අලුත් පක්ෂයට ආණ්ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්…
November 13, 2016 at 7:05 am | lanka C news
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් තීරණාත්මක අවස්ථාවක දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වීමට සූදානම් වෙති.
නව පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් එම මැති ඇමැතිවරුන් සමඟ රහසිගත සාකච්ඡා වට කිහිපයක්ම ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයන් විසින් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් බහුතරයක් හා එජාපයේ කලකිරී සිටින මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මේ සඳහා සූදානමින් සිටින බවද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු දැනට සාමාජිකත්වය ලබා නොගන්නා අතර නව ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරි මැතිවරණවලට තරග කිරීම සඳහා අවශ්‍ය නෛතික සුදුසුකම් සම්පූර්ණ කිරීම මේ දිනවල සිදුකරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පක්ෂ ලියාපදිංචියේ නෛතික අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන බවද හෙතෙම කීය.
පසුගියදා පැවැති අයවැය ප්‍රකාශයෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහයේ දී ද ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරුන් නව පක්ෂයේ ඉදිරි පියවර ගැන මාධ්‍යවේදීන් සමඟ යම් යම් ඉඟි පළ කර තිබේ.
– දිවයින
graha maruwakda……..horu maruwakda ………?
YOU MUST ” DO NOT ACCEPTS These opportunities.
We have to go fresh journey, with a clear vision. There are enough Patriotic people in Sri Lanka cnd appointed as MP candidates.
ගන්නෙපා ඔය එකෙක්වත්
කුජීතයි.. අසික්කිතයි… මුන් එකෙක්වත් නැතිව ගොඩනැගුනු ජනතා ප්‍රසාදය නැවත ජනතා අප්‍රසාදය බවට හරවා ගැනීමක් ඔය කරන්න හදන්නේ. එහෙම උනොත් වැඩක් නැහැ. අපේ ජන්දයෙනුත් වැඩක් නැහැ. ඒ නිසා ජන්දය දීල වැඩකුත් නැතිවෙයි.
MAMA,You’re correct!
“මම” හරි !
මුන් දන්නේ ඔච්චර තමයි. පැන පැන ඉන්න. බොරුවට අරක මේක අලුතින් ඇර ඇර.. අපිට අරින්න.. මහින්ද මහත්තයා තවම යුද්දෙ යුද්දෙ ගැන කිය කිය චන්දේ එකතු කරනවා. උතුමන්ට දැන් වයස දරු මුනුබුරන් බලන කාලේ.. මොන පාටින් මොන ලකුණෙන් ආවත්.. ඔක්කොම ටෙයියො බයියො එන්නෙ.මොනර කොලේට තමයි……
senasuru maruwa janawari 29 wade wei wage.