අලුත් ව්‍යවස්තාව රටට ගිල්ලවීම එජාප ‘හැරවුම් ලක්‍ෂය’ට බාර කරයි..

January 18, 2019 at 4:40 pm | lanka C news
අලුත් ව්‍යවස්තාව රටට ගිල්ලවීම එජාප ‘හැරවුම් ලක්‍ෂය’ට බාර කරයි..

නව ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් වීමත් සමඟ ඇති වී තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඒ පිළිබඳ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් දැනුම්වත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ. පක්‍ෂයක් ලෙස මෙවැනි වැඩපිළිවෙලක් අවශ්‍ය බවට හඩ නගමින් එහි සියළු සංවිධාන කටයුතු සිදු කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර හා එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ සිටම ජේ.ආර්. ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවට යෝජනා වෙමින් තිබේ. මෙම තත්ත්වය වසන් කරමින් වර්තමානයේ ඇතැම් දේශපාලන නියෝජිතයින් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මත පලකරමින් සිටී. එබැවින් මෙම තත්ත්වය පිළිබඳ මහනාහිමිවරුන් වහන්සේලා දැනුම්වත් කළ යුතු බවට වූ යෝජනාව නිරන්තරයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පාලිත රංගේ බණ්ඩාර මහතා ලිපි ගොනු කිහිපයක්ම පිළියෙල කරන ලදී. එහි පළමුවැන්න වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය සමයේ සිට මේ දක්වා කාලය තුළ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවට කර ඇති ප‍්‍රකාශ හා නව ව්‍යවස්ථාවක් හදුන්වාදෙන බවට පොරොන්දු ලබාදුන් නායකයින්ගේ ප‍්‍රකාශ ඇතුලත් ලිපිගොනුවයි.

තවත් ලිපි ගොනු කිහපයක් මේ සඳහා යොදා ගෙන තිබේ. සියල්ල සකස් කිරීමෙන් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මහතා කණ්ඩායමකට කතා කළේය. ඒ අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, ලකී ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් මුණ ගැසීමට මහනුවර බලා පිටත් වූහ.

නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇති බවට විරුද්ධ පාර්ශව විසින් කරන ප‍්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව උන්වහන්සේලාට පැහැදිලි කර දීම මෙම හමුවේ මූලික අරමුණයි. එමෙන්ම මේ වන විට ඉදිරිපත්ව තිබෙන්නේ ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මිස, අවසන් ලියවිල්ලක් නොවන බව පැහැදිලි කර දීමට පියවර ගන්නා බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මේ අතර අද දිනයේ දී තවත් කරුණු ගණනාවක් පිළීබඳ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් දැනුම්වත් කිරීමට නියමිතයි.

– රංග බණ්ඩාර මාධ්‍ය එ්කකය

18,653 Viewers

8 Comments to “අලුත් ව්‍යවස්තාව රටට ගිල්ලවීම එජාප ‘හැරවුම් ලක්‍ෂය’ට බාර කරයි..”

  1. Sam says:

    Ape sungayo ham kehelmalakatama ohe kagahanawa thamange agama darmaya wada karaganin.

    • ජිවක says:

      මේ සෑම් කියන එකාගේ කොමෙන්ටුව දැක්කම පැහැදිලියි මේ වියවස්තව ගේන්නේ බෞද්ද විරෝදී එවුන් බව .අපේ හාමුදුරුවන් එක්ක මුන් මෙතරම් තරහා අන්න එකයි .මුන්ට ඕනා ඔය වියවස්තව ගෙනල්ලා බෞද්දයා නැතිකරලා දාන්න
      බටහිර රටවල වියව්ස්ථාවෙන් ආගම ඉවත්කිරීම ගැන අද ඒ රටවල උගතුන් හා දේශප්‍රේමින් බොහොම ලතවෙනවා .අද ඒ රටවල මුල් පදිංචි කරුවන්ට ඒ නිරාගමික වියස්තා නිසා තමුන්ගේ ජාතිය නැතිවීමේ තර්ජනයට මුහුණ පාන්න සිදුවෙලා .ජර්මනිය ,බෙලිජියම , නෙදර්ලන්තය ,ප්‍රංශය ,ස්විට්සර්ලන්තය එංගලන්තය ,ස්වීඩනය ,ඔස්ට්‍රියාව ,ඩෙන්මාර්කය අද තර්ජනයට ලක්වෙලා .
      ක්‍රිස්තියානි තමුන්ගේ රටේ පන්තිකාමරවල සවිකරලා තිබුණු කුරුසය ගලවන්න කියල රටට ඊයේ පෙරේදා ආපු සන්ක්රමනිකයෝ නඩු දාන තත්වයක් ඇතිවෙලා .
      අපිට පිස්සුවක් නෑ මේ රට ෆෙඩරල් කරන්න /ඔරුමිත්තනාදු කියන්නේ ඒකීය නෙවෙයි ඒකීය කියන්නේ ඔරුමිත්තනාදු නෙවෙයි .මේ තනිකරම යන්නේ මුලාව .අනික බලය විමද්‍යගත කලාම සස්කෘතික කටයුතු භාර ඒ ඒ පළාත්වලට එවිට බුදුදහම ගැන වගන්ති වලින් වැඩක් නෑ වෙන්න ඕනා වැඩේ වෙලා ඉවරයි
      වියවස්තා වෙනසක් මේ රටට අවශ්‍ය නෑ .මේ රට ෆෙඩරල් කරන එක තනිකරම පිස්සුවක් මේක ඕනා වෙලා තිබෙන්නේ බටහිර බලවේග වලට ආසියාතික බල අරගලයේ වේගය සිමා කරන්න .හාමුදුරුවරුන් හරියටම හරි උන්වහන්සේලා මේ ගැන නිවැරදිව ආවබෝදකරගෙන තිබෙනවා

    • U.N.J.V.P says:

      Paw ban umba.
      Umbe amma ballek ekka nidagena thiyenne.

  2. Shasi says:

    පවු මු මේ දගලන්නේ අපට සේවයක් කරන්න කැබිනට් ඇමති කමක් ගන්නනේ 8 පාස් කොස්ස

  3. බන්ඩා says:

    දැනටමත් මහනාහිමිවරැ අලිකොටිසීනු පව්‍යවස්ථාව අධ්‍යනය කර ඒ පිළිඹදව තම මතය ප්‍රකාෂ කර ඇත. එනිසා දැන් රංඟ බන්ඩාර කලයුත්තේ ‘නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයේ’ ඉතිහාසය ගැන බය්ලා දෙඩවීම නොව තම ස්වාමින් වන අලිකොටිසීනු කල්ලිය වෙනුවෙන් ‘නව ව්‍යවස්ථාවේ’ අඩංගු කරැණු පිළිඹදව තමන්ගේ මතය එලි දැක්වීමය.

    • ජනක says:

      දැන් තැන තැන විද්වතුන් කියල කියාගන්න අය ,වුර්තිකයන්ගේ ආගමික සංවිදාන ඉස්ලාමික සංවිදාන වගේ අයගේ සභා වල දේශනා කරගෙන යනවා මේ ආගම් තමයි ප්‍රශනය ලෝකේ ආගම් නැති රටවල තමා ගැටුම් අඩුම කියල .ඉතින් අනේ අපේ අයත් ඔය ගැටේට අහුවෙනවා ඔය කතා කියල ඔය එන්නේ අපේ මිනිසුන්ට බුදුදහම වියවස්තාවෙන් ඉවත්කිරීම හොඳ දෙයක් හැටියට දකින්න මනස සෝදන්න .මුන්ගේ කතා වලට අහුවෙන්න එපා ..

  4. Memopad says:

    Yes, please meet the prelates accompanying Sumnthiran, the survivors of your leader, not your party. It’s utter shame and disgrace to represent UNP like you and your leader

  5. ආණමඩුවම විනාශ කල ගෙම්බා.
    හැරවුම් ලක්‍ෂයක් ගැන කියමින් උම්බෑ.
    මහ නායක භිමිවරැන් රවටයි බේගල් පුම්බා.
    කැබිනට් ඇමතිකම නැති දෝසෙද මන්දා.

    ඉඩම් ටිකත් ආණමඩුවේ සින්නක්කර උන හින්දා.
    වොඩ්කා වතුර කොලුවගේ ගෙම්බර් වින්දා.
    අනේ ආණමඩුවට යන කල හන්දා.
    අයියනායක දෙවිඳුන් උතුරට වැඩියද මන්දා.

    මහානායක හිමිවරැන් ඉදිරියේ දන නමාගෙන.
    ලැජ්ජා නැතිව ඉන්නව බිම බලාගෙන.
    රවටා දුප්පතුන් හිමිදේවල් කඩාගෙන.
    ගෙදරට වී ඉන්නවෙයි තුන්වෙනි නෝනව වඩාගෙන.

Main News