‘අලුත් රටට අලුත් බෙහෙත්’… හෘද රෝගීන්ටත් බෙහෙත් මෙරටදීම නිපදවයි…

October 19, 2020 at 5:30 pm | lanka C news
‘අලුත් රටට අලුත් බෙහෙත්’… හෘද රෝගීන්ටත් බෙහෙත් මෙරටදීම නිපදවයි…

නව ඖෂධ නිෂ්පාදනය කිරීමේ “අලුත් රටට අලුත් බෙහෙත්” වැඩපිළිවෙළ යටතේ ⁣Clopidogrel ඖෂධය එළිදැක්වීම අද දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

හෘද රෝගීන් සහ ආඝාත රෝගීන් සුලභව භාවිතා කරන ඖෂධයක් වන මෙය රාජ්‍ය අංශයට ලබා ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 317 ක් වැය කරයි.

පෞද්ගලික අංශය මෙම ඖෂධය ආනයනය කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 400 ක් වැය කරයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා විසින් ඖෂධය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

– midea unit

27,328 views

7 Comments to “‘අලුත් රටට අලුත් බෙහෙත්’… හෘද රෝගීන්ටත් බෙහෙත් මෙරටදීම නිපදවයි…”

  1. tharaka says:

    me manussaya withrai dunna wade karanne wena baila gahanne nathuwa …..,,jayawewa. kollonta rasa tikakwath set wenawa, rata yanna one ekath aduwenawa

  2. Mangala says:

    වියත්මග ගැන කවුරුත් මුකුත් කිව්වද..අාරම්භය හොඳ නම් දිගු ගමනක් යා හැක.

  3. Saman says:

    This should really be appreciated. Good silent work. Well done..

  4. Jeevika says:

    This minister is the only one who is doing the work assign to him. Go ahead. Make use of the brain and the good heart with in you.

  5. ලොලිපොප් මොංගල් says:

    කොහොම හරි 2025 වෙනකොට රටට අවශ්‍ය බෙහෙත් ටික සේරම රට අැතුලෙම නිෂ්පාදනය කරල, අතිරික්තය පිටරටට යවන තත්වයට ගෙන එන්න. ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ එපමනයි.

  6. ඩී says:

    ශාපි වද නැද්ද මන්දා.

Main News