අලුත් පක්‍ෂ හැදුවොත් මන්ත‍්‍රී ධුර අහෝසියි…

October 15, 2016 at 8:40 am | lanka C news
අලුත් පක්‍ෂ හැදුවොත් මන්ත‍්‍රී ධුර අහෝසියි…

පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්‍ෂව නියෝජනය කරමින් සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරැන් නව දේශපාලන බිහි කලහොත් ඔවුන් සියල්ලන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නේ යයි එම පක්‍ෂ විධායක සභික සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය භානු මුනිප‍්‍රිය මහතා පවසයි.

මේ වන තෙක් ඔවුනට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග නොගන්නේ බයකට නොව සියලූ දෙනා එක්ව ගමනක් යාමට උත්සාහ කරන නිසා බවද ඔහු පැවසීය.

ශ‍්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය තහනම් කළ පසු මන්ත‍්‍රී ධූරය පවා අහෝසි වී යන බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කීය.

32 views
Main News