අලුත් රටට අලුත් බෙහෙත්… පිළිකා ඖෂධ, හෘද සැත්කම් ස්ටෙන්ට් නාල, අක්ෂි කාච, විකලාංග උපකරණ මෙරටම නිපදවයි..

October 30, 2020 at 8:02 am | lanka C news
අලුත් රටට අලුත් බෙහෙත්… පිළිකා ඖෂධ, හෘද සැත්කම් ස්ටෙන්ට් නාල, අක්ෂි කාච, විකලාංග උපකරණ මෙරටම නිපදවයි..

“අලුත් රටට-අලුත් බෙහෙත්” වැඩපිළිවෙළ යටතේ නව ඖෂධ නිෂ්පාදනගාර පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා අක්කර 64ක භූමියක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට පවරා දීම අද බත්තරමුල්ලේ පිහිටි නාගරික සංවර්ධන අමාත්‍යංශයේදී සිදු කෙරුනා.

මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධනය අධිකාරියට අයත් භූමියක් මෙලෙස පවරාදුන් අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව එහි සිය දෙවන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රය ඉදිකිරීමට නියමිතයි.

ඒ අනුව එහි නව කර්මාන්තශාලා 5 ක් ඉදිකිරීමට යෝජිත අතර එලෙස ආරම්භවන්නේ පිළිකා ඖෂධ, හෘද සැත්කම් සඳහා යොදාගන්නා ස්ටෙන්ට් (stent) නාල, අක්ෂි කාච සහ විකලාංග ශෛල්‍ය වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලායි.

කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙන අතර වසර දෙකක් තුල ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය. ඒ සඳහා රජය වැයකරන මුදල රුපියල බිලියන 8 ක්.

මෙම අවස්ථාවට මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යතුමාන්ලා , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ අම්‍යාංශ දෙකෙහි ලේකම්වරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ද එක්ව සිටියා.

– media unit

24,426 views

10 Comments to “අලුත් රටට අලුත් බෙහෙත්… පිළිකා ඖෂධ, හෘද සැත්කම් ස්ටෙන්ට් නාල, අක්ෂි කාච, විකලාංග උපකරණ මෙරටම නිපදවයි..”

  1. rohan says:

    Now it is clear why FB post against Channa Jayasumana suddenly pop up

  2. Saman says:

    Doctor’s this is your time do not behave like idiots

  3. Dp says:

    Excelent …way to go. This why it is important to have educated people as ministers.

  4. Saman says:

    රාජිත මන්ගල වගේම JVPUnp දොස්තර බෙහෙත් මාෆියාව පටන් ගයි FB හරහා මෙතුමාට මඩ ගහන්න මොහුව රුක ගැනීම අපේ වගකීමක්

  5. නයා says:

    Dr Chandana Jayasumana,
    Rising Star of Srilankan Politics. Jayawewa

    • Hudson says:

      He is an idiot and a quack doctor. He is taking the name for others work. And this guy is the suddharshana paniya.

      • Dp says:

        He is doing an excellent job as Minister..thats all that’s important. People like you will always find a cause to discredit a person taking an initiative to get the county moving.you can keep protesting with your 3% ,but all will support Dr Channa’s effort

  6. Sen says:

    Great move

  7. nuwan says:

    ඉතාමත් අගය කලයුතු හා විශිෂ්ට ක්‍රියාවක්. සේනක බිබිලේ මහාචාර්යවරයාට ඇත වූ ඉරණම මොහුට අත්විඳීමට ඉඩ නොදීම අපගේ වගකීමක්.

    • himali says:

      “It is no secret that the Pharmaceutical Industry is next only to the Arms Industry in the world, and they are known to resist any incursions into their empires by whatever means, including unethical means. The suspicion that Professor Bibile’s death in 1976 while working for UNCTAD in the Caribbean, extending and helping to implement his policies which by now had gained international recognition and acceptance, was not due to natural causes and that external forces had a hand in it, lingers amongst some even to date.”

Main News