අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් සුළු ජාතීන් ගැන සිතිය යුතුයි..

January 22, 2021 at 4:40 pm | lanka C news
අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් සුළු ජාතීන් ගැන සිතිය යුතුයි..

‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සදහා සියළු ජාතීන්ගේ හා සියළු දේශපාලන පක්‍ෂවල සහයෝගය අවශ්‍යනම් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන්න. එසේ කරන්නේ නම් සමගි ජන බලවේගය නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරිම සඳහා සම්බන්ධ වෙනවා’ යයි විපක්‍ෂ නායක කාර්්‍යාලයේදි මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේය.

රජය විසින් නව ව්‍යවස්ථාවක් සකස් කිරිම සඳහා නව කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව සදහා සමගි ජන බලවේගයේ යෝජනා ලබාදෙන ලෙස ආරාධනා කර තිබෙනවා. අපේ ස්ථාවරය තමයි රජයට හිතවත් නිතිඥ මහත්වරු මෙම කමිටුවට පත් කරගෙන ව්‍යවස්ථාවක් හදන්න බෑ. මේ නිතිඥ මහත්වරු සමග අපේ ගැටළුවක් නෑ. නමුත් නව ව්‍යවස්ථාවක් සකස් කරනවානම් රටේ ඉන්න සියළු ජන කොටස්, සියළු දේශපාලන පක්‍ෂ ඒකරාශී කරගෙන මේ කටයුත්ත කරන්න ඕනේ.

1946 සොල්බරි සාමිවරයා නිදහසින් පසු ලංකාවට ආවාම එතුමා අපේ රටේ සියළු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡුා කරලයි නව ව්‍යවස්ථාව හැදුවේ. එදා සොල්බරි සාමිවරයාගේ වයවස්ථාවට සියළු ජාතීන්, සියළු පක්‍ෂ කැමති උනා. ඒ ව්‍යවස්ථාවේ 29 වගන්තිය යටතේ සුළු ජාතින් ආරක්‍ෂා කරගැනිමට සම්බන්ධ වගන්තියක් එහි ඇතුලත් වුනා.

නිදහසින් පසු දෙවතාවක් අපි ව්‍යවස්ථා නිර්මාණය කලත් ඊට සුළු ජාතින්ගේ සහයෝගය ලැබුනේ නෑ. සුළු ජාතීන් කියන්නේ අපේ රටේ ජනගහනයෙන් 30%ක්. නමුත් ඔවුන්ගේ සහයෝගය ලැබුනේ නෑ. ඉතිං අපි කියන්න කැමතියි රටේ අනාගතය ගැන හිතලා ව්‍යවස්ථාවක් හදනවානම් සියළු දේශපාලන පක්‍ෂ, සියළු ජාතීන් එක්ව නව ව්‍යවස්ථාවක් සකස් කල යුතුයි. එම කාර්්‍යය කරන්න නම් මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කල යුතුයි. මොකද පාර්ලිමේන්තුවේ සියළු ජාතීන්, සියළු පක්‍ෂ ඉන්නවා. සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් රජයට ලිපියක් මගින් දන්වා සිටිනවා.

යහපාලන රජය කාලයේ මම සභානායක වශයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන්න. එදා මුළු පාර්ලිමේන්තුවම එම යෝජනාව පිළිගත්තා. සියළු මන්ති‍්‍රවරු නියෝජනය වන කමිටු 20 ක් හැදුවා ඒ විතරක් නොවේ විපක්‍ෂයේ මන්ති‍්‍රවරුන්ටද එම කමිටුවල සභාපතිත්වය ලබාදුන්නා. මෙහෙයුම් කමිටුවට ඒ කමිටු 20 ම වාර්ථා ලබාදුන්නා. දකුණේ මහ ඇමතිවරු තමයි එදා වැඩිපුර බලතල ඉල්ලා සිටියේ. අපි සිවිල් සංවිධාන සමග සාකච්ඡුා කරලා, අපි රට වටේට කණ්ඩයමක් යැව්වා නව ව්‍යවස්ථාවට යෝජනා ලබාගන්න. අවසානයේ අතුරු වාර්ථාවක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ අතුරු වාර්ථාව දින 05ක් සාකච්ඡුා කලා. පසුව අතුරු වාර්ථාව හා පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරුන් සඳහන් කරපු කරුණු ඇතුලත් කරලා අවසන් වාර්ථාව සකස් කරන්න සුදානම් වෙලා ඉන්න මොහොතක තමයි 2018 ඔක්තොබර් මාසයේ අපේ ආණ්ඩුව විසුරුවා හැරියේ.

මම රජයට කියනවා නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡුා කරපුවා සැලකිල්ලට ගන්න ඕනේ නෑ. නමුත් ඒ ක‍්‍රමවේදය අනුගමනය කරන්න. රජය රටේ අනාගතය ගැන හිතනවානම් නව ව්‍යවස්ථාවට සියළු ජාතීන්ගෙ, සියළු පක්‍ෂවල සහයෝගය අවශ්‍ය නම්, මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කෙරුවොත් අපි අනිවාර්්‍යයෙන්ම නව ව්‍යවස්ථාව නිර්මාණය සඳහා සම්බන්ධ වෙනවා. එ සඳහා පාර්ලිමේන්තුවේ ඉන්න සියළු පක්‍ෂවල සහයෝගය ලැබෙනවාට සැකයක් නෑ.
ආණ්ඩුවට ඕන විදියට ව්‍යවස්ථාවක් හැදුවොත් ඒක අනිවාර්්‍යයෙන් අසාර්ථක වෙනවා. මොකද ව්‍යවස්ථාවක් කියන්නේ ආණ්ඩුව පමණක් නොවේ, රටේ අනාගතය සුරක්‍ෂිත වෙන්න නම් සියළු ජාතීන්, සියළු දේශපාලන පක්‍ෂ වලට ගැලපෙන ව්‍යවස්ථාවක් මගින් පමණයි රටේ අනාගතය සුරක්‍ෂිත වෙන්නේ.

– මාධ්‍ය ඒකකය

10,597 views

18 Comments to “අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් සුළු ජාතීන් ගැන සිතිය යුතුයි..”

  1. සුදු මහත්තයා says:

    කිබුල් කදුළු 🤣🤣🤣

    • Alapaluwa says:

      ඇත්ත මු මහා දේශද්‍රෝයියෙක්

      • 🤬🤬🤬🤬🤬🤬🤬 says:

        උඩරට ඉතිහාසය විනාශ කල
        හම්බයන්ට ඉඩම් වික්ක
        දේශද්‍රෝහියා…!

  2. Bandara says:

    ඈ බං බූරුවෝ, කියහං බලන්න බටහිර රටක් ව්‍යාවස්ථාව සුලු ජාතින්ගෙන් අහලා හදපු? මූ කඳ පණුවෙක් වගේ, ප්‍රභාකරන් සහ සහරාන්ට වඩා සිංහල බෞද්ධ ජාතිය වනසන්න කුමන්ත්‍රන කරන්නෙ. මූ වගේ දෙශපාලන අපතයෝ නිසා තමයි මහනුවර දිස්ත්‍රික්කයෙ හම්බයෝ රජවෙලා තියෙන්නෙ. සුලු ජාතින් කියා කොටසක් හැදුවේ ඉංග්‍රීසින් විසින්.

  3. Kamal Italy says:

    සොල්බරිගේ කාලේ සිළු ජාතීන් ඉල්ලුවේ සමගියෙන් සමානාත්මතාවෙන් ජීවත්වෙන්න, ඇද මුන් ඉල්ලන්නේ රට කෑලි වලට කඩල උන්ට රජ කරන්න වෙන වෙනම රාජ්‍යන් හදාගන්න,. මුසුල්මානුවන්ට වෙනම නීතී, වෙනම සැලකිලි, වෙනම පාසල්, හරහා රටම මුස්ලිම් කරණයට පරිවර්තනය කරන්න. මේ නහින දෙහින කාලේ තමුසෙටත් කොන කපාගන්න, අඹුවන් 4 ක්‍ ගන්න හිතුනද? නිකන් නැති ප්‍රශ්න ඇතිකරලා දේශපාලන වාසිගන්න ගොන් ප්‍රකාශ කරලා උන්ට තව උත්තේජන දෙන්නතිව පිනක් දහමක් කරගෙන ඉන්න බලනවා, මොකද ඕන ගොනෙකුට ඔයවගේ ප්‍රකාශ කල හැකියි

  4. Sinhalaya says:

    Me hampadaya rata jathiya pawadena asinhalayek.me kalakanniya kiyana karana de walata kate panuwan gasa kunu wela yamaraju lagata ikmanata pala

  5. නයා says:

    සුළු හෝ මහ හෝ ජාතීන් ඉලක්ක නොකොට මිනිසුන් වෙනුවෙන් ව්‍යවස්ථාවක් හැදූදාට මේ රට දිනුම්.
    එතකන් ඔක්කොම අවස්ථාවාදී දෙශපාලුවෝ දිනුම්

  6. සිංහල බන්ඩා says:

    යහපාලනය 🐘🐅🐪🛎 රැල ඒකීය රට වෙනුවට ඕරුමිත්ත නාඩු වක් හදන්න ට්‍රය් කලා වගේ මතකය්.

  7. COOL says:

    Buruwo me rate ekekata ona widiyata nithi hadanna ba okoma lakikayo Kiya nithi hadanawa misak

  8. Moo kawadawath Sinhala bahuddaya gana kathakaranne na kalakanniya

  9. Sarath Bulathsinghala says:

    පරයෝ, අවුරුදු 70 ක් ගිහින් තාමත් ඔය සුලු ජාතීන් කියන අඬහැරය නිසයි රට බල්ලට ගිහින් තියෙන්නේ!

    මෙවරවත් මහජාතිය ඕන විධියට රට කලොත් අනාගතයක් තියෙයි! නැත්නම් සුලු ජාතිය මහ ජාතිය වෙන දවස ඈතක නොවේ!

    • JANATHAAWA says:

      What if bringing a new constitution?
      The first and foremost wish of the 6.9 million people is to bring a new constitution to safeguard their motherland,culture and long standig civilization of the country. If the present rulers donot give top priority to it or the SJB donot support it, the consequences can be seen to all of them at the future electios. Reinstating the plurality voting system is a must.

  10. david milibanda says:

    Kiriwalla…..Ok…ok…. සුළු ජාතීkayek In Charge.

Main News