අලුත් පාර්ලිමේන්තුවේ ශෂීන්ද්‍රට ලොකු තනතුරක්..

August 11, 2020 at 3:00 pm | lanka C news
අලුත් පාර්ලිමේන්තුවේ ශෂීන්ද්‍රට ලොකු තනතුරක්..

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වරයා ලෙස මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.

ඔහු මෙවර මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැද මනාප ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස තේරී පත් විය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට පෙර ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහුගේ පියා වන චමල් රාජපක්ෂ මහතා ද මීට පෙර පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හොබවා තිබේ.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමට නියමිත යැයි ද වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තුව එළඹෙන විසි වන දා රැස්වීමට නියමිතය.

5,089 views

18 Comments to “අලුත් පාර්ලිමේන්තුවේ ශෂීන්ද්‍රට ලොකු තනතුරක්..”

  1. Manavi says:

    පවුල් ගහ ඉතා වේගයෙන් පැතිරෙන හැඩයි.

  2. Jagath says:

    දැන් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ ය. පවුල් පාලනය පටන් ගත් වගයි.

  3. malraj says:

    kawuru path karath ekaie hitan,,,,

  4. සමන් says:

    පවුල් ගහ හදන්න යන්නේ. මූ අමු ගොන් නාම්බෙක්. උගේ අප්පා වගේ ම වැඩක් නැති එකෙක්

  5. Roshan says:

    Jayawewa….no issues….it’s good….I think he is better than Karu.. .wimalo…..tell will u.

  6. ruwan says:

    රෙද්ද තමයි.ඇවිත් බලපල්ලා නුවර හැටි අද. පාරක යන්න බෑ කාලකණ්ණි ලයිට් එල්ලගෙන පාරවල් බ්ලොක් කරගෙන කරන විකාරෙ.
    මේකද සරල කම? තොපි 225ම හෙන ගහන්න ඕන.

  7. saman says:

    ඉතාම දක්ෂ කෙනෙක්. එතුමා වගේ අය තමයි පාර්ලිමේන්තුවට ඕන.

  8. සොඳුරු says:

    අමුම අමු ගොන් නාම්බෙක්..උද්දච්ච කම විතරයි තියෙන්නෙ

Main News