අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් සුළු ජාතීන් ගැන සිතිය යුතුයි..

January 22, 2021 at 4:40 pm | lanka C news
අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් සුළු ජාතීන් ගැන සිතිය යුතුයි..

‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සදහා සියළු ජාතීන්ගේ හා සියළු දේශපාලන පක්‍ෂවල සහයෝගය අවශ්‍යනම් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන්න. එසේ කරන්නේ නම් සමගි ජන බලවේගය නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරිම සඳහා සම්බන්ධ වෙනවා’ යයි විපක්‍ෂ නායක කාර්්‍යාලයේදි මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේය.

රජය විසින් නව ව්‍යවස්ථාවක් සකස් කිරිම සඳහා නව කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව සදහා සමගි ජන බලවේගයේ යෝජනා ලබාදෙන ලෙස ආරාධනා කර තිබෙනවා. අපේ ස්ථාවරය තමයි රජයට හිතවත් නිතිඥ මහත්වරු මෙම කමිටුවට පත් කරගෙන ව්‍යවස්ථාවක් හදන්න බෑ. මේ නිතිඥ මහත්වරු සමග අපේ ගැටළුවක් නෑ. නමුත් නව ව්‍යවස්ථාවක් සකස් කරනවානම් රටේ ඉන්න සියළු ජන කොටස්, සියළු දේශපාලන පක්‍ෂ ඒකරාශී කරගෙන මේ කටයුත්ත කරන්න ඕනේ.

1946 සොල්බරි සාමිවරයා නිදහසින් පසු ලංකාවට ආවාම එතුමා අපේ රටේ සියළු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡුා කරලයි නව ව්‍යවස්ථාව හැදුවේ. එදා සොල්බරි සාමිවරයාගේ වයවස්ථාවට සියළු ජාතීන්, සියළු පක්‍ෂ කැමති උනා. ඒ ව්‍යවස්ථාවේ 29 වගන්තිය යටතේ සුළු ජාතින් ආරක්‍ෂා කරගැනිමට සම්බන්ධ වගන්තියක් එහි ඇතුලත් වුනා.

නිදහසින් පසු දෙවතාවක් අපි ව්‍යවස්ථා නිර්මාණය කලත් ඊට සුළු ජාතින්ගේ සහයෝගය ලැබුනේ නෑ. සුළු ජාතීන් කියන්නේ අපේ රටේ ජනගහනයෙන් 30%ක්. නමුත් ඔවුන්ගේ සහයෝගය ලැබුනේ නෑ. ඉතිං අපි කියන්න කැමතියි රටේ අනාගතය ගැන හිතලා ව්‍යවස්ථාවක් හදනවානම් සියළු දේශපාලන පක්‍ෂ, සියළු ජාතීන් එක්ව නව ව්‍යවස්ථාවක් සකස් කල යුතුයි. එම කාර්්‍යය කරන්න නම් මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කල යුතුයි. මොකද පාර්ලිමේන්තුවේ සියළු ජාතීන්, සියළු පක්‍ෂ ඉන්නවා. සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් රජයට ලිපියක් මගින් දන්වා සිටිනවා.

යහපාලන රජය කාලයේ මම සභානායක වශයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන්න. එදා මුළු පාර්ලිමේන්තුවම එම යෝජනාව පිළිගත්තා. සියළු මන්ති‍්‍රවරු නියෝජනය වන කමිටු 20 ක් හැදුවා ඒ විතරක් නොවේ විපක්‍ෂයේ මන්ති‍්‍රවරුන්ටද එම කමිටුවල සභාපතිත්වය ලබාදුන්නා. මෙහෙයුම් කමිටුවට ඒ කමිටු 20 ම වාර්ථා ලබාදුන්නා. දකුණේ මහ ඇමතිවරු තමයි එදා වැඩිපුර බලතල ඉල්ලා සිටියේ. අපි සිවිල් සංවිධාන සමග සාකච්ඡුා කරලා, අපි රට වටේට කණ්ඩයමක් යැව්වා නව ව්‍යවස්ථාවට යෝජනා ලබාගන්න. අවසානයේ අතුරු වාර්ථාවක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ අතුරු වාර්ථාව දින 05ක් සාකච්ඡුා කලා. පසුව අතුරු වාර්ථාව හා පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරුන් සඳහන් කරපු කරුණු ඇතුලත් කරලා අවසන් වාර්ථාව සකස් කරන්න සුදානම් වෙලා ඉන්න මොහොතක තමයි 2018 ඔක්තොබර් මාසයේ අපේ ආණ්ඩුව විසුරුවා හැරියේ.

මම රජයට කියනවා නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡුා කරපුවා සැලකිල්ලට ගන්න ඕනේ නෑ. නමුත් ඒ ක‍්‍රමවේදය අනුගමනය කරන්න. රජය රටේ අනාගතය ගැන හිතනවානම් නව ව්‍යවස්ථාවට සියළු ජාතීන්ගෙ, සියළු පක්‍ෂවල සහයෝගය අවශ්‍ය නම්, මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කෙරුවොත් අපි අනිවාර්්‍යයෙන්ම නව ව්‍යවස්ථාව නිර්මාණය සඳහා සම්බන්ධ වෙනවා. එ සඳහා පාර්ලිමේන්තුවේ ඉන්න සියළු පක්‍ෂවල සහයෝගය ලැබෙනවාට සැකයක් නෑ.
ආණ්ඩුවට ඕන විදියට ව්‍යවස්ථාවක් හැදුවොත් ඒක අනිවාර්්‍යයෙන් අසාර්ථක වෙනවා. මොකද ව්‍යවස්ථාවක් කියන්නේ ආණ්ඩුව පමණක් නොවේ, රටේ අනාගතය සුරක්‍ෂිත වෙන්න නම් සියළු ජාතීන්, සියළු දේශපාලන පක්‍ෂ වලට ගැලපෙන ව්‍යවස්ථාවක් මගින් පමණයි රටේ අනාගතය සුරක්‍ෂිත වෙන්නේ.

– මාධ්‍ය ඒකකය

10,574 views

18 Comments to “අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් සුළු ජාතීන් ගැන සිතිය යුතුයි..”

  1. ෂුලු ජාති? says:

    ෂුලු ජාති කවුද අප්පා? අපි ෂුලු නෑ. අල්ලගෙ ඩිසෙන්ඩන්. අපි ලොකු ජාති. අපිට වෙනම නීති. ඇමදාම නඩ ඇමති අපේ. උබලගෙ රජා තෝරන්නෙ අපි. ඉතින් අපි කෝම ෂුලු ජාතිය වෙනවා?

  2. ක ඇරි ව ල්ල says:

    පාකිනකයා නහින දෙහින කාලේ සුලු ජාතීන්ගෙ මෙව්ව එක මසාජ් කරලා චන්ද ටිකක් ගන්න හදන්නේ
    පල් හොරාට ඊලග චන්දෙදි ඇප නැතිවෙනවා කියන එක තේරෙනවා ඇති

  3. මනූෂ නානා says:

    මූ තාම මලේ නැද්ද…. මැරිච්ච මූනක් තියෙන්නේ.. රට ගැන පුදුම වෛරයක් තියෙන්නේ

  4. ඩිංගිරි says:

    රටේ බහුතරය බුරුතු පිටින් තොගේ පක්ෂය ප්‍රතික්ෂේප කොරේ තෝ වගේ අවජාතක වෙසාවෝ නිසා තමයී.

    • RATA WESIYO says:

      Yes,they also must be invited .But it does
      not mean that we should agree to some of their racialistic proposals, which are detrimental to the national interests of the country.No country in the world has ever drafted constitutions betraying the rights of it’s majority citizens.For instance,in many European and American countries ( eg.Denmark,England,Argentina etc. ),Christianity is their state or official religion. Again in almost all the Muslim countries ( eg. Bangladesh, Pakistan, Saudí Arabia ,Maldive islands etc. )Islam is their state religion. In some countries,the constitution is so that they donot give citizenship to the non Muslims and also cannot practice other religions in public.

Main News