අලුත් ව්‍යවස්තාවක් අවශ්‍ය නෑ..- අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් කියති..
January 16, 2019 at 11:20 am | lanka C news
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නැති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් කියා සිටිති.
උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එම විහාරස්ථානයට ගොස් උන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.
මේ මොහොතේ අවශ්‍ය වන්නේ පළාත් සභා මැතිවරණය මිස ව්‍යවස්ථාවක් නොවන බව ද පැවසූ මහනාහිමියෝ මැතිවරණය ඉක්මන් කිරීම වඩා වැදගත් බව ද කියා සිටියහ.
ඉන් අනතුරුව රාජ්‍ය ඇමතිවරයා මල්වතු මහා විහාරයට ගිහින් ගොස් මල්වතු නා හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
මල්වතු මහනාහිමියන් එහිදී නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රට තුල විරෝධයක් මතුව ඇති බව පෙනෙන්නට තිබෙන බව කියා සිටියහ. ජනතාව මේ මොහොතේ ජීවත්වන්නේ අසීරුවෙන් බවත් ඊට වැඩ පිළිවෙළක් අවශ්‍ය බවත් උන්වහන්සේ එහිදී කියා සිටියහ.
රට බෙදන පළාත් සභා මැතිවරණය අස්ගිරිය අනුමත කරයි..මෙය බෙදුම්වාදීන් ගේ එක් ජයග්‍රහණයක්
අන්තවාදී ෆෙඩරල්වාදීන් ට ,බෙදුම්වාදීන් ට මහ පුටු දී රට බෙදන ෆෙඩරල් ව්‍යාවස්ථාව පැරදවිය හැකි ද?
මේ ආණ්ඩුව විසුරුවාහැරීමට බලකරමින් මුළු රටේම සිංහලයන් පාරට බැසිය යුතුයි ..අපේ රට අනතුරේ
අගමැති රනිල් ඉල්ලා අස්වී ගෙදර යනු
කරුනාකරල අස්ගිරියට අපහාස කරන්න එපා. අස්ගිරිය හැමදාමත් අපේ රට වෙනුවෙන් පෙනීසිටිනවා. පලාත්සභා ඡන්දය තිව්වම රට බෙදෙන්නේ කොහොමද?
අපේ රට රනිල්ගේ බුදලයක් නොවේ වසර 5 කට රට පාලනය කරන්න ආපු වසලයෙක්ට අපේ රට බෙදන්න කිසිම අයිතියක් නැත
රට වනසන ව්‍යවස්ථා මර උගුලට එරෙහි හෙළයෙනි පෙරට වරෙව්
නව ව්‍යවස්ථා මර උගුල හකුලා ගනු ..
මල්වත්ත UNP එක්ක එකතු වී රට සහ බුධාගම විනාශ කරනවා . මොන විනේසේ උනත් මල්වත්තේ උන්ට අවූලක් නැහැ .
රනිල් මහත්තයෝ මල්වත්තේ ලොක්කව චිට් එකකින් පාර්ලිමේන්තුවට ගමුකො. මොකද unp එකට මේ තරම් සේවයක් කරන කෙනෙක් වෙන නැහැ.