අලුත් බදු පනත නිසා මසකට 41,000ට වඩා උපයන සියල්ලන්ට බදු.. කාර්යාල කාර්ය සහායකටත් ආදායම් බදු…

August 27, 2017 at 11:20 am | lanka C news
අලුත් බදු පනත නිසා මසකට 41,000ට වඩා උපයන සියල්ලන්ට බදු.. කාර්යාල කාර්ය සහායකටත් ආදායම් බදු…

යෝජිත නව බදු පනත තුලින් මසකට රුපියල් 41,000කට වඩා උපයන සියළු දෙනාට ආදාවම් බදු ගෙවීමට සිදුවන බවත් ඒ අනුව කාර්යාල කාර්ය සහායකයාටත් ආදායම් බද්දක් පැනවෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

මෙරට සෑම පුද්ගලයෙකුටම බදු අංතයක් දෙන බවට මුදල් ඇමති පවසා තිබුණද එවන් ක‍්‍රමයක් ලෝකයේ කිසිදු රටක ක‍්‍රියාත්මක නැතැයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

විශාල ලාබ ලබන සමාගම්වලින් බදු අයකරනු වෙනුවට සාමාන්‍ය ආදායමක් ලබන පුද්ගලයින්ට මෙම නව පනතින් බදු පනවා ඇති බවද ඔහු සදහන් කරයි.

168 views