්වය ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රට පාවා දෙන කොට රටට ආදරේ කරන පක්ෂ සමාජිකයන්ට, හිටපු නියෝජිතයන්ට, දේශපාලන නායකයන්ට ඒ පක්ෂෙන් ඉවත් වෙලා අළුත් පක්ෂයක් හදා ගන්න බැරි මොකොද? ජාතිද්‍රෝහී දේශද්‍රෝහී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සාමාජිකයෝ වෙලා ඉන්න ඒ කාටවත් ඕනේ කමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට මිනිස්සු ආයේ ඡන්දේ දෙන්නෙත් නැහැ.
අනිත් එක ශ්‍රීලංකා නිදහස් පක්ෂෙට කරන්න පුළුවන් ලොකුම හතුරුකම කලේ සිරිසේන. තමන්ගේ පක්ෂ නායකයා පරද්දන්න ප්‍රතිවිරුද්ධ පක්ෂෙට එකතු වෙලා ඡන්දෙට ඉදිරිපත් වෙන එක තරම් පක්ෂෙකට කරන්න පුළුවන් තවත් ද්‍රෝහී කමක් තියෙනවද? ඒ වෙලාවේ සිරිසේනව පක්ෂෙන් අයින් කලේ නැත්තේ සුසිල්, නිමල්, අනුර යාපා තොපි ඔක්කොම මහින්දට විරුද්ධ සිරිසේනගෙයි රනිල්ගෙයි ඒ කුමන්ත්‍රණයට හවුල් වෙලා හිටපු නිසා.
ඊළඟට පහුගිය මහමැතිවරනේදී මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට ඡන්දේ දුන්නේ ජාතියට හතුරු එජාපෙට විරුද්ධව, මහින්දට සාධාරණය ඉෂ්ඨ වෙන්න, මහින්දව අගමැති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න. එදත් තොපි සිරිසේනගෙයි රනිල්ගෙයි කුමන්ත්‍රණයට හවුල් වෙලා එජාපෙට විරුද්ධව මිනිස්සුන් දීපු ඡන්ද වලින් පාර්ලිමේන්තු ඇවිල්ල ජනතාවගේ හතුරෝ එක්ක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.
අදත් තොපි කරන්නේ සිරිසේනගෙයි රනිල්ගෙයි ජාතිද්‍රෝහී දේශද්‍රෝහී තුන්වෙනි කුමන්ත්රණයටත් හවුල් වෙලා උතුරට නැගෙනහිරට ස්වයං පාලනයක් දෙන්න ඊළාම් ව්‍යවස්ථාවක් ගෙන එක. බෙදුම්වාදියෝ ඉල්ලනවාටත් වඩා වැඩිපුර තොපි දෙනවා. ජනතාව කිසි දවසක තොපි කාටවත් සමාව දෙන්නේ නැහැ. හැබැයි මේ තුන්වෙනි කුමන්ත්‍රණය නම් සාර්ථක කර ගන්න මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ. කඳුළු ගෑස් වලට දෙන්න උත්තර ඕනේ තරම් තියෙනවා.
මේ තමයි SLFP UNP JVP තොපි ඔක්කොම පාර්ලිමේන්තු ඉන්න අන්තිම අවස්ථාව. ඊළඟට එන මොන ඡන්දෙදි වුනත් මිනිස්සු ඡන්දේ දෙන්නේ රට ගැන හිතලා.
ජනවාරි 8 වෙනිදා ප්‍රතිඵල දැකලා මිනිස්සු තූෂ්නිම්භූත වුනාට අගෝස්තු 17 වෙනිදා ප්‍රතිඵල වලින් මිනිස්සු හුඟක් කෝප වුනා. හිතන්න එපා මිනිස්සුන්ට මේවා අමතකයි කියලා. අළු යට ගිනි පුපුරු වගේ ජනතාවගේ කේන්තිය හැංගිලා තියෙනවා. වෙලාවට එලියට එයි.
සිරිසේන හොඳයි,සිරිසේන නරකයි.
මහින්ද හොඳයි,මහින්ද නරකයි.
විමල් හොඳයි,විමල් නරකයි.
රනිල් හොඳයි,රනිල් නරකයි.
ගෝඨා හොඳයි,ගෝඨා නරකයි.
යහපාලනය හොඳයි,යහපාලනය නරකයි.
ගිය ආණ්ඩුව හොඳයි,ගිය ආණ්ඩුව නරකයි.
ඇත්තටම එක අරමුණක එක ප්‍රථිපත්තියක ඉන්න අමාරුද?
කලවම් නොකර ලියන්න අමාරුද?
මට නම් තියෙන්නේ එක අරමුනයි. එක ප්රතිපත්තියයි. ඒ තමයි රනිල් එලවන එක. ඒකට මම පාවිච්චි කරන්න පුළුවන් හැමෝම පාවිච්චි කරනවා. රටේ සමහර ප්‍රශ්න වලට විධායක ජනාධිපතිට දෙන්න පුළුවන් විසඳුම් තියෙනවා. රනිල් දුර්වල වෙලාවේ රනිල්ව එලවන්න උනන්දු වුනේ නැත්තේ මමද? ඊට පස්සේ මට උඩ බලාගෙන ඉන්නද කියන්නේ? ඊට පස්සේ රනිල්ට උඩින් ගිහින් විධායක ජනාධිපතිට කොන්ද පන ඇතුව වැඩ කරන්න කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද?
මට හොඳ වෙන්නෙත් නරක වෙන්නෙත් “පුද්ගලයන්” නෙමෙයි. “ක්‍රියාවන්”. මම මේක ඕනේ හැටියේ කියල තියෙනවා. කාගේවත් හොඳ නරක කියන්න මට පිස්සුවක් නැහැ. මම බලන්නේ කරන ක්‍රියාවල හොඳ නරක විතරයි. කොයි පැත්තද කියල මට වැඩක් නැහැ. කරන ක්‍රියාවට මම එක්කෝ සහයෝගය දෙනවා. නැත්නම් විවේචනය කරනවා. කවදාවත් අතරමැද ඉන්නේ නැහැ. ඒක නිසා ඔය ලියපු නම් එකක් වත් මට අදාළ නැහැ. මට මිනිස්සුන්ගේ නම් වලින් වැඩක් නැහැ. ඒ අය රට වෙනුවෙන් කරණ හෝ නොකරන දේ විතරයි මට වැදගත්.
අනිත් එක මම, මම සහයෝගය දෙන පැත්ත විවේචනය කලාට, ආණ්ඩුවේ කවුරුහරි ඒ පැත්තට පහර දෙන්න හැදුව හැම වෙලාවෙම මම ඒ අයව ආරක්ෂා කරනවා. ඒ අය වෙනුවෙන් කතා කරනවා. ඒක මගේ ප්‍රතිපත්තිය.
අනුන්ගේ ප්‍රතිපත්ති හොයන්න ඉස්සෙල්ල තමන් ප්‍රතිපත්තියක් හදා ගන්නවා හලෝ. තමන්ගේ ප්‍රතිපත්තිය කියලා මම දැක්කොත් දකින්නෙ කාගේ හරි comment එකක් වැරදි අඩු පාඩු හොය හොයා ඉන්න එක විතරයි. මගේ comment එකේ තියෙන වැරැද්ද මොකක්ද? මිනිස්සුන්ට අමතක නෑ කියපු එකද වැරදි? දන්නැති හින්ද අහන්නේ, කලවම් නොකර ලියන්නේ කොහොමද? මම කියන්නේ ඕනේ මිනිස්සුන්ට අමතකයි කියලද? එහෙම නැත්නම් සුසිල් කියන එක අනුමත කරන එකද කරන්න ඕනේ?
මීට පස්සේ අනුන්ගේ comment වල අග අල්ලන්න යන්නේ නැතුව දාලා තියෙන news එකට අදාළ යමක් ලියන්න ඉගෙන ගන්න. එතකොටයි රටට වැඩක් තියෙන්නේ.
මේක මම කලිනුත් කියල තියෙනවා. මම ලියන්නේ මට ඕනේ විදියට. කාටවත් ඕනේ විදියට ලියන්න මම බැඳිලා නැහැ. ලියන්නෙත් නැහැ. අඩුගානේ මම ලියන දේවත් තේරුම් ගහන්න බැරි මිනිහා කොහොමද රට ගැන වචනයක් ලියන්නේ? “අළු යට ගිනි පුපුරු” කියල කියපු එකවත් තේරුනේ නැති Sathya වගේ චරිත ඕනේ තරම් ඉන්නවා. තමන් කිසි දෙයක් කරන්නෙත් නැහැ. හැබැයි හිතනවා අනිත් මිනිස්සු වැඩ කරන්න ඕනේ හිතන්න ඕනේ තමන් කියන විදියට කියලා.
මම වගේ හිතන අය ඕනේ තරම් ඉන්නවා. විරුද්ධවාදියෙක් වුනත් හොඳ දෙයක් කලොත් කට ඇරලා හොඳයි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊයේ බැනපු මිනිහට මම අද හොඳ කියනවා. මම ඊයේ පහර ගහපු මිනිහට අද කරදරයක් වෙලා නම් මම මට පුළුවන් සහයෝගය දෙනවා. මම දේශපාලනය කරන්නේ නැහැ. දේශපාලනයෙන් ඔලුව කුරුවල් වෙලත් නැහැ. ඒ නිසා මට after effect ගැනවත් මගේ image එකට මොකක් හරි වෙයි කියල අනිත් අයට ඕනේ විදියට ලියන්නවත් උවමනාවක් නැහැ. මිනිස්සු මං ගැන හිතන්නේ මොනවාද කියන එකෙන් ඇත්තටම මට ඇති වැඩක් නැහැ. මට ඕනේ මිනිස්සු රටේ තියෙන ප්‍රශ්න ගැන තේරුම් ගන්න එක විතරයි. රට වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් මොකක්ද කියන එක අවබෝධ කරගන්න එක විතරයි.
ඔයා කියන දේ මේ හැමෝම අහන්න ඕනද?අනික ඔයා ලියන එව්ව ජනාධිපති,අගමැති,විමල්,මැති ඇමතිවරු බලනවද?අපි ලියන්න කලින් ඔයාගෙන් අහන්න ඕනද?අපි කාලෙන් කාලෙට එක එක්කෙනාට කඩේ යන්න ඕනද?ඔයාට මල පැන්නාම අපි බයිට්ද?අළු යට ගිනි පුපුරුවල රස්නෙ දැනෙන්නෙ ඔයාට විතරද?හිටපු ගිණි සිළු කාරයට වගේ ඔයාටත් විවේචන දරා ගන්න අමාරුද?එයාගෙ ලෙඩේ අනුගාමිකයින්ට බෝවෙන බව ඔයා දන්නවද?තරහ වෙන්න එපා චම්පා,අධිතක්ෂේරුව කියන්නෙ මානසික රෝගයක්.!!!
MEKA NEDA
MUNG ENNAWA BAYAWENNA EPA KEEWA
BATHARAMULLA GAMEDI
I thank you Champa very much for your true and bold comments
end of susuil
Mahinda Rajapaksha or any group under Mahinda will never ever come to power. No one wanted to bring a dictatorial or a family leadership in Sri Lanka
මේ මිනිහා රනිල් එක්ක එකට රට සවාරි ගහලා නිකම්ම යූ එන් පී වෙලා තියෙන්නේ, අනිවාර්යයෙන්ම ලබන පාර යූඑන්පී එකේ ජාතික ලැයිස්තුවෙන් එනවා. මේ පැත්තෙන් ඇපත් නැහ,
තෙල් ඇමති කාලේ බාල තෙල් ගෙනල්ලා හොරකම් කරපු ෆ්යිල් රනිල් ගාව තියෙනවා.ඒකයි රනිල්ට දොස් කියන්නේ නැත්තේ. නැත්නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කලේ මෛත්රීනේ රනිල් එක්ක එකතුවෙලා. ඇයි මහ ලොකු හිටිය ලේකම්ට කට ඇරලා ඒ ටික කියන්න බය.