අලුත් ව්‍යවස්තාව කොටින්ගේ උවමනාවටයි..

January 29, 2019 at 12:00 pm | lanka C news
අලුත් ව්‍යවස්තාව කොටින්ගේ උවමනාවටයි..

අලුත් ව්‍යවස්තාව ගෙන එන්නේ කොටි සංවිධානයේ උවමනාවට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ බල මණ්ඩල සමුළුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මන්ත‍්‍රවරයා තව දුරටත් මෙසේද පැවසීය.

මේ බිම තරුණ තරුණියන්ට අලුත් තැනක් නෙමෙයි. මේ භූමිය තරුණ තරුණියන් සිය ගනණක් ජීවත ගලවා ගත්ත බිමක්. මගේ තාත්තා 88-89 භිෂණ කාලේ තරුණ තරුණියන් සිය ගණනක් ජීවිත ගලවා ගත්තා.ඹවුන්ව මේ ගෙදර නවතාගෙන ආරක්ෂා කලා. තාත්තත් එක්ක මමත් උදේ පාන්දර 2-3 ඉදලා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලීසි ගානේ ගියා කලින් දවසේ උස්සපු තරුණ තරුණියන් බේරගෙන ආවා. ඔවුන් එක්ක පානුයි පරිප්පුයි කමින් ඔවුන්ව මෙතන තියාගෙන රැක්කා. එහෙම බිමක් මේක.

අද මේ රට පාළනය කරන්නේ  අලි කොටි සීනු තුන් හවුල මේ රට විනාශ කරලා ඉවරයි. දැන් මේ ව්‍යවස්ථාව ගේන්න හදන්නේ කොටි උවමනාවට. ඒකට සීනුවත් උඩ ගෙඩි දෙනවා. මේ කුමන්ත්‍රණය පරාජය නොකළොත් මේ රට අපට අහිමි වෙනවා. ඒ නිසා මේ රට බේරා ගැනීම සදහා මෙරට තරුණ පරපුර පෙරට ආ යුතුමයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

70 views
Main News