අලුත් මනාල ජෝඩුව ජයට මගුල් කන්න යන මුදල් දමා පොදුවැඩ රැුසක් කරයි..
June 13, 2018 at 12:40 pm | lanka C news
සිය විවාහ මංගල උත්සවයේදී අරක්කු, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත් පාසලට පොදු සේවාවන් රැසක් ඉටු කොට විවාහ උත්සව දිනයේදීම ඒවා විවෘත කර ජනතා අයිතියට පැවරූ අපූරු මංගල්‍යයක් ඊයේ (12) අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයේදී දක්නට ලැබුණි.
අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ සිය නිවෙසට පැමිණෙන විට සංඝරත්නයේ ආශීර්වාද මැද දෙපාර්ශ්වයේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් මෙම සත් කාර්යයන් විවෘත කෙරිණි. අහුන්ගල්ල කටුවිල කණිටු විදුහලට අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩාපිටියක් සකස් කිරීම, ඒ සදහා ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, කටුවිල ජනතාව වෙනුවෙන් බස් මගී ආවරණයක් ඉදි කිරීම මේ යටතේ සිදුකර තිබුණි.
මෙම පොදු සේවාවන් විවෘත කිරීමේ අවස්ථාවට බළපිටිය බෞද්ධ කටයුතු සමායෝජක අහංගම මෛත්‍රි මූර්ති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය, දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අසෝක ධනවංශ, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්මු ආරියවංශ, බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්. සමන් ද සිල්වා ඇතුළු බළපිටිය ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන්, කටුවිල කණිටු විද්‍යාලයේ විදුහල්පති චින්තක රාජකරුණා යන මහත්ම මහත්මීන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනාල මහතාගේ පියාවූ ආචාර්ය පිටියගේ ජයසේන මහතා මෙසේ කීය.
මේ පාසලට ක්‍රීඩා පිටියක් තිබුණේ නැහැ. විදුහල්තිතුමා මීට මාස දෙකකට පමණ ඉහතදී මට කතා කරල කිව්වා ක්‍රීඩා පිටිය සකස් කර ගැනීමටත් පොඩි ක්‍රීඩා මණ්ඩපයක් හදා ගැනීමටත් අවශ්‍යයි කියල. මමත්, මගේ පියා වූ කොස්ගොඩ ගම් සභාවේ හිටපු උප සභාපති පිටියගේ දාවිත් අප්පුහාමි මහතාත් ඉගෙන ගත්තේ මේ ඉස්කෝලේ.
මගේ පුතාගෙ විවාහ මංගල්‍යයට දින යොදා ගෙන තිබුණේ. මගුල් ගෙදර කටයුතු ගැන සාකච්ජා කරන විටදී අරක්කු සිගරැට් හා කට ගැස්ම වලට පමණක් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය වෙන බව වැටහුණා. ඒ වෙලාවේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමත් සිහියට නැගුණා. අරක්කු වලට නිකරුණේ වැය කරන මුදලින් නැසී ගිය පුතාගේ සීයා සිහිවීමටත්. පුතා ඉගෙන ගත් පාසලටත්, ගමටත් සේවයක් ලෙස ක්‍රීඩාපිටිය, ක්‍රීඩා මණ්ඩපය හා බස් නැවතුම ඉදිකිරීමට තීරණය කළා.
අද මගුල් ගෙදරක් කරන විට දරන්න බැරි විශාලම වියදම තමයි අරක්කු හා සිගරැට් වලට යන වියදම. එයින් ඇති ඵලයකුත් නැහැ. මම මේ යෝජනාව ගෙනා විට පුතා බොහොම සංතෝෂයෙන් කැමති වුණා. මෙම සේවාවන් ඉටුකිරීමට හැකිවිම ගැන සතුටු වෙනවා. ඇත්තෙන්ම මෙය රටට ඉතා හොද ආදර්ශයක්. මතට තිත තැබිය හැක්කේ මෙවැනි කාරණා තුලින් විතරක් පමණ යැයි ද කීය.
පළමුව මනාල යුවළ විසින් බස්නැවතුම පොළ විවෘත කරන ලද අතර දෙවනුව ක්‍රීඩාගාරයත් ක්‍රීඩා පිටියත් විවෘත කරනු ලැබූහ. මනාලිය එවන ලද පන්දුවකට පහර දී ලකුණු හතරක් රැස් කරමින් මනාල මහතා ක්‍රීඩාපිටිය විවෘත කරනු ලැබුවේ කාගෙත් අත් පොළසන් හඩ මධ්‍යයේය. මේඅවස්ථාව දැක බලා ගැනීමට පාසල් සිසු සිසුවියන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.
– ජයකාන්ත ලියනගේ
සුබ අනාගතයක් පතමු බුදු සරණයි
දුන්දේ ලැබෙනවා සහතිකයි අනාගතේ
ආදර්ශයකි කල සැමට නාස්ති විලාසිතේ
පින්කඳ දරුවො ලැබෙනට මතු අනාගතේ
සතරවරම් දෙවි රකිත් දෙන්නම අනාගතේ
What a great idea…..Congratulations….
බුදුහිමි කියා දුන් මධ්‍යම ප්‍රතිපදාව 21 වන සියවසට ඉතා අගනේය
Athi Wishishtaiy. Great.
That is their fun.
But we can not say every one should do this.
But every one can plane their wedding arcding to their income.Not as a show by geeting milions of loans.
These are real people
Great idea, great people, best wishes, may they receive many more than given.
Wish you both choicest blessings and a blissful wedded life.
Wathsala ehema neme neda LOL