අලුත් පාර්ලිමේන්තුව රැස්වෙන්නත් පෙර අලුත් ආණ්ඩුවට විරුද්ව විරෝධතාවක්…

August 17, 2020 at 12:40 pm | lanka C news
අලුත් පාර්ලිමේන්තුව රැස්වෙන්නත් පෙර අලුත් ආණ්ඩුවට විරුද්ව විරෝධතාවක්…

උපාධිධාරීන් සදහා මෙවර රැකියා ලබාදීමේ අසාධාරණයකට ලක් වී යැයි පවසමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් විරෝධතාවක් කැඳවා තිබේ.

හෙට උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරියේ දී මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණයට පෙර බඳවාගත් ඇතැම් පිරිස් ද මෙවර ප‍්‍රසිද්ද කර ඇති ලැයිස්තුවෙන් ඉවත් කර දමා ඇති බවයි.

ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ පෞද්ගලික අංශයේ සුළු රැකියාවක් කිරීමේ යයිද සංගමය සඳහන් කරයි.

58,747 views

4 Comments to “අලුත් පාර්ලිමේන්තුව රැස්වෙන්නත් පෙර අලුත් ආණ්ඩුවට විරුද්ව විරෝධතාවක්…”

  1. kamal says:

    දුන්නත් වැරදි නුදුන්නත් වැරදි, පිස්සු හැදෙනවා. බලංශයේ සිට A/L දක්වා නොමිලේ ඉගනගෙන තව අවුරුදු 05 ක් රටේ බදු වලින් උපාදි අරන් තම රටට බරක් වෙන්නේ නැතුව දැන්වත් පාඩුවේ මොනවා හරි කරන්ඩ බැරිද ? ලෝකෙම පිළිගත්ත අපේ රටේ උපාදිය දැන් කොහෙවත් ගණන්ගන්නේ නැත්තේ ජවිපාවෝ campus වල කරන පිස්සු වැඩ නිසා

    • Jaya says:

      Mewata Yanna epa Mewa sanwidanaya karanne awastha wadiyo dethun denek unbalanne kohoma hari anduwa karagena yana me wada piliwala kada kappal karanna. okunta heta hodata nelanna tiyenne ismayanna.

  2. උඹලා පාරට එවන්නේ ජෙප්පෝ නම් උන් ගෙන්ම ඉල්ල ගනිල්ලා????

  3. Ranjith says:

    නොමිලේ ප්‍රථමික, ද්විතික සහ විශ්වවිද්‍යාල අද්‍යාපනය ලබාගෙන අපට රජයේ රැකියා දියව් කියලා පෙළපාලි යන එකම රට ලංකාව. කිසිම රටක රජයක් රැකියාවල් සොයා දීමට බැඳිලා නෑ රැකියා හොයා දෙන්නෙත් නෑ. අපිත් විශ්ව විද්‍යාල වල ඉඳලා කට්ට කාලා ස්වයං රැකියා සොයාගෙන වැඩ කෙරුවේ. මුන් රජයේ රැකියා අරන් ඔෆිස් වලට ගිහින් වැඩක් නොකර මහජතාව වැඩක් කරගන්න ආවම උන්ව ඇතිවෙනකම් රස්තියදු කරලා පැන්ෂන් යනකම්ම ඔය සින්දුව ගහගෙන ඉන්නවා. මේවට උල්පන්දම් දෙන්නේ ජෙප්පෝ. උන් කැම්පස් ස්ට්‍රයික් කරවලා අවුරුදු, 3 කෝස් එක අවුරුදු, 4ක්‌ පහක් ඇදල කැම්පස් යන එවුන් කාලකන්නි කරනවා. යකෝ රස්සා කරනවා නම් උන්ගේ නම් කපන්නේ නැතුව පුළුවන් ද?

Main News