අලුත් මුදල් ඇමති වැඩ අල්ලයි.. සීනි කිලෝව මිල ඉහලට..
June 7, 2017 at 5:30 pm | lanka C news
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සීනි කිලෝවක් සදහා ආනයනික බද්ද රුපියල් 13 සිට රුපියල් 23 දක්වා රුපියල් 10කින් ඉහල දැමූ බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
ලෝක වෙළදපලේ සීනි මිල අඩු වීම නිසා දේශීය සීනි නිෂ්පාදකයා රැුක ගැනීමට මෙම බද්ද පැනවූ බවද අමාත්‍යංශය සදහන් කරයි.
කෙසේ වෙතත් සීනි ආනයනය කරන පිටකොටුවේ තොග වෙලදුන් පවසන්නේ මෙම බදු පැනවීමත් සමග වෙලදපලේ ආනයනික සීනි කිලෝවක් රුපියල් 7-8කින් ඉහල යනු ඇති බවයි.